දවස පුරාම වෙහෙස වෙලා නිදහසේ ඉන්න අපි තොරගන්න තැන තමයි අපේ නිදන කාමරය කියන්නේ. ඔබ හොයන නිදහස, සුවපහසුව ඔබගේ නිදන කාමරය තුළත් පවතීද ? සාම්ප්‍රදායික විදිහට අපගේ නිදන කාමරවල ඇඳට අමතරව, රෙදි පිරුණු අල්මාරි, කණ්නාඩි මේස, ටවර් රැක්, ලියන මේසයක්, පුටුවක් වැනි ගෘහ භාණ්ඩ පිරුණු ඉඩකඩ සීමිත නිදන කාමරයකි. ඒ තුළ අප සොයන නිදහස දක්නට නොලැබේ. ඔබේ අවශ්‍යතා ද ඉටුවන පරිදි සිතට සැනසිල්ල හා සුවපහසු ගෙන ආයුරින් ඔබගේ නිතැන කාමරය වෙනස් කරමු.
නිදන කාමරය නිර්මාණය කර ගැනීමේදී ඔබේ ඇඳුම් සඳහා වෙනම ස්ථානයක් වෙන්කරවා ගැනීමද,Dressing table ද, එම කොටස තුළට ඇතුළත් කිරීමද වඩාත් යෝග්‍ය වේ. කිලිටු ඇඳුම් සහ තෙත තුවාය නිදන කාමරයෙන් ඈත් කර තැබීමට ඔබට හැකි වේ. ඒ සඳහා නාන කාමරය ආසන්නයේ යම් කොටසක් තෝරා ගැනීමට ඔබට පුළුවනි.
නාන කාමරයට පසු, ක්ලසට් ඒරියා එකක් නිර්මාණය කර ඉන්පසු නිදන කාමරයට ඇතුල් වන අයුරින් නිතැන කාමරය කොටස් ලෙස වෙන්කර ගැනීමෙන් ඉතාමත් පිළිවෙලට හා අලංකාරයට ඔබගේ නිදන කාමරය සැලසුම් කරගත හැකිවේ.මෙහිදී නිදන ඇඳ සහිත කොටස, නිදන ඇඳ, Bed site cupboard, අවශ්‍ය සීමිත ගෘහ භාණ්ඩ යොදාගෙන නිදහස්ව කාලය ගතකර හැකි පරිදි සරල සුන්දර නිදන කාමරයක් නිර්මාණය කර ගත හැකි වේ.
01. නිදන කාමරයේ ප්‍රමාණය…
සාමාන්‍යයෙන් ප්‍රධාන නිතර වර්ග අඩි 200 ට ආසන්න ප්‍රමාණයක් අයත් වේ. දළ වශයෙන් අඩි 14 x 15 කාමරයක්. එය නිවසේ ප්‍රමාණය මත යම් යම් ප්‍රමාණ වෙනස් වේ.
02. නිදන ඇද…
නිතර කාමරය තුළ Bed එක තබන ස්ථානය වඩාත් වැදගත් වේ. ප්‍රමාණයෙන් විශාල බිත්තියකට Bed hear එක සිටින ලෙස තබා ඇඳ දෙපසින්ම ගමන් කළ හැකි පරිදි තැබිමට හැකිවේ. ජනේලයක්, බැල්කැණියකට මුහුණලා පිහිටවා ගත හැක. Bed size අපිට සම්මත ප්‍රමාණය ලෙස, King 72 x 75 ,Queen 60x 75, Large Single 48×75,Single 36×75 දැකගන්න පුළුවන්.
