නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: AI වලින් පිළිකා සෛලවලට පහර දෙන ක්‍රමයක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

AI වලින් පිළිකා සෛලවලට පහර දෙන ක්‍රමයක්

Published November 25, 2024

ඉන්සිලිකෝ මෙඩිසින් ආයතනයෙන් අනාවරණයක්

අපේ සිරුර ගොඩ නැගී ඇත්තේ සෛල මිලියන ගණනාවකින්. සිරුරේ අවයව, අස්ථි, මාංශ පේශි, හම සහ රුධිරය වැනි කොටස් නිර්මාණය වී තිබෙන්නේ සෛලවල එකතුවෙන්. එක් එක් සෛලයක් තුළ න්‍යෂ්ටියක් තිබෙනවා. මෙම සෛල  න්‍යෂ්ටිය තුළ DNA රසායනයෙන් සැදුන ජාන දහස් ගණනක් තිබෙනවා. අපේ සිරුරේ ඇති සෛල වර්ග කාලයෙන් කාලයට බෙදීම සහ ගුණවීම සිදු වෙනවා. පැරණි සෛලය වෙනුවෙන් අලුත් සෛලයක් නිර්මාණයවීම සෛල ප්‍රතිස්ථාපනය යනුවෙන් හැඳින්වෙන අතර සමහර සෛල ගුණවීමක් (Multyply) සිදු වෙන්නේ නැහැ. මේ විදිහට අපේ සිරුරේ සෛල සමබරව පවත්වා ගැනීමට සිරුරට හැකියාව තිබෙනවා. මේ අලුත් සෛල බාහිර හෝ සමහර හේතු නිසා DNA  වල විකෘති ඇති කරනවා. එමගින් අසාමාන්‍ය සෛල ඇති විය හැකියි.

පිළිකා සෛල

සමහර සෛල වෙනස් වීම හෝ හානි වීම නිසා අසාමාන්‍ය සෛලයක් බවට පත් වෙනවා. මේ සෛලය නැවත අලුත්වැඩියාවක් හෝ ගුණනය වීමකින් තොරව වර්ධනය වෙනවා. මේ සෛල තමන්ගේ අලුත්වැඩියාව හෝ ගුණනය ගැන තැකීමක් කරන්නේ නැහැ. මේ විදිහට ඇති අසාමාන්‍ය සෛල එක් වී ඇති වෙන සෛල පිලිකා වර්ගයේ ගෙඩියක් විදිහට හැඳින්වෙනවා.

පිළිකාවක් කල් තබා හඳුනා ගැනීම…

පිළිකාවක් කල් තබා හඳුනා ගැනීමෙන් සුවය ලැබීමේ හැකියාව වැඩි වුණත් බොහෝවිට එය හඳුනා ගැනීමේ ප්‍රමාදය නිසා රෝගියාගේ තත්ත්වය බරපතල වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම පිළිකාවට ගැළපෙන සාර්ථක ඖෂධ නිර්දේශ කිරීමත් එහි සුවපත් වීමේ ප්‍රවණතාවය වැඩි කරනවා. මේ නිසා අද වෙන විට පිළිකාව සුවපත් කිරීමේ ප්‍රතිකාර සොයා ගැනීම සඳහා කෘතිම බුද්ධියේ පිහිට සොයන්නට පර්යේෂකයන් උනන්දු වුණා. කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මේ වෙනුවෙන් කෘතිම බුද්ධියේ සහයෝගය ලබා ගැනීමේ අධ්‍යනයන් ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව වෛද්‍යවරයෙකු විසින් පිළිකාව හඳුනාගෙන ලබා ගත් වාර්තාවන්ට අනුව රෝගියා ජීවත් වෙන කාලය වගේම අදාල ප්‍රතිකාර හඳුනා ගැනීමට කෘතිම බුද්ධිය සමත්ව සිටිනවා. කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් “ ඉන්සිලිකෝ මෙඩිසින් ” නැමැති වෛද්‍යායතනය හා එක්ව පරිගණක කෘතිම බුද්ධිය යොදා ගෙන මෙම පර්යේෂණය සිදු කර තිබෙනවා. ඔවුන් මේ වෙනුවෙන් ෆාමා (Pharma) නැමැති කෘතිම බුද්ධිය යොදා ගත්තා. මෙම ෆාමා කෘතිම බුද්ධිය විසින් Hepatocellular Carcinoma-HCC‍‍ පිළිකාවට ප්‍රතිකාර කළ හැකි ක්‍රමවේදයක් හඳුනා ගෙන තිබෙනවා.

මෙම කෘතිම බුද්ධියට පිළිකා රෝගියෙකුගේ පිළිකා සෛලවලට පහර එල්ල කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී “ ෆාමා ” මගින් පිළිකා රෝගීන්ට සුවපත් වීමේ හැකියාවක් ඇති බවටත් බලාපොරොත්තුවක් ගොඩ නැගී තිබෙනවා.

