ග්‍රීක ජාතිකයින් වසරක් වෙනුවෙන් තිබෙන දින ගණන 304 ක් විදිහට සලකන ලද අතර ඒ නිසාම ඔවුන් කැලැන්ඩරයට මාස දොළහක් නොව දහයක් ලෙසින් යොදා ගෙන තිබුණා. එක මාසයකට දවස් 30 ක් ඇතුළත්ව තිබුණා. ඔවුන්ගේ කැැලන්ඩරය පටන් ගත්තේ මාර්තු මාසයෙන්. ඒ නිසා ජනවාරි සහ පෙබරවාරි ඇතුළත් වුණේ නැහැ.
එතැනින් පසුව රෝමයේ අධිරාජ්‍යත්වයට පත් වුණ “ නුමා පොම්පිලියස් ” විසින් මේ දින දර්ශනයට දවස් 364 ක් එකතු කළා. හැබැයි ඔහු ජනවාරි සහ පෙබරවාරි මාස අවුරුද්ද අවසානයට එකතු කළා. ඒ වගේම පෙබරවාරි මාසයට දින 30 ක් එකතු කරමින් මේ දින දර්ශනය හඳුන්වා දුන්නා.නුමා පොම්පිලියස් ගේ දින දර්ශනය ක්‍රි. පූ 46 වන තෙක්ම පැවැතුණා. ඒ වගේම මේ දින දර්ශනය වෙනුවෙන් පල්ලියෙනුත් හොඳ අනුග්‍රහයක් ලැබුණා.
ජුලියස් සීසර්…
නමුත් ජුලියස් සීසර් රාජ්‍යත්වයට පත් වීමෙන් පසුව පල්ලියෙන් ලැබුන අනුග්‍රහය ගැන එතරම් සෑහීමක් තිබුණේ නැහැ. ඊටත් එක් හේතුවක් තිබුණා. පූජක පක්ෂය විසින් මේ දින දර්ශනය නිර්මාණය කිරීමේදී ගිම්හාන මාසය වසන්ත මාසයට යොදා ගෙන තිබුණා. සීසර්ට මෙය වෙනස් කිරීමට අවශ්‍ය වුණා. ඒ සඳහා ජුලියස් සීසර් තාරකා විද්‍යාඥ “ සොසිජින්ස් ” ගේ සහයෝගය ලබා ගත්තා.
ජුලියස් සීසර් විසින් සංශෝධනය කරන ලද දින දර්ශනයේදී වසර ආරම්භයට “ ජනවාරි ” මාසය යොදා ගෙන තිබුණා. එතෙක් වසරේ මුල්ම මාසය විදිහට පැවැති මාර්තු මාසය අවුරුද්දේ තුන්වැනි මාසය බවට පත් වුණා. ඒ අතරම වසරක දින ගණණ 365.1/4 ක් විදිහට යොදා ගත්තා. මේ 1/4 වසර හතරකට එකතු වීම නිසා අධික අවරුද්දක් වෙනුවෙන් දින 366 ක් එකතු කළා. අධික අවුරුද්ද වසර හතරකට වතාවක් එළැඹෙනවා.
තමන් වෙනුවෙන් මාසයක්…
ජුලියස් සීසර්ට ඔහු වෙනුවෙන් මාසයක් අවශ්‍ය වුණා. ඒ නිසා ඔහු හත්වැනි මාසයට “ ජූලි ” යනුවෙන් නම තැබුන්ා. ජුලියස් සීසර්ගෙන් පසුව ඔගස්ටස් සීසර් රාජ්‍යත්වයට පත් වුණා. ඔහු ජුලියස් සීසර්ට දෙවැනි නොවන විදිහට අටවැනි මාසයට ඕගස්ට් යැයි නම් තබා දින ගනණ 31 ක් ලෙසින් නම් කළා.
මේ දින දර්ශණයේත් දෝෂ…
හැම දෙයකම කාලය සමග වැරදි අඩු පාඩු පේනවා. ඒ නිසාම දැන් මේ දින දර්ශනයේත් විවිධ ගැටළු මතු වුණා. ජුලියන් දින දර්ශනය අවුරුදු දහසක කාලයක් තුළ මතු වුණ දෝෂ ගණන අටක් වී තිබුණා.13 වන ග්‍රෙගරි පාප් වහන්සේට මේ දින දර්ශනය සංශෝධනය කිරීම අවශ්‍ය වුණා. “ ක්ලේවියස් ” තාරකා විද්‍යාඥයන්ගේත් අදහස් මත මේ කැලැන්ඩර්ය “ ග්‍රෙගරියානු කැලැන්ඩරය ” යනුවෙන් හැඳින්වුවා.
මුල් කාලයේදී රෝමානු කතෝලික රටවල් වෙනුවෙන් සීමා වුණා. ප්‍රොතෙස්තන්ත හා පෙරදිග ක්‍රිස්තියානි රටවල් පැරණි කැලැන්ඩරය මත යැපෙන්න හිතුවා. ඒ අනුව එංගලන්තය විසින් 1752 වසරේ මෙම ග්‍රෙගරියානු කැලැන්ඩරය පිළිගත්තා.මේ ග්‍රෙගරියානු කැලැන්ඩර්ය සමග ලෝකයේ විවිධ විදිහට භාවිත වුණ දිනයන් අතර ඒකාත්මික බවක් ඇති වුණා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️