පුද්ගල මෙන්ම සමාජ පරිවර්තනයක් ඇති කරමින් බුදුසසුනේ සිදු කරන ලද තෙවන ධර්ම සංගායනාව පදනම් කර ගනිමින් ධර්මාශෝක රජතුමා උතුම් ථෙරවාදී බුදුදහම රටවල් නවයක ව්‍යාප්ත කිරීමට ධර්ම දූත කණ්ඩායම් පිටත් කළ යැවූහ. එවකට “ තම්බපණ්ණිය ” නමින් හැඳින්වූ මෙම ලක්දෙරණට අනුබුදු මිහිඳු රහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූත පිරිස අපේ රටට වැඩම කළ සේක. බුද්ධ වර්ෂ 300 දී පමණ ශ්‍රි ලංකාවට බුදුදහම පැමිණීමත් සමග බෞද්ධාගමික පරිසරයක් තුළ සිංහල අලුත් අවුරුද්ද සැමරීම ආරම්භ වුණා. පුරාතනයේ සිටම බුදදුහම හා සමාන්තරව හින්දු ආගමද, ආගමක් ලෙසින් හඳුනා ගත හැකිය විය. ඒ නිසාම අවුරුදු චාරිත්‍ර හින්දු ජනතාව අතර ඒ ආගමට අනුව ගොඩ නැගී ඇත.
බෞද්ධ දින දර්ශනයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව යෙදෙන දිනය නව වසර උදාව ලෙස සලකනු ලැබේ. බුදදුහම තුළින් පුද්ගල විමුක්තිය ඒකායන පරමාර්ථය බවට පත් කර ගැනීම ප්‍රමුඛත්වය ගත්තද, පුද්ගලයාගේ මෙලොව ජීවිතයේ සතුට සොම්නස, සාර්ථකත්වය, සුවය සියල්ලටම පෙර පූරණය කළ ගත යුතු බව අවධාරණය කර ඇත.
අලුත් අවුරුදු උදාව සමරන ලාංකික ජනතාව මෙකී ලෞකික ජීවිතයේ සාර්ථකත්වය අත්විඳීමට ලැබෙන මහගු අවස්ථාවක් ලෙස සිංහල අලුත් අවුරුද්ද සඳහන් කළ හැක. බක් මාසය ‘භාග්‍යවන්ත ” වූ මාසය ලෙසින් හඳුන්වන්නේද මේ නිසාය.තමා කළ නොකළ දේ පිළිබඳව විමසන්න අත්තනාච අවෙක්ඛ්යය- කථානි අකතානිච මෙම ගාථා පාඨය අනුව “ තමා කළ නොකළ දේ පිළිබඳව විමසන්න ” යන මග පෙන්වීමට අනුව වසරක් ගෙවී නව වසරක් එළැඹෙන විට පුද්ගලයා විසින් ගත වූ වසරේ කළ කටයුතු නොකළ කටයුතු පිළිබඳව විචක්ෂණ බුද්ධියෙන් තමා ගැනම විමසීමක් කර ගැනීම සිදු කර ගත යුතු අතර අඩුපාඩු සකසා ගනිමින් සතුටින් ජීවිතයට ආරම්භයක් ගත යුතුය.
ශක්තිවන්ත මේ බක් මාසයේදී අලුත් අවුරුදු චාරිත්‍ර විධි ක්රමානුකූල මෙන්ම අර්ථාන්විත බවින් යුක්ත වී ඇත්තේ බුදුදහමේ ආභාෂය නිසාය. විවිධ විශ්වාස සිංහල අලුත් අවුරුද්ද හා බැඳී පවතී. අලුත් අවුරුද්ද කී සැනින් සැමගේ සිත්වල ඇති වන්නේ සතුටයි. ලොකු කුඩා කාගේත් සිත් නව සිතුවිළිවලින් පිරී යයි. පුද්ගල සිත සන්සුන් බවින් පිරිපුන් වන්නේද එවිට ඇති වෙන්නේ කුසල සිතුවිළියි.
කුසල සිතුවිලි සිතට ඇති වීමත් සමග ලොකු කුඩා හැම දෙනාම බුදුදහමේ ශික්ෂණයට අනුව කටයුතු කිරීමට පෙළඹෙනු ඇත. නමුත් වර්තමානයේදී බොහෝ පිරිස් මෙම සංස්කෘතික ලක්ෂණයන්ට වැඩි උනන්දුවක් නොදක්වන අතර එයින් පරිහානියට පත්වන්නේ අපට උරුම වුණ අපේම ශිෂ්ටාචාරය බැව් අවධාරණයෙන්ම සඳහන් කළ යුතුය. ඒ නිසාම අනාගත පරම්පරාවට අපේ සිංහල චාරිත්රධර්ම, සංස්කෘතික උරුමය, ආගන්තු සත්කාර ක්‍රමයෙන් බැහැරව යන සමාජයක් ගොඩ නැගෙමින් පවතින බැව් කනගාටුවෙන් වුණත් සඳහන් කළ යුතුය.
