නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මොන සිතුවිල්ලෙන් කළත් කෙනෙකු මැරීම අකුසල්ම තමයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මොන සිතුවිල්ලෙන් කළත් කෙනෙකු මැරීම අකුසල්ම තමයි

Published October 28, 2024

බොහෝ දෙනාගේ අදහස වී තිබෙන්නේ ජීවිතය යනු විඳීමක් මිස විඳවීමක් නොවන බවයි. ඒ නිසාම තමාට ජීවිතය පිළිබඳව ඇති හෙම්බත්වීම නිසා මරණය ඉල්ලා සිටීමට හෙවත් සිය කැමැත්තෙන් මරණයට පත් වීමට නිදහස අවශ්‍ය බව බොහෝ දෙනාගේ  තර්කයයි. අනායාස මරණය හෙවත් Euthanasia යනු ග්‍රික භාෂාවට අනුව සහන මරණය හඳුන්වන ඉංග්‍රිසි වචනයයි. මෙම සංකල්පය මුලින්ම ලෝකයට ප්‍රකාශ කරන ලද්දේ ප්‍රැන්සිස් බේකන් විසින් 17 වන ශතවර්ෂයේදීය. සහන මරණය මුලින්ම නීතිගත කළ රාජ්‍යය නෙදර්ලන්තය වන අතර දෙවැනි රට බෙල්ජියමයි. නෙදර්ලන්තය මෙය “කාරුණික මරණය “ලෙසින් හඳුන්වා තිබේ. බෙල්ජියමේ සහන මරණයට පත් ප්‍රථම පුද්ගලයා 2008 වසරේදී මරණය ඉල්ලා ගත් හියුගෝ ක්ලාස්ය. ඒ සමඟ දෙවැනි තැනට පත්ව සිටින්නේ වසරේ අභ්‍යන්තරයේ සෛල ක්‍රියාකාරිත්වය පිලිබඳ අධ්‍යනය වෙනුවෙන් 1974 නොබෙල් සම්මාන ලද ක්‍රිස්ටියන් රෙනේ වයිකවුන්ට්ය. පිළිකා රෝගයෙන් පීඩාව නිසා ඔහු සහන මරණය ඉල්ලා සිටියේය.

වේදනාවන් විඳින රෝගීන් එයින් නිදහස් කිරීම මුල් කරගෙන හෝ කිසිවෙකුගේ මරණය ඉක්මන් කිරීමට වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම තුළ අවසර නැත. එය දඬුවම් ලැබීමට තරම් සාහසික අපරාධයකි.අනායාස මරණය වෙනුවෙන් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද අවසර ලැබී තිබේ. ඒ අනුව රෝගී තත්ත්වයෙන් තමාට ජීවිතය පිළිබඳව ඇති දැඩි පීඩනයෙන් මිදෙනු පිණිස මරණය ඉක්මන් කර ගැනීමට දැන් නීතියෙන් බාධාවක් නොමැත. එම මරණය ඉතාම ගෞරවාන්විත බැව් මෙම තීන්දුවට පක්ෂපාතී පිරිස් විසින් සඳහන් කර තිබේ. ඒ අනුව ආනායාස මරණය සිදු කරන ආකාර කිහිපයක් ඇත.

  • ශ්වසන ආධාරක ගලවා දැමීම
  • ආහාර සපයන බට ඉවත් කිරීම
  • තීරණාත්මක සැත්කමක් නොකර සිටීම.
  • ජීවත්ව සිටීමට අවශ්‍ය ඖෂධ ලබා නොගැනීම

මෙම කාරුණික මරණය වෙනුවෙන් තවමත් බොහෝ රටවල් විසින් අනුමැතිය ලැබී නැහැ. එහෙත් කවදා හෝ දිනක අපේ රටේ වුණත් මෙම සංකල්පය සමාජගත වීමට ඉඩ තිබෙනවා.එහෙත් මෙලොව උපත ලද පුද්ගලයෙකුට ඔහුගේ අවසන් හුස්ම පොද ගිලිහෙන තෙක් ජීවත්වීමට අයිතියක් තිබෙනවා. සමහර විට අපට එය වේදනාවක් ලෙසින් සිතුනද රෝගී වු පුද්ගලයාට තවත් තත්පරයක් හෝ ජීවත් වීමට අයිතියක් තිබෙනවා. ඔවුන්ගේ මරණය සැබැවින්ම ස්වභාවික මරණයක් විය යුතුයි. එය කාරුණික ලේබලයෙන් යුක්තව අපේ හිතට හොරා සාධාරණ කර ගැනීමට අයිතියක් නැත.

මෙය ප්‍රාණඝාත අකුසලයක්ද…?

