නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Forbes කියන 2024 ලොව බලවත්ම කාන්තාවන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

Forbes කියන 2024 ලොව බලවත්ම කාන්තාවන්

Published January 6, 2025
සීඝ්‍ර විද්‍යාත්මක සහ සංස්කෘතික පරිවර්තනයන් සමග කාන්තාවන් ලොව කෙරෙහි කරන බලපෑම ඉහල යමින් පවතී. ලොව පිළිගත් ෆෝබ්ස් සඟරාව මගින් 2024 වසර සඳහා ලොව බලවත්ම කාන්තාවන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇත. එසේම අධිකාරී බලය ගිලිහුණත් සමාජ පරිවර්තනයක් සඳහා ඔවුන්ගේ නවතම දායකත්වයක් හෙළිදරව් කරයි.

තීරණාත්මකයි

ආර්ථික අවිනිශ්චිතතාවය සහ භූ දේශපාලනික අසංවේදිතා 2024 වසර තුළදී ගෝලීය වශයෙන් බලපෑම් කර ඇත. මෙහිදී පැන නගින තීරණාත්මක ප්‍රශ්නයක් වන්නේ කාන්තා බලය ඉදිරියට ගෙන යනවාද නැත්නම් පසුගාමී කරනවාද යන්නයි. ලෝක බලයේ ඉහළම තලයන් දෙස
බැලීමේදී මුරණ්ඩු ලෙස පුරුෂ ආධිපත්‍ය පැතිරී ඇත. උදාහරණ වශයෙන් ලෝකයේ බලවත්ම ආර්ථිකයන් හතරෙන් තුනක් කිසිදා කාන්තාවක විසින් පාලනය කර නැත. කමලා හැරිස් උප ජනාධිපති ධූරයට උරුමකම් පෑවත් ජනපති පදවිය ලබාගැනීමේදී අසමත් විය. සිලිකන් නිම්නයේ විශාලතම සමාගම් පහට තවමත් කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනියක පත්කර නොමැත. ප්‍රධාන බැංකුවකට නායකත්වය දෙන්නේ වෝල් ස්ටි්‍රට් සිටි ග්රූප්හි ජේන් ෆ්‍රේසර් පමණි. සමස්තයක් වශයෙන් ගත්කළ සමාගම් 500 කට කාන්තා බලය තවමත් බෙදී ඇත්තේ
8% ක් වශයෙනි.

ෆෝබ්ස් 2024 හෙළිදරව්ව

එහෙත් 2024 ෆෝබ්ස් සඟරා සමීක්ෂණය ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා ගැන කරන හෙළිදරව්ව වැදගත්ය. මේ අනුව කර්මාන්ත බිහිවීමේ තීරණාත්මක මංසන්ධියේදී කාන්තාවන් වැඩි බලය අත්කරගන ඇත. අධිකාරී බලය නොමැතිව වුවද වෙළඳ පද්ධති සඳහා කෘතිම බුද්ධිය යටිතල ව්‍යූහයන්හි සිට වෙළඳපොළ ප්‍රතිපත්ති රාමු සැකසීම දක්වා කාන්තාවන්ගේ සැලසුම් සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ආර්ථිකයේ විශාල වෙනස්කම් කරමින් විශාල සමාජ ප්‍රගතියක් අත්කරගනිමින් සිටී.

2024 කාන්තා බලය

යුරෝපීය සංගමයේ බලය අත්පත්කර ගනිමින් එහි ඩොලර් ට්‍රිලියන 18 ක ආර්ථිකය හසුරුවන Ursula von der Leyen සහ Christine Lagarde යන දෙදෙනා කෘතිම බුද්ධියේ සිට ප්‍රතිපත්ති සැකසීම දක්වා වැදගත් තීරණ ගනියි. Giorgia Meloni යුරෝපයේ තුන්වන විශාලම ආර්ථිකය වන
ඉතාලි ආර්ථිකයේ පරිවර්තනයකට මග පෙන්වයි. Claudia Sheinbaum මෙක්සිකෝවේ ප්‍රථම කාන්තා ජනාධිපතිවරියයි. ඇය කලාපීය වෙනස්කම්වලට හේතුවන ලොව 15වන විශාලතම ආර්ථිකය හසුරුවයි.

බලාපොරොත්තුවක්

ලොව ආධිපත්‍ය පැතිරවීම සඳහා 2024 වසර තුළදී කාන්තාවන් විශාල ඉදිරි පියවරක් තබා ඇත. කෘතිම බුද්ධිය සහ තාක්ෂණික යටිතල පහසුකම් පිළිබඳව Lisa Su, Safra Catz ප්‍රමුඛ විශාල කාන්තා බලපෑමක් සිදුවන අතර, සංගීත, ක්‍රීඩා සහ ආර්ථික වෙළඳපොළ සම්බන්ධයෙන් Rachel Reeves, Nirmala Sitharaman, Michele Bullock, Priscilla Almodovar ආදී කාන්තා නායකත්වය සෘජුවම සමාජ බලපෑම් ඇතිකළ වසරක් ලෙස ගෙවී යන 2024 සැළකිය හැකිය.

https://www.forbes.com.au/ ඇසුරිනි

සුනිල් අල්ගම

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?