දැන් කාලෙ නම් අත් ඔරලෝසුවක් පලඳින්නෙ නැති කෙනෙක් හොයාගන්න බැරි තරම්. එක එක මාදිලියෙ, එක එක විදියෙ ලස්සන ලස්සන අත් ඔරලෝසු පලඳින්න ගෑණු ළමයි විශේෂයෙන්ම හරිම ආසයි. හැබැයි අත් ඔරලෝසුවක් කියන්නෙත් අපේ පැලඳුම්වලම එක අංගයක් නිසා අත් ඔරලෝසුවක් තෝරගනිද්දිත් අපි හරිම සැලකිලිමත් වෙන්න ඕන.මොකද අපි දැනගන්න ඕන අපෙට ගැළපෙනම අත් ඔරලෝසු පලඳින්න. අද කියල දෙන්නේ කොහොමද තමන්ට හරියනම අත් ඔරලෝසුවක් තෝරගන්නෙ කියල.
Movement
මෙතනදි ඔයාලා බලන්න ඕන ඔයාගේ අත් ඔරලෝසු මොන වර්ගෙ එකක්ද කියල. ඒ කිව්වෙ Mechanical ද Quartz ද කියන එක. Mechanical Watches පළඳින එක ලොකු ට්‍රනේඩ් එකක් වුණාට Quarts අත් ඔරලෝසුවල Accuracy එක ගොඩක් ඉහලයි. කාන්තා පාර්ශ්වය නම් Quartz ඔරලෝසු පළඳින්න ගොඩක් කැමතියි කියල තමයි කියන්නෙ, මොකද ඒව හරිම Light weight සහ Maintain කරන්නත් පහසු නිසා.
Size
අත් ඔරලෝසුවක් පළඳිද්දි ඒ අත් ඔරලෝසුවෙ ප්‍රමාණෙ අපේ අතට ගැළපෙනවද කියල බලන්නත් ඕන. හරියට ඇඳුමක් ගනිද්දි අපි අපේ ඇඟට හිර හරි ලොකු හරි ඇඳුමක් ගන්නෙ නෑ. අපේ ඇඟට ප්‍රමාණවත් එකක් තමයි ගන්නෙ. අත් ඔරලෝසුවක් ගනිද්දිත් ඒ කතාව ඒ විදියටම වැදගත්.
මොකද ඔයා කොච්චර වටින ඔරලෝසුවක් ගත්තත් ඔයාගේ අතේ ප්‍රමාණයට ගැළපෙන්නෙ නැත්තම් ඒ වටිනකමෙන් වැඩකුත් නැහැ. ඉතින් හීනි මැණික් කටුවක් තියෙන කෙනෙක්නම් 38 mm විතර ප්‍රමාණයේ පුංචි ඔරලෝසුවක් පළඳින එක තමයි හොඳම. විශාල අත් ඔරලෝසුවක් පළඳින්න ඔයාගෙ අත ඒ ප්‍රමාණයට ගැළපෙන ඕන. ලොකුම ලොකු අතකට පුංචි ඔරලෝසුවක් හරියන්නෙ නෑ.
Material
අත් ඔරලෝසුවක් ගනිද්දි වුණත් Material එකත් බලන්න අමතක කරන්න එපා. ටයිටේනියම් හරි ස්ටේන්ලස් ස්ටීල් අත් ඔරලෝසුවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඊට අමතරව ඉතින් සෙරමික් අත් ඔරලෝසුත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඉතින් ඔයා ඔරලෝසුවෙ Material එක තෝරගනිද්දිත් ඒක ඔයාට ගැළපෙනවද, ඔයාගේ හමේ පැහැයට ගැළපෙනවද කියලත් බලන්න අමතක කරන්න එපා.
Glass
ඔරලෝසු මූණත වීදුරු වලින් හදල තියෙනම් කැඩෙන්න අපහසු උනාට හීරෙන්න තියෙන ඉඩකඩ නම් වැඩියි. සමහරු මිනරල් හරි සිලිකේට් වීදුරු මුහුණත් තියෙන ඔරලෝසු පාවිච්චි කරනව හැබැයි ඒව නම් ඉතින් කැඩෙන්න තියෙන පොසිබිලිටි එක වැඩියි.
Strap / Bracelet
ඔරලෝසුවල ලෙදර් වගේ පටි වගේම යකඩ දම්වැල් වගේ ඒවත් එනවා. ඒ මොන පටිය පාවිච්චි කරත් ඒක ඔයාගෙ අතෙන් ඕනවට වඩා තදටවත් ලූස් එකටත් පළඳින්න එපා. ගානට පළඳින්න තමයි ඕන. යකඩ පටියක් නම් ලෙදර් පටියකට වඩා ලූස් එකට පැලඳුවට් කමක් නැහැ. හැබැයි ඔයා දිනපතා පළඳින අත් ඔරලෝසුවක් නම් හමට හානිකර නොවන වර්ගයකින් හදපු රබර්, සිලිකන් වගේ අත් ඔරලෝසුවක් පළඳින්න පුළුවන් නම් වඩා හොඳයි.
Design
අත් ඔරලෝසු මොඩල් එක ඔයා ඒක පළඳින අවස්ථාව සහ ඇඳුම අනුව වෙනස් වෙන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ඒ වුණාට ඉතින් අත් ඔරලෝසු මහ ගොඩක් ගන්න අපිට එකපාර බැරි වෙයි. ඒ වුණාට ඔයා නිතරම යන එන තැන් ටික බලල මාරුවෙන් මාරුවට දාන්න අත් ඔරලෝසු දෙකක් වගේවත් තියාගන්න පුළුවන්.
Classic
අවස්ථාවට ගැළපෙන, ලෙදර් හරි මෙටල් හරි පටියක් තියෙන අත් ඔරලෝසුවක් අරගන්න බලන්න, පටි මාරු කරන ඔරලෝසු ගන්න පුළුවන් නම් තව හොඳයි. මේ වගේ අත් ඔරලෝසුවක් ඉතින් ඔයාගෙ දිනපතා වැඩවලට පළඳින්න තමයි හොඳ
Unisex
ඔයා Unisex ඔරලෝසු පළඳින්න කැමති කෙනෙක් නම් Minimalist Round Watchtlg යන එක වඩා හොඳයි. ඒ කිව්වෙ රවුම් ඩයල් එකක් සහ ලෙදර් වගේ ටිකක් මහත පටියක් තියෙන අත් ඔරලෝසුවක් කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම පලඳින්න පුළුවන්.
Vintage
Retro,Vintage style එකකට කැමති කෙනෙක් නම් ලස්සන ඒ වගේම සිම්පල් Vintage ඔරලෝසුත් දැන් පහසුවෙන් මිල දී ගන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ වර්ගවල අත් ඔරලෝසු අතරෙ ඔයා පළඳින, ඔයා වඩාත්ම ආස කරන අත් ඔරලෝසුව මොකද්ද?
Life.lk ඇසුරෙන්
පවනි දිලේකා ✍️