ලොකු පොඩි ජීවිත රැසක් ඔබ අතේ බව විතරක් සිතන්න
“ බක් ” හෙවත් භාග්‍යවන්ත වූ මාසයේ ආරම්භයත් සමඟම පරිසරයේ සේම මිනිසුන්ගේ සිතුවිලි තුළ ඇතිවන සශ්‍රීකත්වය නිසාම හෙළ දිව මහා මංගල්‍යන් අතර බක් මහ උළෙල සංස්කෘතියේ අභිමානය වී ඇත. වසරක් පුරා මහපොළව සමග හැපෙන මිනිසුන් අස්වනු නෙලා ගැනීමෙන් පසු අතමිට සරු මේ කාලය මානසිකවත් අලුත් බවක් ගෙන දෙයි. ඒකාකාර ජීවන රටාවෙන් මිදී මානසිකව අලුත් වීමට ගම්මානය පුරා සිද්ධ වෙන ක්‍රීඩාවන් විශාල මෙහෙයක් ඉටු කරනවා. මෙම ක්‍රීඩා කිරීමේදී විවිධ අනතුරු සිදු වීමටත් ඉඩ තිබෙනවා. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතු වෙනවා. මේ වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ප්‍රමිති පනවා තිබෙනවා.
සිදුවිය හැකි අනතුරු හඳුනා ගැනීමට සහ අවම කිරීමට උත්සවය පැවැත්වීමට පෙරාතුව එම ස්ථානය හොඳින් පරික්ෂා කිරීම. අසමාන භූමී ප්‍රදේශ බාධක හෝ ප්‍රමාණවත් පරිදි ආලෝකයක් නොමැතිවීම වැනි ගැටළුවලට විසඳුම් ලබා දීම.පරිසරයේ වායු දූෂණ මට්ටම සලකා බැලීම සහ වායු දූෂණ තත්ත්වයක් පවතින්නේ නම් උත්සවය කල් දැමීම හෝ නැවත සැලසුම් කිරීම. මැරතන්, ගම හරහා දිවීම, පා පැදි තරග, මීටර් 800 ට වැඩි හෝ ඊට ඉහළ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වෙන අයෙකු විසින් තරගයට සතියකට පෙරාතුව සුදුසුකම් ලත් වෛද්‍ය වෘත්තිකයෙකු විසින් පූර්ව තරග වෛද්‍ය තක්සේරුවක් ලබා ගැනීම.
ආරක්ෂිත පියවර…
■ ප්‍රවේශ වීම පාලනය කිරීම.
■ අනවසර ඇතුළු වීම් වැලැක්වීම සහ පිරිස් කළමනාකරණය කිරීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂක පියවර ක්‍රියාත්මක කිරීම.
■ හදිසි පිටවීම් පැහැදිළිව සලකුණු කිරීම සහ ඒවාට පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම.
උපකරණ ආරක්ෂාව…
- ක්‍රීඩා ඉසව් සඳහා භාවිත කරන සියළුම උපකරණ පරීක්ෂා කර ඒවායේ සුරක්ෂිත බව සහතික කිරීම.
- ප්‍රථමාධාර සහ හදිසි ප්‍රතිකාර.
- ස්ථානීය වෛද්‍ය පහසුකම්.
- උත්සවය පැවැත්වෙන ස්ථානයේ මනාව සන්නද්ධ කරන ලද ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් පිහිටුවීම.
- මූලික ජීවිත ආධාරක කුසලතා සහිත පුහුණු ප්‍රථමාධාර සපයන්නන් / වෛද්‍යවරුන් මෙම ස්ථානවල සිටීම
සන්නිවේදන පද්ධති…
- ඉක්මන් වාර්තාකරණය සහ වෛද්‍යමය හදිසි සඳහා ප්‍රතිචාර දැක්වීමට පහසුකම් සැලසීම. වැදගත් හදිසි ඇමතුම් අංක ( රෝහල, පොලිසිය, ගිනි නිවන හමුදාව ) හදිසි අවස්ථාවකදී ළඟම ප්‍රාදේශීය රෝහල සමග සන්නිවේදන කටයුතු සිදු කිරීම.
- සංවිධායක කමිටුවේ සියළුම සාමාජිකයන්ට මෙම තොරතුරු සඳහා ප්‍රවේශය ඇති බවට සහතික කිරීම
රෝහල වෙත ප්‍රවාහනය
■ අනතුරකට, රෝගාබාධයකට පත් පුද්ගලයා ප්‍රවාහනය වෙනුවෙන් වාහනයක් තිබීම.
