ඇඟ හදාගත්තත් මොළය හැදී නැත්නම් අපට සතුටු විය නොහැකිය. මේ සඳහා අප නිරන්තර උත්සාහයක් ගත යුතුය. කෙසේ වෙතත් වියපත් වීමේදී සිරුර ගෙවී යෑමේ අභියෝගයට අපට මුහුණ දීමට සිදුවේ.
මතකය, ගැටළු විසඳීම් කුසලතා, නිර්මාණශීලීත්වය, බහුකාර්ය හැකියාව සහ සංජානනය
වචන මාලාව, ව්‍යාකරණ රීති සහ උච්චාරණය ඉගෙනීමේදී මොළයේ හිපොකැම්පස් කොටස සක්‍රියවී තොරතුරු කාර්යක්ෂමව ගබඩාකිරීමට, නැවත මතකයට ගැනීමට, කඩිසරව විභාගවලට ඉගෙනීමට, දින මතක තබාගැනීමට, දෛනික කටයුතු කළමනාකරණයට ඔබ පුහුණු කරයි.
භාෂාමය ගැටළු විසඳීමේදී නුපුරුදු වචන විකේතනය් සිට සංකීරණ භාෂාත්මක ව්‍යූහයන් අවබෝධකර ගැනීම් අඛණ්ඩ මානසික ව්‍යායාමයෙන් ගැටලු විශ්ලේෂණය කිරීමේ සහ විසඳීමේ හැකියාව දියුණු වෙයි.ව්‍යාකරණ සහ සංස්කෘතික රාමු, අදහස් ප්‍රකාශ කිරීමේ නව ක්‍රම ගවේෂණය ආදිය තුළින් නැවුම් අදහස් සහ ගැටලු විසඳීමේ හැකියාව මුවහත් වෙයි.
භාෂා අතර මාරුවීමේදී හෝ එක භාෂාවකින් සිතමින් වෙනත් භාෂාවකින් කථා කරද්දී බහුවිධ සංජානන ක්‍රියාවලීන් හොඳින් කළමනාකරණය කිරීමට, ආතතියකින් තොරව පෞද්ගලික වගකීම් සමතුලිතව පවත්වා ගැනීමට, ව්‍යාපෘති කිහිපයක එකවර නියැලීමට, ඔබ පුහුණු වෙයි.
අවධානය සහ මානසික ඒකාග්‍රතාව, තීරණ ගැනීමේ හැකියාව සහ නම්‍යශීලීතාව
භාෂා අධ්‍යයනයේදී ඩිමෙන්ෂියා නම් අමතකවීමේ රෝගය සහ වයස්ගත වීමේදි සිදුවන සංජානන පරිහානිය අඩුකරයි. පසුකාලීනව නැවත මොළයට ප්‍රතිසංවිධානය වීමට ඇති හැකියාවද දියුණුවන අතර අවධානය යොමුකිරීමේ සහ ඒකාග්‍රතාව පවත්වාගෙන යෑමෙන් ලැබෙන පුහුණුව ජීවිතයේ සෑම අංශයකදීම උපකාරී වෙයි.
නිවැරදි වචනය තෝරා ගැනීම, වාක්‍ය ගොඩනැගීම, ව්‍යාකරණ රීති යෙදීම ආදිය මගින් විශ්ලේෂණ කුසලතා ඉහළ නංවන භාෂා අධ්‍යනය, මානසික පීඩනයක් යටතේ වුවද විකල්ප අවස්ථා හඳුනා ගනිමින් නිවැරදි තීරණය ගැනීම පුහුණුකරයි.
භාෂා අධ්‍යනයේදී විවිධ ව්‍යාකරණ පද්ධති සහ සංස්කෘතික සන්දර්භයන් තුළ සැරිසැරීමෙන්, නව තොරතුරුවලට අනුවර්තනය වීමේ සහ විවිධ චින්තනක්රම අතර මාරුවීමේ සහ නම්‍යශීලීව නව සංස්කෘතියකට අනුගතවීමේ හැකියාව ලැබෙයි.
ස්නායු සම්බන්ධතා, සවන්දීමේ හැකියාව, සංස්කෘතික දැනුවත්භාවය, විශ්වාසය
නව භාෂාවක් ඉගෙනීමේදී මොළය තුළ ස්නායු මාර්ග නිර්මාණය කරමින් ඒවා ශක්තිමත් වීම සිදුවෙයි. වචන මාලා,ව්‍යාකරණ සහ උච්චාරණය ප්‍රගුණ කිරීමේ මානසික වෑයමේදී ස්නායු සුවිකාර්යතාව ( Neuroplasticity) උත්තේජනය වෙයි.
එවිට සිදුවන්නේ නව සම්බන්ධතා ගොඩනැගීමේ සහ ප්‍රතිසංවිධානය කිරීමේ හැකියාව දියුණුවීමයි. නව භාෂාවක් ප්‍රගුණ කිරීමේදී ශබ්ද, නාද සහ සන්දර්භ කෙරෙහි විශේෂ අවධානයක් යෙදීම නිසා සවන්දීමේ කුසලතා දියුණු වෙයි. පහසුවෙන් චිත්ත වේග හඳුනාගන්නා හොඳ සන්නිවේදකයකු බවට ඔබ පත්වෙයි.
ඕනෑම භාෂාවක් සංස්කෘතිය හා තදින් බද්ධවන නිසා සංස්කෘතික වටිනාකම්, ඉතිහාසය ගැන දැනුවත් වී විවිධ පැතිකඩවලින් සමාජය දෙස බලමින් විවිධ පසුබිම් ඇති අය සමග පහසුවෙන් වැඩකිරීමට භාෂා අධ්‍යනයන් උදව් වෙයි. ගෝලීකරණය වඩාත් පහසු කරයි.
අධ්‍යයන කාර්යසාධනය, කියවීමේ සහ ලිවීමේ කුසලතා සහ චිත්තවේග නියාමනය
භාෂා අධ්‍යයනයේදී දියුණු මතකය, අවධානය සහ විචාරාත්මක චින්තනය හරහා ඇතිවන සංජානන කුසලතා අධ්‍යයන කටයුතුවලටද මහෝපකාරී වෙයි. විනයානුකූල ප්රවේශයන් පිළිබඳව ලැබෙන පුහුණුව නිසා සිතිවිලි පහසුවෙන් ප්‍රකාශකිරීමට මෙන්ම ගණිතයේ සිට ඕනෑම විෂයයක් පහසුවෙන් අධ්‍යයනය කිරීමේ හැකියාව ලබාදෙයි.
https://scientificorigin.com/ ඇසුරෙන්
සුනිල් අල්ගම ✍️