නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සිත නිවන අවකාශයක් තුළ පූජා කාමරේ හදන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සිත නිවන අවකාශයක් තුළ පූජා කාමරේ හදන්න

Published January 6, 2025

ඕනෑම නිවසක නිවැසියන්ගේ ආගම අනුකූලව වැදුම් පිදුම් කිරීම සඳහා වෙන්වන කුඩා හෝ අවකාශයක් පවතී. එම අවකාශය නිවැරදිව නිවසේ ස්ථානාගත කර ගැනීම වඩාත් වැදගත් වේ. නිවාස සැලසුම නිර්මාණය කිරීමේදීම පූජා කාමරය සඳහා ස්ථානයක් වෙන් කරගැනීම වඩාත් උචිතවය. කුමන ආගමක වුවද මෙම ස්ථානය නිවසේ උතුම්ම ස්ථානය ලෙස නිවැරදි සැලසුමකට අනුව ස්ථානගත කළ යුතුවේ. මෙහිදී ආගම අනුව යම් යම් වෙනස්කම් සිදුවූ නමුත් නිවැරදි දැනුමක් සහිතව සිදුකළ යුතුවේ.

ස්ථානගත කිරීම…

පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ටද ආගමේ අනුවද මේ යම්තාක් වෙනස්කම් පවතී. පොදුවේ නිවසේ ඉතාමත් පිරිසිදු ස්ථානයක් මේ සඳහා යොදා ගනී. නාන කාමර, වැසිකිලි, මුළු තැන්ගේ වැනි ස්ථානවලට ආසන්න නොවන පරිදි, සැලසුමේ ස්ථානගත කිරීම වැදගත්වේ.බෞද්ධ ආගමට අනුව, බුදු පිළිමයක් නිවසේ ප්‍රධාන දොරටුවට ආසන්නයේ, ප්‍රධාන දොරට ඇතුල් වනවිට පෙනෙන පරිදි ස්ථානගත කිරීම ද, මේ කාලයේදී බහුලව සිදුවේ.

එසේ නොවන අවස්ථාවලදී නිදහසේ බුදුන් වැඳීමට හැකි පරිදි කුඩා අවකාශයක් වෙන්කර පවත්වා ගෙන යෑමද සිදුවේ. බුදු පිළිමයක් නිවසේ ඊසාන දිශාවට බරව පිහිට වීම සාම්ප්‍රදායිකව දක්නට ලැබේ. බුදු පිළිමය පිහිටි ආසනයට පහළ ආසනයක, මල්, පහන්, සුවඳ දුන්, ගිලන්පස හා බුද්ධ පූජාව තැබිය හැකි පරිදි ආසනයක් නිර්මාණය කර ගැනීම වඩාත් ප්‍රායෝගික වේ. බුදු පිළිමයට අමතරව, සීවලී පිළිම, වැනි වෙනත් පිළිම තැන්පත් කිරීම සඳහාද, ඉඩකඩ ඇති පරිදි නිර්මාණය කර ගැනීමටද පුලුවනි.

මෙහිදී පිළිමයේ ප්‍රමාණය මෙන්ම, පිළිමය තවන ආසනයේ උසද ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු කරුණකි. පූජා කටයුතු සඳහා අවශ්‍ය වන පූජා භාණ්ඩ පිළිවෙලට ගබඩා කර කරගත හැකි පරිදි කුඩා කබඩ් එකක් හෝ ලාච්චුවක් නිර්මාණය කරගැනී වඩාත් උචිත වේ.කිතුණු ආගමට අනුවද, නිවසේ යම් සුවිශේෂ ස්ථානයක් තෝරා ගන්නා අතර, එහි බහුලව සිදුවන්නේ එම ස්ථානයේ බිත්තිය මත ආධාරකයක් සවිකර ගැනීම මගින් ආසනයක් නිර්මාණය වන අතර, ඒමත කිස්තුස් වහන්සේගේ හෝ ආගමේ ශාස්තෘන්ගේ පිළිම තැන්පත් කරයි. එම ස්ථානය ඔල්ටර් ලෙස හදුන්වයි.

මෙහිදී පහන් ආලෝකයක් හෝ විදුලි ආලෝකයක් යොදා ගන්නා අතර, ඊට පහත බයිබලය හා කොන්තේ තැන්පත් කිරීම සඳහා ස්ථානයක්ද නිර්මාණය කර ගැනීම ද දක්නට ලැබේ.මුස්ලිම් ආගමට අනුව නම් මේ සඳහා වෙනත්ම ස්ථානයක් යොදා ගන්නා අතර බිම වාඩිවි වැඳුම් පිදුම් කිරීම සඳහා නිවැසියන්ට අවශ්‍ය වන පරිදි ඉඩකඩ තැබීම වඩාත් වැදගත් කරුණකි. ආගමික පිළිම නොමැති වුව ද, කුරාණය තැන්පත් කිරීම සඳහා ස්ථානයක් නිර්මාණය විය යුතුයි. එකෙන්ම අවශ්‍ය නම් ආගමික ඡායාරූප ( මක්කම හෝ ආගමික වැකි ) එල්ලා තැබිමට හැකියාව තිබිය යුතු වේ. එමෙන්ම වන්දනා කිරිම සදහා අවශ්‍ය වන බුමුතුරුණු හා වෙනත් අවශ්‍ය දෑ ගබඩා කර ගැනීම හැකියාව තිබිම වැදගත් වේ.