බ්‍රිතාන්‍ය කොලම්බියා විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා පර්යේෂක ජෝස් නුනෙස් සඳහන් කරන්නේ මේ කෘතිම බුද්ධිය එනම් ෆාමාට වෛද්‍යවරයෙකුට මෙන් වෛද්‍ය වාර්තා කියවීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව රෝගියාගේ වයස, පිළිකා වර්ගය, සෞඛ්‍ය තත්ත්වය, මේ වෙන විට රෝගියා වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රතිකාර, ප්‍රතිකාර වෙනුවෙන් යොදාගත් ක්‍රමවේද සහ ඒවායේ සංයුතිය වැනි බොහෝ තොරතුරු අනාවරණය කරගැනීමට පුළුවන්

බ්‍රිතාන්‍ය කොලම්බියා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා පර්යේෂක ජෝස් නුනෙස් සඳහන් කරන්නේ මේ කෘතිම බුද්ධිය එනම් ෆාමා ට වෛද්‍යවරයෙකුට මෙන් වෛද්‍ය වාර්තා කියවීමේ හැකියාව ඇති නිසා රෝගියාගේ වයස. පිළිකා වර්ගය, සෞඛ්‍ය තත්ත්වය, මේ වෙන විට රෝගියා වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රතිකාර, ප්‍රතිකාර වෙනුවෙන් යොදාගත් ක්‍රමවේද සහ ඒවායේ සංයුතිය වැනි බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමේ හැකියාව තිබෙනවා.

Hepatocellular Carcinoma-HCC‍‍ කියන්නේ අක්මාව ආශ්‍රිතව ඇති වෙන  Hepatocellular Carcinoma-HCC‍ පිළිකා රෝග තත්ත්වයේදී මෙතෙක් මෙම අක්මා පිළිකාව ( Hepatocellular Carcinoma-HCC ) සුව කිරීමට යොදා නොගත් ක්‍රමවේදයක් අනුගමනය කරනු ලැබුවා. බ්‍රිතාන්‍ය කොලම්බියා විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද මෙම පර්යේෂණය වෙනුවෙන් එරට විසූ පිළිකා රෝගීන් 47, 625 කට අධික පිරිසක් සම්බන්ධ කරගත්තා. මෙහිදී හඳුනාගත් නව අණුවක් අනුව පිළිකා සෛලවලට පහර එල්ල කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී “ ෆාමා ” මගින් පිළිකා රෝගීන්ට සුවපත් වීමේ හැකියාවක් ඇති බවටත් බලාපොරොත්තුවක් ගොඩ නැගී තිබෙනවා.

බ්‍රිතාන්‍ය කොලම්බියා විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා පර්යේෂක ජෝස් නුනෙස් සඳහන් කරන්නේ මේ කෘතිම බුද්ධිය එනම් ෆාමාට වෛද්‍යවරයෙකුට මෙන් වෛද්‍ය වාර්ථා කියවීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව රෝගියාගේ වයස, පිළිකා වර්ගය, සෞඛ්‍ය තත්ත්වය, මේ වනවිට රෝගියා වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රතිකාර, ප්‍රතිකාර වෙනුවෙන් යොදාගත් ක්‍රමවේද සහ ඒවායේ සංයුතිය වැනි බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමේ හැකියාව තිබෙනවා.

ෆාමා විසින් අදාල රෝගියාගේ පිළිකා සෛල හඳුනාගැනීමෙන් පසුව දින 30 ක් පුරා හඳුනා ගත් නව අණුවෙන් පිළිකා සෛල දුර්වල කිරීම සිදු කරනවා. මෙය අනාගතයේදී සාර්ථක ප්‍රතිකාරයක් වීමට ඉඩ තිබෙන බැව් ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ගේ අදහස වී තිබෙනවා.

ලෝකයේ බොහෝදෙනා කෘතිම බුද්ධිය යොදා ගෙන භාෂාත්මක සහ කලා නිර්මාණ කරද්දී අපි කෘතිම බුද්ධිය යොදා ගෙන පිළිකා සෛලවලට පහර දෙන ක්‍රමවේදයක් හඳුනා ගත්තා… යැයි ඉන්සිලිකෝ මෙඩිසින් ආයතනයේ ආරම්භක හා එහි ප්‍රධාන විධායක ඇලෙක්ස් ශවොරොන්කෝ සඳහන් කරනවා. ඒ නිසා පිලිකාව හඳුනා ගැනීම වගේම ඒ වෙනුවෙන් වූ ප්‍රතිකාර පද්ධතිය ලබා දීමේ අනාගතයේදී ෆාමාට භාර දීමේ දිනයක් උදා විය හැකි බවටත් සුබ නිමිති ඇති බවට පර්යේෂකයන් අනාවැකි පළ කරනවා.

positive solutons. uk ඇසුරෙන්

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

භාග්‍යවතුන්වහන්සේ දුටුවා මෙන් පහන් සිත උපදවාගත හැකි ස්ථාන නමදින්න

May 12, 2025

දැනගත යුතුම නව අරහාදී බුදුගුණ

May 12, 2025

මහා තොරණ්වලට බයක් සැකක් නැතුව ලයිට් දෙන අක්ක නගෝ

May 12, 2025

වෙසක් පෝය ලෝකෙට ගෙනිච්ච කදිරගාමර්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?