නව සඳ බැලීම…
නව සඳ බැලීම වැනි චාරිත්‍ර අද සමාජය තුළ දක්නට නොලැබෙන තත්ත්වයක් ඇතැයි කිවහොත් නිවරැදිය. පරණ අවුරුද්ද ගෙවී ගොස් දවස් තුන්සිය හැට පහක් අලුතින් උදාවෙන අතර එය නිසි ලෙස කළමනාකරණය කර, ජීවිතය සැලසුම් කරගත යුතුය. චිත්ත ශක්තිය වර්ධනය කර ගනිමින් ජීවිතයට නව බලාපොරොත්තු වර්ධනය කර ගැනීමට නව සඳ බැලීම අතීතයේ පටන් පැවැති විශේෂ චාරිත්රයකි.
පුණ්‍ය කාලයෙන් පසුව අවුරුදු චාරිත්‍ර බොහොමයක් සිදු කරන අතර ඒ සියලු කටයුතු පුද්ගලයා තුළ ශක්තිමත් බව ස්ථාපිත කිරීමක් ලෙස හඳුන්වා දිය හැක. ලිප ගිනි මෙලවීම, වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරීම හා ආහාර අනුභවය යන මේ සියල්ල පවුලක සාමුහික එකතුවෙන් සිදු වෙන්නකි. වසරක් ගෙවී තවත් අලුත් වසරක් උදාවෙන අද දවසේ අපේ නිවසේ පවතින සශ්‍රිකත්වය, සෞභාග්‍යය, සමගිය චිරාත් කාලයක් පවතීවා යන ආශිර්වාදය හැම දෙනාගේම ප්‍රාර්ථනය වේ.කෙලෙස් මලින් සිත පිරිසිදු කර ගැනීම නිවනට ප්‍රධාන සාධකයයි. බුදදුහම තුළින් කායික සුවය මෙන්ම මානසික සුවය ඇති කර ගැනීම නීරෝගී ජීවිතයට සෙත සලසන පුද්ගලයෙකුගේ බිහිවීමේ සාධකයක් වේ.
නමුත් අද මෙම චාරිත්‍ර අනාගත පරපුරෙන් බැහැර යන ප්‍රවණතාවයක් ගොඩ නැගී තිබේ. තාක්ෂණය පමණක් අතට ඇසට හුරු වූ ඔවුන් මෙම සංස්කෘතික මංගල්‍යයේ චාරිත්‍ර ගැන නොසලක තැනට පත්ව ඇත. තම නිවසේ ලිප ගිනි මොලවා කිරි උතුරුවා නොගන්නා මව්පියන් එදිනට හෝටලයක දවස ගත කිරීම තරම් අපේ සංස්කෘතික වටිනාකම් ක්ෂය වෙන රටාවක් ගොඩ නැගෙමින් ඇත.
බුදුදහමේ සුවිශේෂී සමාජ ඉගැන්වීමක් කාලාම සුත්‍රයෙන් ඉදිරිපත් කරනු ලැබේ. යමක් නිවරැදිව පිළිගැනීම, තේරුම් ගැනීම, යමක් නොපිළිගැනීම තේරුම් නොගැනීම සිදු කළ යුතු අයුරු මනා සේ පෙන්වා දී තිබේ. කාලාම වැසියන් එම මඟ පෙන්වීම නිසි පරිදි අවබෝධ කර ගෙන දෙළොව සුවපත් කර ගන්නා වාසනාවන්ත පිරිසක් වූහ. බුදදුහම සමග පෝෂණය වුණ අලුත් අවුරුදු චාරිත්‍ර අවබෝධ කර ගෙදරක නිවරැදිව කටයුතු කිරීම තුළින් “ සම්මා සංකප්ප ගෝචරා ” වන බුදුවදනට අනුව සතුට උපදවන සරු දෙයක්ම ලබන්නේය. එවන් භාග්‍යවන්ත පුද්ගලයෙකුගේ මානසික සතුට නිසාම සොම්නසින් පිරුණ මානසික සුවතාවයෙන් යුක්ත ජීවිතයක් ගත කිරීමට හේතු වාසනා ලබනු ඇත.
ඔබ සැමට සුභ නව වසරක් වේවා…තෙරුවන් සරණයි…
කෝන්කටුව ශ්‍රි බෝධිගිරි විහාරාධිපති
ඇඹිලිපිටිය සිරිරතන මූලික පිරිවෙන්
පරිවෙනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී
දොරපනේ ඉන්දරතන හිමි
ශ්‍රි බෝධිගිරි විහාරය
කෝන්කටුව ඇඹිලිපිටිය
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️