අවුරුද්දක් කියන්නේ හැමදේම අලුත් වෙන කාලයක්, ඉතින් නිවසත් පාට එකතුකරන්නත් අමතක කරන්න එපා. පාට ගැන අපි කලින් කතා කරා පාට අපිට දැනේන හැටි, පාට තෝරගන්න ඕන විදිහ, පාට කරන්න ඕන බිත්ති මොනවද, පාට ආලේප කරන්න ඕන ක්‍රමවේද, පාටවල විශේෂතා වගේ ගොඩක් දේවල්. දැන් අපිට බය නැතුව නිවස වර්ණ ගන්වන්න පුළුවනි. හැමදාම දකි දකින එකම පාට නැතුව, ටිකක් වෙනස් විදිහට වර්ණ යොදා ගනිමින් කැපී පෙනෙන නවීන පෙනුමක් ලබාගන්න පුළුවන් වර්ණ මොනවද කියලා අද බලමු. ස්ථානයේ ස්වාභාවය අනුව හා ඔබේ රුචි අරුචිකම් මත මෙම වර්ණවලින් වර්ණ තෝරා ගෙන ආලේප කරන්න ඔබට පුළුවනි.
සාලය
බිත්ති සඳහා ඔබ එකම වර්ණයක් භාවිත කිරීමට බලාපොරොත්තු වේ නම් ඒ සඳහා ලා පාටක් යොදා ගැනීම වඩාත් උචිත වෙයි, Sunflower, Lily White,Pale yellow , Orchid White, Off White,Apricot White, Mangnolia, Yorkstone, Mint, Butter Milk, PrimroseWhite, Barel White, Soft Peach, April Leaf, Apple White, Rose White, Aqua White, Berley White, Pink Marble, Sandstone වැනි සුදු පාටට හුරු වර්ණ හා ලා පාට වර්ණ භාවිත කරන්න ඔබට පුළුවනී.
සුදු පාට බිත්ති සහිතව එක් බිත්තියක් පමණක් තද වර්ණයක් ආලේප කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් හා තද වර්ණ භාවිත කිරීමට ඔබ කැමතිනම් Yellow Blossom, Vivid Orange, Sea Salt, Chownings Ton, Desert sand, Cyan, Forest Green, Earthy Brown,Thunder bay, Arabian Nights, Pista cream, Plum Brunette වැනි තද වර්ණ අවශ්‍ය බිත්ති සඳහා ආලේප කර ගනිමින් ඔබේ ආලින්දය සුවිශේෂී ස්ථානයක් බවට පත්කර ගැනීමට ඔබට පුළුවනි.
කෑම කාමරය
කෑම රැචිය දනවන ස්ථානයක් බවට පත්කර ගැනීමට වර්ණ මගින් ඔබට පුළුවනි. ඒ සඳහා කහ තැඹිලි වර්ණ යොදා ගැනීමක් කල හැක. Soffron, Cornfield, OrangeSummer, Sunset, Flame Orange,Autum squash, Peeping Tom වැනි තැඹිලි පැහැයට හුරු පාට මෙන්ම උද්යෝගවත් හැඟීමක් දනවන වෙනත් වර්ණද ඔබේ සිතැඟි පරිදි තෝරාගැනීමටට පුළුවනි.Leather Saddle Brown, Flame Orange, Golden Brown, Eau de Nil,Golden Garland, Dark Green වැනි විවිධ වර්ණ යොදා ගන්න පුළුවන්.
නිදන කාමරය
ඉක්මනින් නිදිමත කරන්නත්, ඔබේ නිදිමත නැති කරන්නත් ඔබේ නිදන කාමරයේ වර්ණ වලට පුළුවනි, පෞද්ගලිකව ලා වර්ණ යොදා ගන්නවටට වඩා සුදු වර්ණයක් එක්ක තද වර්ණ බිත්තියක් යොදා ගන්නවා නම් වඩාත් අලංකාරවත් වේ. Pond Moss, Amber Brown, Navy Blue ,Flopping wings, Extraordinary,sherry, Brownish Grey, Donkey Brown, Limed Ash, Drake Chocolate වැනි විවිධ උදාසීන වර්ණ යොදා ගන්න ඔබට පුළුවනි.
දරුවන්ගේ කාමරය
මේ සඳහා වඩාත් දීප්තිමත් වර්ණ, පැස්ටල් පාට යොදා ගැනීමට හැකියාව ඇත. Rosepine, Brownish Pink,Quicksand, Rose Gold, Bloomsburry, Lilac Rose, Royal Aberdeen, Spanish Rose, Royal Blue, Wild Blue, Barton Blue වැනි දීප්තිමත් වර්ණ යොදාගන්න පුළුවනි.
මුළුතැන්ගේ
ඔබගේ සාම්ප්‍රදායික මුළුතැන්ගේ, වර්ණ යොදා ගැනීමෙන් නවීණ පන්නයට නිර්මාණය කරගන්න මේ වසරෙදි ඔබ උත්සාහ කරන්න. සුදු වර්ණය සහිත බිත්ති සමඟ Green Slate, Antler, Belge, Pastel Mint, Soft Mint, Terracotta වැනි වර්ණ යොදාගන්න පුළුවනි. ඒ වගේම Seal grey + French Navy, Oyster Grey + Tansmanμan Oak, Light Walnut වැනි තද වර්ණද ඔබේ මුළුතැන්ගේ සඳහා යොදා ගනිමින් නව පෙනුමක් ඔබේ මුළුතැන් ගෙට ලබා දෙන්න ඔබට පුළුවන්. හැමදාම දකින වර්ණවලින් ඔබ්බට ගිහිල්ලා නව වර්ණ විශේෂ ඔබේ නිවස අලංකාරයට යොදා ගන්න. එමගින් ඔබේ නිවස සුවිශේෂී ස්ථානයක් වනු නොඅනුමානය.
ගොඩනැගිලි සැලසුම්
තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ
නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign
අර්චිත ඉඳුවර ✍️