නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අතීතයේ අසාර්ථකවීම් සාර්ථක කරගන්න වර්තමානය යොදාගන්න.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අතීතයේ අසාර්ථකවීම් සාර්ථක කරගන්න වර්තමානය යොදාගන්න.

Published January 6, 2025

2024 අවුරුද්ද ශ්‍රී ලංකාවාසී අපිට ගෙවිලා යන්නේ මිශ්‍ර ඵලදායක අවුරුද්දක් විදියට. මොකද හොඳ වගේම නරක අපිට අත්විඳින්න ලැබුණා. අපි ආදරය කරපු සහෘදයෝ, විශිෂ්ටයෝ බොහෝ දෙනෙක් මිය පරලොව ගියා. ඇතැමුන් පෞද්ගලික ජයග්‍රහණ අත්වින්දා. රටක් විදියට වෙනස් පාලන ක්‍රමයකට මිනිස්සු අත්හදාබැලීම් කරා. මේ විවිධ දේවල් සිද්ධ කරන්නේ අපේම අවශ්‍යතා අනුව තමයි.

2024 අසාර්ථක වුණු අය ඇති. ව්‍යාපාර පටන් අරං අත්ඇරල දාපු, බලාපොරොත්තු තරමට අදායම් නොලැබුණු, විභාග අසාර්ථක වුණ, අසනීප සහ විවිධ රෝගාබාධ වලින් පරිපීඩිත වුණු ලබැඳියන් අහිමි වුණ අය ඉන්නවා ඇති. ඒ වගේම හිතුවට වඩා ව්‍යාපාරය සාර්ථක වුණ, අලුත් දේවල් හඳුන්වල දෙන්න පුළුවන් වුණු, නව නිර්මාණ කරපු, අසනීපවලින් පූර්ණ සුවය ලබපු, අලුත් සබඳතා නිසා ලබැඳියන් හමුවුණු අයත් ඇති. ලෝකය යින්-යැන්ග් චක්‍රය වගේ.

බුදුන්වහන්සේ කිව්වා වගේ හොඳ-නරක දෙකම ලෝකෙ තියෙනවා. ඒක තමා පැවැත්මට අවශ්‍යය. සියල්ලලෝම හොඳ මිනිස්සු වුණොත් ලෝකෙට පැවැත්මක් නෑ වගේ ම සියල්ලෝම නරක මිනිස්සු වුණොත් ලෝකෙට පැවැත්මකුත් නෑ. ජීවිතේ අලුත් දේවල් කරන්න, පරණ නරක පුරුදු අත් අරින්න, ඊළඟ අවුරුද්දෙ ඉඳන් හොඳ මිනිහෙක් වෙනවා!…

එහෙමත් නැතනම්… ඊළඟ අවුරුද්දෙ ඉඳන් මම ජිම් ගිහින් ඇඟ ලස්සනට හදාගන්නව. කෑම පාලනය කරනවා… වගේ ප්‍රකාශ අපි සමාජ මාධ්‍යවල දකිනවා. අපි හැමදාම හොඳ වෙන්න ඉන්නේ අලුත් අවුරුද්දේ හෝ නව වසරේ ඉඳන්! නොවැම්බර් මාසෙ හිතනවා… ඔය තව මාසෙනෙ… ඕකත් ඔහොමම ගියාවේ ජනවාරිම කරනවා මේක… වගේ හිතිවිලි. ඒවා ඇත්තටම වලංගු නෑ. යම් දේකට සුබ මුහුර්තිය තමයි ඒක තමුන්ට ආරම්භකරන්න හිතෙන සහ හැකි වෙලාව.

යමක් පුළුවන් නම් කල් නොදමා පටන් ගන්න. සමහරවිට ඉදිරි දින සති කිහිපය තුළ එම තීරණය කල් දැමීම නිසා පසුතැවෙන්න වෙන දේවල් අහන්න දකින්න ලැබෙන්න පුළුවන්… ජීවිතේ හැටි එහෙම තමා. මේක එක්තරා විභාගයක්. විභාග තාක්ෂණය කලින්ම හඳුනාගන්නා අය ජීවිතය ජයගන්නවා. සමහර අය කිහිපවරක් උත්සාහ කරල ජීවිතය ජයගන්නවා. සමහරු උත්සාහ නොකරම අසාර්ථක වෙනවා.

තවත් අය උත්සාහ කරලත් අසාර්ථක වෙනවා. අපි ඒ වෙලාවට ඒක කර්මයට භාර කරනවා!… අපේ කරුමෙ තමා ඉතිං… කොච්චර කරත් ඔච්චරයි…. කියල. තමුන්ගේ ඉරණම වෙනස් කරන්න පුළුවන් තමුන්ගේ වේලාපත්කඩයට හෝ ආලෝක වර්ෂ ගණනක් ඈතින් ඉන්න ග්‍රහලෝකවලට නෙවෙයි. තමුන්ටමයි. හැමවෙලාවෙම ප්‍රශ්නයක ඇතුලේ හිරවෙන්නේ නැතුව ප්‍රශ්නයට පිටින්, ඈතින් ඉඳගෙන බලන්න පුරුදු වුණාම අපිට ලස්සන උත්තර ලැබෙනවා. අපි හැම වෙලාවකම රාමුවක ඇතුලෙ හිරවෙලා තමයි උත්තර හොයන්නේ. ඒක නිදහසේ බලන්නේ නෑ. විවෘත මනසකින් වැඩ කරද්දි ගොඩක් දේට උත්තර ලැබෙනවා.

ජීවිතේ අපි වෙනස් කරගන්නවා වගේම, අපේ රටට, පවුලටත් යම් දෙයක් ලබාදෙන්න හැකි මට්ටමක ශක්තිමත් මනුෂ්‍යෙයක් වෙන එක අපේ යුතුකමක්. නමුත් වගකීමක් නෙවෙයි! ජීවිතේ දිහා වෙනස් විදියට දකින්න… අලුතින් හිතන්න… ප්‍රශ්නවලට විසඳුම් ප්‍රශ්නයේ ගිලෙන්නැතුව දකින්න අලුතින් ලබන 2025 අවුරුද්දෙ ඔබට හැකියාව ලැබේවි. ප්‍රබෝධමත්ව, ධෛර්යයෙන් නැගී සිටිමින් ජයග්‍රාහී වසරක් කරගන්න අපි උත්සාහ කරමු… උත්සාහය ඔබ ජයග්‍රහණයට කැඳවාගෙන යාවි…

සුබ නව වසරක් වේවා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?