අප රෝගයක් වැළඳුණු විට ඖෂධ ලබාගත යුතුමය. එහෙත් අප හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යන්නේ නම් ඖෂධ කරා යොමුවීමන් බොහෝ දුරට වැළකිය හැකිය. ශාරීරික හා මානසික ව්‍යායාම හැරුණු විට මෙහිදී අප පිහිටට එන්නේ ආහාරයි.
දියවැඩියාවට හොඳයි
මෑත කාලීන පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ බොහෝ දෙනෙකුට වැළඳෙන 2-වර්ගයේ දියවැඩියාව සඳහා බණ්ඩක්කා උපකාරී වන බවයි
බර අඩුකරගන්න කැමතිනම් බොන්න
බණ්ඩක්කාවල ආහාරමය තන්තු සහ ප්‍රෝටීන අඩංගුය’ මේදය බන්ධනය (Fat binding) සහ සමස්ථ කැලරි ප්‍රමාණය අඩු කිරීම එහි මෙහෙයයි. එපමණක්ද නොව සිරුරේ සජලනය පවත්වාගෙන යමින් පරිවෘත්තීය ක්‍රියාව වැඩිදියුණු කිරීමටද රැයක් බණ්ඩක්කා කැබලි පෙඟවූ ජලය උපකාරී වේ.
ආහාර ජීරණය දියුණු කරයි
බණ්ඩක්කාවල ජෛව ක්‍රියාකාරී සංයෝග (Bioactive Compounds) වල ඇති Mucilaginous නම් සෙම සහිත ක්ෂාරීය සංඝටකය කුඩා අන්ත්‍රයේ වණ සහ ක්ෂාරීය අම්ල උදාසීන කරයි.
සමේ පෙනුම ඔපවත් කරයි
සිරුරේ විශාලතම ඉන්ද්රිය වන සම අභ්‍යන්තර අවයම හා බාහිර ලෝකය අතර බාධකයක් ලෙස කටයුතු කරයි. මේද ද්‍රාව්‍ය විටමින් වර්ගයක් වන විටමින් ඒ, ආසාදන හා දැවිල්ලට එරෙහිව සටන් කරමින් සමේ ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීම සඳහා ඉටු කරන්නේ තීරණාත්මක කටයුත්තකි.
විටමින් සී මගින් කොලජන් සංස්ලේෂණය කර උත්තේජනය කරන අතරම අල්ට්රා වයලට් කිරණවලට එරෙහිව ප්‍රතිඔක්සිකාරක නිපදවමින් ආරක්ෂාව සපයයි. අමු බණ්ඩක්කා කෝප්පයක විටමින් ඒ මයික්රොග්රෑම් 36 ක් සහ විටමින් සී මිලිග්‍රෑම් 23 ක් අඩංගුය. මේ නිසා සම පැහැපත් වීම සඳහා බණ්ඩක්කා ජලය පානය වැදගත් වේ.
පෝෂ්‍ය ගුණයෙනුත් පොහොසත් විටමින් සී, ෆෝලේට් සහ විටමින් කේ බණ්ඩක්කා ජලයේ අඩංගු වන අතර විටමින් සහ ඛනිජ ලවණ ඇතුළු ඔබේ දෛනික පෝෂණ අවශ්‍යතාවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ලබා දෙයි.
අවදානම් අවස්ථා සාමාන්‍යයෙන් බණ්ඩක්කා මිනිසුන්ට ආරක්ෂිත ආහාරයකැයි සැලකේ. එහෙත් බණ්ඩක්කාවලට ආසාත්මිකතා ඇති පුද්ගලයින්ගේ සිරුරු තුළ අහිතකර ප්‍රතික්‍රියා ඇතිවිය හැකිය.
සකස් කරගන්නේ මෙහෙමයි
සිහින්ව කපාගත් බණ්ඩක්කා වතුරේ පොඟවා රැයක් ශීතකරණයක් තුළ තබන්න. උදේට බණ්ඩක්කා ඉන් ඉවත්කර වතුර පෙරා පානය කරන්න.
වචනයක්!
බණ්ඩක්කා රැයක් පොඟවා ගනු ලබන ජලය රුධිරයේ සීනි මට්ටම අඩු කිරීම, බර අඩු කිරීම, ආහාර ජීර්ණය වැඩිදියුණු කිරීම යන සුවිශේෂී කාර්ය ඉටුකරයි. එහෙත් ඔබේ සෞඛ්‍ය උපදේශකයාගේ උපදෙස් පැතීම සුදුසුය.
health.com ඇසුරෙන්
සුනිල් අල්ගම ✍️