අපේ බුදුරජාණන්වහන්සේ ප්‍රාණඝාත අකුසල කර්ම ගැන මෙන්ම ඒවායේ විපාක ගැනත් දේශනා කළ සේක. ප්‍රාණඝාත අකුසලයක් කරන පුද්ගලයෙකුට වෙනත් ඕනෑම අකුසලයක් කිරීමට තරම් දරුණු චරිතයක් බැව් බුදුරජාණන්වහන්සේ සමාජයට පෙන්වා දුන් සේක.නමුත් දැන් උක්ත ලෙසින් වූ සංකල්ප සමාජගත වන ප්‍රවණතාවයක් තිබෙනවා. මෙහිදී ඔවුන් නිදහසට ඉදිරිපත් කරන තවත් කරුණක් තිබෙනවා. මිනිසෙකු වේවා… සතෙකු වේවා… දුක්විඳිමින් ජීවත් වීමට වඩා මරණයට පත් නොවනවා නම් ඒ සත්ත්වයා මරණයට පත් කිරීම වඩාත් සාධාරණ බවට වූ අදහසක් ගොඩනැඟී තිබෙනවා.

පණ ඇති සත්ත්වයෙක්වීම…

1. පණ ඇති බවට දැණුවත්ව සිටීම

2. ප්‍රාණය නැසීම පිණිස වුවමනාවක් හෙවත් චේතනාවක් තිබීම

3. ප්‍රාණය නැසීම සඳහා යම් උපක්‍රමයක් පාවිච්වි කිරීම

4. මේ සියළු අංග සම්පූර්ණ වී ප්‍රාණය නිරුද්ධ වීම

මෙතැනදී තුන්වැනි අංකය ඉතාම වැදගත්. අප විසින් ගනු ලබන තීරණයේදී ප්‍රාණය නැසීම පිණිස වුවමනාවක් හෙවත් චේතනාවක් තිබීම යන අවස්ථාවේදී ඇති සියුම් අවදානම නොසලකා සිටිය යුතුද නැත.

ආනන්තරිය පාපකර්මයක් විය හැකිද…?

බුදුරජාණන්වහ්නසේගේ දේශනාවට අනුව ආනන්තරිය පාප කර්ම පහක් සඳහන් කරනවා.

  • මව මැරීම
  • පියා මැරීම
  • බුදුරජාණන්වහන්සේගේ ශ්‍රි ශරීරයේ ලේ සෙලවීම
  • මහරහතන්වහනසේ නමක් මැරීම සංඝ භේදය කිරීම

යම් ලෙසකින් ඉතා රෝගාතුරව සිටින මව හෝ පියා ඔවුන් දුක් විඳින නිසා මරණයට පත් වීම සාධාරණ යැයි සිතමින් වේදනාවෙන් මිදීම සඳහා මරණයට පත් කරවීමට අනුමැතිය ලබා දෙන්නේ නම් එයද ආනන්තරිය පාපකර්මයට නිසැකවම අයත් බැව් සඳහන් කිරීමට සිදු වෙනවා.එහෙත් අද බොහෝ දෙනා නිතරම තර්ක බුද්ධියෙන් ප්‍රශ්න දෙස බැලීමට පුරුදුව සිටිති. ජීවිතය යනු විඳින්නට ඇති දෙයක් මිස විඳවන්නට ඇති දෙයක් නොව බැව් ඔවුන්ගේ තර්කයයි.

සැබැවින්ම ජීවිතය යනු දුකකි. ඉපදීම දුකකි. ජාති, ජරා, ව්‍යාධි, මරණ වගේම අප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන් වීම, දුක් දොම්නස් ආදි මේ සියල්ල ජීවත්වන අපට මුහුණ දිය යුතු ගැටලු වේ. ඉපදීම දුකක් යැයි බුදුරජාණන්වහන්සේ දේශනා කළේ ඒ නිසාය. එබැවින් අප කළ යුතු දෙය වන්නේ මරණය ඉක්මන් කිරීම නොව සංසාරයේ ඉපදීම නැති කරගැනීම හෙවත් නිවන් දැකීම බැව් කිව යුතුය. උපතක් ලැබුණොත් මරණයද හිමිය. අපට උපත ලබන්නට වෙලාවක් නැතුවා සේම, මරණයට වේලාවක් නැත. ඒ නිසා තවත් පුද්ගලයෙකුගේ ජීවිතය කාරුණික ලේබලයේ මුවාවෙන් මරණය ඉක්මන් කිරීම මානුෂීය ධර්මතාවයක් නොවේ.

අතීතයේදී යම් පුද්ගලයෙකුගේ ජීවිතයේ අවසාන දින කිහිපය ගැන හඳුනාගත් අපේ පැරණ්නන් ඒ පුද්ගලයාගේ පරලොව සුගතිගාමී වීම පිණිස සෙත් පිරිත් සජ්ජායනා කිරීම, පිංපොත කියවමින් ඔහු විසින් සිදු කරන ලද පිංකම් ගැන මතක් කිරීමට හුරු පුරුදුව සිටියහ. ඒ හැර මරණය ඉක්මන් කළේ නැත. අවසාන හුස්ම පොද පවා නිදහසේ හෙලන්නට ඉඩ දුන්හ. ඒ නිසා ජීවත්වීමට තවත් පුද්ගලයෙකුට ඇති අයිතිය නැති කිරීම මානුෂීය වශයෙන් වගේම බුදුදහමට අනුව අකුසල කර්මයක් බැව් සඳහන් කිරීමට සිදු වේ.

රාජකීය පණ්ඩිත පූජ්‍ය කන්දේගෙදර
සෝභිත ස්වාමින්වහන්සේ
ජයසුමනාරාම පුරාණ විහාරය,
රත්මලාන


පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?