පහුගිය සතියේ කොලමෙදි අපේ නුවන් ගම්මන්පිල සහෘදයා, තමා ලියූ කෘතියක අලෙවිය දරාගත නොහැකිව ත්‍රීවිලරයක යන ගමන් අත්විඳි සිදුවීම ඉහළ ප්‍රසාදයට බඳුන් වෙච්චි නිසා, අපේ අත්දැකීම් කිහිපයකුත් මේ හා බෙදා හදාගන්න හිතුවා.
ඇත්තටම කොළඹ පොත් ප්‍රදර්ශනයේ විශාල අලෙවියක් තිබුණු පොත් තිබුණා. ඒ වගේම කිව්වත් වගේ මුදල් ගෝනිවල දාගෙන යා හැකි මට්ටමේ අලෙවියක් තිබුණු ප්‍රකාශන ආයතන තිබුණා..! ඒ බොහොමයක් ප්‍රකාශන ආයතනවල සේවයට අරං තිබුණේ අත්දැකීම් අඩු අය. ඒ නිසා අහන අහන පොතට ඥැහ්… ගානව මිස සහායක් නං ලැබුණේ නෑ. වතාවක් මම මරදානෙ පොත් සාප්පුවක සේවය කරපු යුවතියකගෙන් පොතක් ඉල්ලා සිටියා…
මිස්, ඩොයිලිගේ දිනපොත තියෙනවද?…
ඩොයිලගේ දිනපොත නං නෑ සර්… අපි ගාව සීවලී දිනපොතයි, ලේක්හවුස් දිනපොතයි නං තියෙනවා!…
ජෝන් ඩොයිලි උඩරට අල්ලා ගැනීමේ කුමන්ත්‍රණය ගැන ලියපු තොරතුරු තියෙන පොත පරිවර්තනය වෙලා
තියෙනවා. නමුත් ඒ ළමයි ඒක දන්නෑ… මොකක් හරි ඩයරියක් කියල හිතන්න ඇති…
ඔය පොත් විකිණීමේ කටයුතුවල වසර ගණනාවක් මමත් යෙදිලා ඉන්නකොට දැකල තියෙනවා හරි අනුවේදනීය දේවල්…
මහත්තයා මේ පොත කීයද?…
අටසීයයි සර්… මම කියනවා.
ඩිස්කවුන්ට් නැද්ද?…
ඩිස්කවුන්ට් එක සියයට විස්සයි. පොතේ මිල දැන් 1000 ක් වෙනවා සර්. මේ
තියෙන්නේ ප්‍රින්ට් කරලා… මම
කියනවා.
මේ පොත කලින් නං අඩුවට තිබුණා… ඒ වයෝවෘද්ධ මහත්මයා කියනවා…
ඔව් සර්… අවුරුදු 5 කට කලින් මේ පොත රුපියල් 350 ක් විතර වුණේ.දැන් අර මනුස්සයා ගුලිකරගෙන හිටපු මුදල් වගයක්, සාක්කුවෙන් අරගෙන දිගඅරිනවා…
උඩ සාක්කුවෙනුත් මුදල් වගයක් ගන්නවා. සාක්කු දෙකටම තට්ටු කරලා බලනවා. ඒ මනුස්සයා ගාව හයසීයකට වඩා තිබ්බේ නෑ… ආයෙත් සල්ලි සාක්කුවට දාගෙන, පොත අතට අරං කවරෙ අතින් අතගෑවා… ආයෙ පිටිපස්ස පෙරළලා රාක්කෙන් තියල හිනාවුණා…
ලොකු හුස්මක් පිටකරපු සද්දේ ඇහුණාම මමත් කඩා වැටුණා.
සර්… ඔය පොත අරං යන්න… අපේ ප්රකාශනයක්නෙ. මට මතකයි සර් හැම අවුරුද්දකම එනවා.
නෑ එපා. මම සල්ලි දෙන්නං. තියල ආයෙ සාක්කුවට අත දාද්දි…
මම බලෙන් ඒ මනුස්සයට පොත දීලා, ලබන අවුරුද්දෙත් එන්න කියද්දි ඒ මනුස්සයගේ ඇස් දිලිසුණා…
මිනිස්සු පොත් ගත්තට බහුතරය කියවන්නෑ… විලාසිතාවට, රැල්ලට තමා පොත් ගන්නේ… රැල්ල හැමවෙලාවෙම නිවැරදි නෑ…
රැල්ලට ගහගෙන එන්නෙත් කුණු බෝතල්, ලී දඬු, ප්ලාස්ටික් කෑලි වගේ අපද්‍රව්‍යනෙ!

ඇත්තටම කියවන මිනිස්සුන්ට පොත් ගන්න බැරි තරම් මිලයි!
ඒත් අපි පොත්වල උජාරුවෙන් ගහනවා 15 වැනි, 25 වැනි, 30 වැනි මුද්‍රණය කියලා…
අනේ ප්‍රකාශක මහතුනේ… එච්චර ගොඩක් ගැහුවා නං… එච්චර පොත් ගියා නං… ඔය පොත් තව කීයක් හරි අඩුකරල දෙන්නකො….!!!
මනෝරම වීරසිංහ