රටට වෙලාව කියන ඔරලෝසුව කාලය රන් හා සමාන බවට වූ රුවන් කියමන් අපේ සමාජයේ නිරන්තරව කියන රුවන්වැකියක්. නමුත් කාලය අපට නවතා ගැනීමට හැකියාවක් නැහැ. මෙසේ වේගයෙන් ගෙවෙන කාලය ගැන පණිවිඩය අපට ලැබෙන්නේ ඔරලෝසුවකින්. අදටත් අපි කාලය ගණනය කරන්නේ ඔරලෝසු පැයවලින්. ඒ වගේම අපේ ජීවිතයේ ආකර්ශණය ගොඩනගා ගත හැකි අදහස් අතරටත් ඔරලෝසුවට වැදගත් තැනක් ලැබෙනවා. නිවසකට ඔරලෝසුව අමුතුව එළියක්. ඒ වගේම වාසනාවක්. කොටින්ම කියනවා නම් අක්‍රිය ඔරලෝසුවක් නිවසේ තබා ගැනීමත් ඒ නිවසේ සිරියාව අඩු වීමට හේතුවක්. මේ විදිහට ඔරලෝසුව අපේ ජීවිතයට සම්බන්ධයි. එහෙමනම් ඔරලෝසු වෙනුවෙන් හැඩතල දෙන අපූරු පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු දැන ගැනීමට ඔබත් කැමැති ඇති. රටට වෙලාව කියන ඔරලෝසුව කාලය රන් හා සමාන බවට වූ රුවන් කියමන් අපේ සමාජයේ නිරන්තරව කියන රුවන්වැකියක්. නමුත් කාලය අපට නවතා ගැනීමට හැකියාවක් නැහැ. මෙසේ වේගයෙන් ගෙවෙන කාලය ගැන පණිවිඩය අපට ලැබෙන්නේ ඔරලෝසුවකින්. අදටත් අපි කාලය ගණනය කරන්නේ ඔරලෝසු පැයවලින්. ඒ වගේම අපේ ජීවිතයේ ආකර්ශණය ගොඩනගා ගත හැකි අදහස් අතරටත් ඔරලෝසුවට වැදගත් තැනක් ලැබෙනවා. නිවසකට ඔරලෝසුව අමුතුව එළියක්. ඒ වගේම වාසනාවක්. කොටින්ම කියනවා නම් අක්‍රිය ඔරලෝසුවක් නිවසේ තබා ගැනීමත් ඒ නිවසේ සිරියාව අඩු වීමට හේතුවක්. මේ විදිහට ඔරලෝසුව අපේ ජීවිතයට සම්බන්ධයි. එහෙමනම් ඔරලෝසු වෙනුවෙන් හැඩතල දෙන අපූරු පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු දැන ගැනීමට ඔබත් කැමැති ඇති.
ඔහු කවුද…?
මගේ නම ආසිරි ස්වර්ණතිලක. අවිස්සාවේල්ලේ මම පදිංචියි.
මේ වගේ ශිල්පයක් වෙනුවෙන් ඔබේ යොමු වීම සිදුවුණේ කොහොමද…?
ඔරලෝසු හදන හැකියාව මට පුංචි කාලයේ පටන්ම තිබුණා. වාසනාවකට වගේ මගේ තාත්තා ඒ හැකියාව තේරුම් ගත්තා. මම අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් උසස් පෙළ අවසාන් කළා. එතැනින් පසුව ගංගාරාම කාර්මික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සම්බන්ධ වුණා. ඒ පාඨමාලාව අවුරුදු දෙකක් වුණත් මගේ හැකියාව නිසා අවුරුද්දකින් මට ඒ පාඨමාලාව අවසන් කිරීමට හැකියාව ලැබුණා.
එතැනින් පසුව…
මේ පුහුණුව ලබා ගැනීමෙන් පසුව මම කොළඹ විමලධර්ම සහෝදරයෝ ඔරලෝසු සමාගමේ සේවයට සම්බන්ධ වුණා. මේ සමාගමත් ලංකාවටම වේලාව කියන තරම් ඔරලෝසු සම්බන්ධයෙන් කීර්තිමත් ආයතනයක්. මම මේ සමාගමේ අවුරුදු දහයකටත් වඩා වැඩි කාලයක් සේවය කළා.
මේ වගේ ස්ථාපිත සමාගමක සේවයෙන් ඉවත් වෙන්න ඔබ තීරණය කළේ ඇයි…?
අපේ ජීවිතය එකකාකාර රටාවකට ගලා ගෙන යද්දි අලුත් දෙයක් ගැන හිතන්න තරම් මානසික විවේකයක් තිබුණේ නැහැ. ඒත් කොවිඩ් වසංගතය සමග අපි කවුරුත් නිවෙස්වල රැඳුණා. මේ වෙලාවේ අපට යම් විවේකයක් තිබුණා.
මට ඔරලෝසු හදන හැකියාව තිබෙන බව මම දන්න නිසා මට හිතුණා අලුත් ඔරලෝසුවක් හදන්න. මේ වනවිටත් මම ඔරලෝසු අලුත්වැඩියා කරනවා. දන්නා අය ඇවිත් මගෙන් වැඩ කර ගෙන යනවා. දැන් එතැනින් ටිකක් ඉදිරියට යන්න හිතලා ඔරලෝසුවක් හැදුවා.