හින්දු ආගමට අනුවද, කුඩා අවකාශයක මෙන්ම, ඉඩකඩ සහිතව නිවසේ සියලු දෙනාට එක්ව වන්දනා කළ හැකි පරිද කුඩා කාමරයක් මේ සඳහා යොදා ගැනීමට පුළුවනි. විවිධ දෙවිවරුන්ගෙන් සමන්විත පලතුරු, මල් හා සුවඳ දූපයන්ගෙන්ද, ඝණ්ඨානාදයෙන්ද ඉතාමත් අලංකාර විචිත්‍රවත් ලෙස හින්දු ආගමික ස්ථානය නිර්මාණය කර ගන්න ඔබට පුළුවනි. මේ සියල්ල සැලසුම නිර්මාණය කිරීමේදී සැලකිල්ලට ගෙන ස්ථානගත කිරීම හා ඒ සඳහා අවශ්‍ය අවකාශයේ ප්‍රමාණය නිර්ණය කර ගැනීම නිවැසියන්ගේ රුචිය මත සැලසුම් කරගත යුතුවේ.

වර්ණ

සෑම ආගමකම දහම සිත නිවන අවකාශයක් බැවින්, මෙම ස්ථාන සඳහා සුදු වර්ණය හෝ ලා වර්ණ භාවිත කර ගැනීම යෝග්‍ය වේ. එමෙන්ම ආගමික පිළිමයක් ලාවරණයෙන් හෝ සුදු වර්ණයෙන්න් පවතින යම්, එවන් අවස්ථාවක කලබලකාරී නොවන තද වර්ණයක් ( අළු වර්ණය, සිමෙන්ති පැහැය, දුඹුරු වර්ණ, වැනි වර්ණ මේ සඳහා උචිත වේ) භාවිත කිරීම මගින්, පිළිමය සඳහා අවධානය ලබා ගැනෙන පරිදි එම බිත්තියට වර්ණ යොදා ගැනීමට ඔබට පුළුවනි.

ආලෝකය හා වාතාශ්‍රය…

ඔබට සිත තැන්පත් කරගෙන තම ආගමික කටයුතු සඳහා යෙදීමට හොඳින් වාතාශ්‍රය ලැබිය යුතු අතර, ඒ සඳහා වෙනම කාමරයක් භාවිත කරන්නේ නම් එයට ස්වභාවික ආලෝකය ලැබෙන පරිදි ජනෙල් තැබීමට ඔබට පුළුවනි. ජනෙල් සඳහා තිර රෙදි යොදා ගැනීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ, පහන් ආලෝකයක් ඔබ දල්වන්නේ නම් එය ආසන්නයේ පවතින ජනෙල් සඳහා තිර රෙදි ලෙස Window blinds වැනි දෑ යොදා ගැනීමට වගබලා ගතයුතු වේ.

රාත්‍රී කාලයටද කෘතීම ආලෝකය ලබා ගනිමින් මෙහිදී ආගමික පිළිමය හෝ කුරාණය බයිබලය වැනි, ඔබගේ අවධානය යොමු විය යුතු ස්ථාන, Sportlight මගින් ආලෝකමත් කර ගනිමින් අනෙක් අවකාශයන් සඳහා අවශ්‍ය පරිදි අවම ආලෝකයක් ලබාදීම මගින් ඉතා අලංකාර ලෙස හා සිත තැන්පත් වන පරිදි, මෙම අවකාශය සඳහා කෘතිම ආලෝකය යොදාගන්න ඔබටට පුළුවනි. ආගමික අනුව කුමන සුවිශේෂීතා තිබුණද සිත තැන්පත් කරගෙන තම ආගමික කටයුතු කළ හැකි පරිදි අවට පරිසරය නිර්මාණය කර ගැනීම මෙහි වඩාත් වැදගත් කරුණවේ.

ගොඩනැගිලි සැලසුම්
තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

භාග්‍යවතුන්වහන්සේ දුටුවා මෙන් පහන් සිත උපදවාගත හැකි ස්ථාන නමදින්න

May 12, 2025

දැනගත යුතුම නව අරහාදී බුදුගුණ

May 12, 2025

මහා තොරණ්වලට බයක් සැකක් නැතුව ලයිට් දෙන අක්ක නගෝ

May 12, 2025

වෙසක් පෝය ලෝකෙට ගෙනිච්ච කදිරගාමර්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?