■ එම පුද්ගලයාගේ පිටුපස නැමීමකින් තොරව සුවපහසු ලෙස ප්‍රවාහනය කළ හැකි වාහනයක් තිබීම. ත්‍රී රෝද රථ මේ සඳහා සුදුසු නොවේ.
■ ප්‍රදේශයේ රෝහල් සහ වෛද්‍ය වෘත්තිකයන් දැනුවත් ඇතුළත් වන පරිදි හදිසි අවස්ථා සම්බන්ධතා ලැයිස්තුවක් සැපයීම.
■ සියළුම කාර්ය මණ්ඩල වෙත මෙම තොරතුරු ලැබී ඇති බවට සහතික කිරීම.
■ කාලගුණය නිරීක්ෂණය කිරීම.
■ අදාල අවස්ථාවට පෙර පවතින සහ එම අවස්ථාව අතරතුර පවතින කාලගුණික තත්ත්වයන් ( තාපය, වැසි, වායු දූෂණය ) නිරීක්ෂණය කිරීම.
■ සජලනය කිරීමේ සහ සෙවන සහිත විවේක ස්ථාන ඇතුළත් වන පරිදි ඉහළ උෂ්ණත්වයකදී උත්සවය කළමනාකරණය කිරීම.
■ මැරතන්, ගම හරහා දිවීම, පාපැදි වැනි තරග උදෑසන 7 ට පෙර ආරම්භ කිරීම.
■ සහභාගී වෙන අය දැනුවත් කිරීම.
■ මත්පැන් පානය කර සහභාගී නොවීම.
■ ආරක්ෂාව පිළිබඳ මාර්ගෝපදේශ දැක්වෙන පරිදි තොරතුරු බෙදා හැරීම.
■ පුද්ගලික වශයෙන් යෝග්‍යතාවය පවත්වා ගැනීමට දැනුවත් කිරීම.
■ ක්‍රීඩා ආශ්‍රිතව ඇති විය හැකි අනතුරු සහ රෝග, රෝග ලක්ෂණ ගැන දැනුවත් කිරීම.
කොට්ටපොර සඳහා…
■ සාධාරණව ක්‍රියාත්මක කිරීම පිළිබඳ නීති රීති ක්‍රියාත්මක කිරීම සහ දැනුවත් කිරීම.
■ අවදානම් තත්ත්වයන් සහ සහභාගී වෙන අයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැනුවත් කිරීම.
■ හිස, ගෙල සහ කොඳුඇට පෙල ආශ්රිිත මෑත කාලීන රෝගාබාධ ගැන සහ එවැනි තුවාල සඳහා ප්‍රතිකාර ලබන අය තරගයට සුදුසු නොවන බව.
■ එක කොට්ටයක උපරිම බර ග්‍රෑම් 650 නොඉක්මවීම.
■ කොට්ට ආවරණය සඳහා මෘදු රෙදි සහ අනතුරුදායක නොවන රෙදි වර්ග භාවිත කිරීම.
ලිස්සන ගහේ නැගීම…
■ ලිස්සන ගහ නිසි පරිදි ස්ථානගත කිරීම.
■ කණුවේ උස – වඩා උස් කණුවක් නිසා වැටීමෙන් සිදු වෙන අනතුරු බරපතල වීම.
■ තරගය අතර කණුව පෙරලීමේ අවදානම ගැන සැලකිලිමත් වී ශක්තිමත් ලෙසින් කණුව පිහිටුවා ගැනීම.
■ ග්‍රීස් ආලේප කිරීමට පෙරාතුව කණුවේ පළුදු වීම්, ක්‍රීඩකයන්ගේ බරට ඔරොත්තු දෙන බැව් සලකා බැලීම.
■ මිනිස් ස්පර්ශයට හානි නොවන, විෂ රහිත පරිසර හිතකාමී ග්‍රීස් වර්ග ආලේප කිරීම.
■ අධික ලෙස ග්‍රීස් ආලේප නොකිරීම.
■ සිංහල අලුත් අවුරුදු කාලය සැබැවින්ම සැණකෙළි වසන්තයක් බැව් අපි දනිමු. නමුත් මේ සැණකෙළි සමඟ කටයුතු කිරීමේදී අපට අනතුරු වීමේ වැඩි අවදානමක් තිබෙනවා. ඒ නිසා බක්මහ වසන්තය ජීවිතයට අවදානමක් නොවන ලෙසින් ගත කිරීමට නම් මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන දැනුවත් වීම ඉතා වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️