මේ වෙනුවෙන් ඉල්ලුම…
මම විවිධ වර්ගයේ ඔරලෝසු නිර්මාණය කරනවා. මගේ එක් ඔරලෝසු වර්ගයක් විදිහට “ Grand father ” ඔරලෝසුව නම් කරන්න පුළුවන්. ලංකාවේ කවුරුත් මේ ඔරලෝසුව හදන්නේ නැහැ. ඒක මම විතරමයි.
මේ ඔරලෝසු නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය ගැනත් කිව්වොත්…
මම ලීවලින් තමයි මේ ඔරලෝසු හදන්නේ. ඒ වෙනුවෙන් නැඳුන්, මැහෝගනී වැනි දැව වර්ග යොදා ගන්නවා. මේ ලී පදම් කරල ගන්නේ. මෙහෙම පදම් කළ ලීවලින් රාමුව හදලා ඔරලෝසු මැෂින් එකක් සවි කරනවා. එතැනින් පසුව මේ ඔරලෝසුව බැටරියෙන් වගේම වයින් වලින් ක්‍රියාත්මක වෙන විදිහටත් නිර්මාණය කරනවා.
වයින් ඔරලෝසුවක සහ බැටරියෙන් ක්‍රියාත්මක වෙන ඔරලෝසුවක් අතර වෙනසක් තියෙනවාද…?
බැටරි ඔරලෝසුව ස්වයංක්‍රිය විදිහිට ක්‍රියාත්මක වෙනවා. බැටරි බලයෙන් ක්‍රියාත්මක වුණත් බැටරි අවසන් වුණාම අලුත් බැටරි දාන්න ඕන. ඒ වෙනුවෙන් වියදමක් දරන්න වෙනවා. නමුත් වයින් ඔරලෝසුව අපි එහි ශක්තිය අවසන් වනවිට නැවත වයින් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් නැවත වියදමක් නැහැ.
ඒ වගේම මගේ ඔරලෝසු නිර්මාණවලට බට්ටා සහිත වගේම වේලාව නාද වෙන ඔරලෝසු එකතු කරනවා.
වෙලාව වදින ඔරලෝසුවක වටිනාකමක් තිබෙනවාද?
අපි ඉස්සර පාන්දරට වෙලාව දැන ගත්තේ කුකුලාගේ හඬලන වාර ගණන අනුවයි. වෙලාව වදින ඔරලෝසුවක් තිබෙන විට අපට වෙලාවට අනුව නාද වෙනවා. උදාහරණ විදිහට වෙලාව අටයි නම් අටවරක් නාද වෙනවා. කොටින්ම රාත්‍රි නිදි යහනේ හිටියත් ආ… දැන් රෑ වෙලාව දොළහයි කියල දැන ගන්න පුළුවන්.

රාත්‍රි දොළහ හමාර, එක සහ එක හමාර විතරයි ටිකක් හෝ පැටළුනේ. මේ හැම වෙලාවකදීම වැදෙන්නේ එකකිය. ඒ වෙනස හැර අනිත් හැම අවස්ථාවකදීම අපට නින්දෙන් වුණත් වෙලාව ගැන තහවුරු කර ගන්න පුළුවන්. අතීතයේදී මේ වෙලාව වදින ඔරලෝසු හැම ගෙදරකම වගේ තිබුණා.
අද කාලයේ වැඩි ඉල්ලුමක් ඇති ඔරලෝසු ගැන සඳහනක් කරනවා නම්…
දැන් කාලයේ සමාජය පරණ තාලයේ ( Antique) නිෂ්පාදන වෙනුවෙන් වැඩි නැඹුරුතාවයක් තිබෙනවා. ඒ වගේම ඇන්ටික් සහ මොඩර්න් අතරමැද නිෂ්පාදන වෙනුවෙනුත් ඉල්ලුමක් තිබෙනවා.
මම සමාජයේ ඉල්ලුම අනුව නිෂ්පාදන ලබා දෙනවා. මගේ ළග දැනට සේවයට සම්බන්ධව විසි දෙන්නෙක් පමණ ඉන්නවා. ඊට අමතරව බාහිරව සහය ලබා දෙන තවත් පිරිසක් ඉන්නවා. මේ හැම දෙනෙක්ම ඉතාම සතුටින් මගෙත් එක්ක සේවය කරනවා.
ඔබේ ආයතනය ගැන කිව්වොත්…
මම “ ආසිරි වොච් සෙන්ටර් ” නමින් මගේ ආයතනය පවත්වා ගෙන යනවා. ඊට අමතරව අවිස්සාවෙල්ල නගරයේ තවත් ප්රදර්ශනාාගරයක් තිබෙනවා. මගෙන් ඔරලෝසුවක් මිළට ගත්තොත් ඒ වෙනුවෙන් වගකීම් සහතිකයක් ලබා දෙනවා. මේ කාලයේ යම් අලුත්වැඩියාවක් හෝ වෙනත් ගැටළුවක් ඇති වුණොත් ඒ ගැනත් අපි වගකියනවා.
ඔබට ලැබුණ සම්මාන ගැන…
මට ඔරලෝසු නිෂ්පාදනය වෙනුවෙන් Finical සම්මානය ලැබුණා. ඊට අමතරව සබරගමුව පළාතේ හොඳම ව්‍යවසායකයා වෙනුවෙන් ප්රදානය කරන සම්මානයත් මම ලබා ගත්තා.
ඔරලෝසු අපනයන කරන්න අදහසක් නැතිද…?
දැනට විදේශගතව සිටින අය මාර්ගයෙන් මම ඔරලෝසු යවලා තිබෙනවා. ඉදිරියේදී බලමු….
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️