ඒ වගේම මෙට්ටයේ ඝනකම අඟල් 8, 10, 12 ලෙස විවිධ ප්රමාණයන්වලින් Spring Mattress, Nomal Mattress, Pillow Top With Mattress ලෙස විවිධ මාදිලියෙන් වෙළඳපොලෙන් අපට ලබාගැනීමට හැකි වේ. මෙහිදී ඝනකම වැඩිවීමදී මෙට්ටේ ඇති සුවපහසු බවද වැඩිවේ. එමනිසා ඔබ මිලදි ගැනීමේදී මේ ගැන වඩාත් සැලකිලිමත් වීම මගින් ඔබ බලාපොරොත්තු වන සුවපහසුව ළඟා කර ගැනීමට හැකිවේ.
Bed එක නිර්මාණය කරගන්නා Material එක, ඉස්සරහට ලී බහුලව භාවිත කළා. කලින් බෙඩ් හෙඩ් එක හා බේස් එක එකට සවිකර තිබුණද, මේ වනවිට එය කොටස් ලෙස වෙනම භාවිත කළ හැකිවේ. එහිදි බෙඩ් හෙඩ් කොටස බිත්තියේ සවි කළ හැකි පරිදි, පැබ්රික් පැඩට් හෙඩ්බෝඩ් බහුලව දකින්න ලැබේ. ඇඳ රෙදි සඳහාද, කාමරයේ වර්ණයන්වලට ගැළපෙන පරිදි තෝරගන්න ඔබට පුළුවන්, විශාල කලබලකාරී මෝස්තර රටා වෙනුවට, තනි පාට හෝ සරල මෝස්තරයක් තෝරා ගැනීමෙන් කලබලකාරී බව අඩුකර ගැනීමට හැකි වේ.
03. නිදන කාමරයේ තිර රෙදි…
පෞද්ගලිකත්වය ආරක්ෂාව වන පරිදි වැඩි ඝනකමින් යුත් තිර රෙද්දක් ඔබට භාවිතා කරන්න පුළුවනි, ඒ වගේම ස්වභාවික ආලෝකය ලබාගැනීම සඳහා විනිවිද පෙනෙන තිර රෙද්දක් ඔබ භාවිත කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඊට ඉදිරියෙන් ඝනකම සහිත තිර රෙද්දක්ද මිශ්‍රව යොදා ගැනීමෙන්, කාමරය තුළට ලැබෙන ආලෝක ප්‍රමාණය පාලනය කිරීමටද ඔබට හැකියාව ඇත. Roman blind, සීබ්රා Blind ද නවින පෙනුමක් ලබාගැනිම සදහා නිදන කාමර සඳහා යොදා ගනී.
04. පොළොවේ නිමාවන්…
ටයිල් හා ලී නිමාවක් සහිත ටයිල්, ලී පොළොවක්, ටයිටේනියම් පොළවක්, ලැමිනේට් Floring, වයින නයිල් ෆ්ලෝරින්, ඔබට යොදාගත හැකිවේ, ඔබ කාපට් යෙදීමට බලාපොරොත්තු වෙනවා නම් එය නඩත්තු කිරීමට පහසුව සඳහා නිතර කාමරය වායු සමනය කිරීමට මතක තබා ගන්න.
05 බිත්ති නිමාවන්
වර්ණ ආලේප කරන්නේ නම්, බේඩ් හෙඩ් පවතින බිත්තිය සඳහා වෙනත් වර්ණයක් භාවිත කරමින් Bed එක කැපී පෙනෙන ආකාරයට බිත්ති වර්ණ ආලේප කර ගැනීමට ඔබට පුළුවනි, ලී නිමාවන්, Wallpaper art, වෙනත් ගල් නිමාවන් වැනි දෑද ඒ සඳහා යොදා ගැනීමට හැකි වේ. නිදන කාමරය නිර්මාණය කරන සංකල්පය මත මෙම නිමාවන් ගැළපෙන අයුරින් යොදා ගන්නන් ඔබට පුළුවනි. පවුලේ මතක සහිත ඡායාරූප එකතුවක් ඇතුළත් Picture wall එකක් නිදන කාමරය එකතු කරගන්න ඔබට පුළුවන්.
06 වාතාශ්‍රය හා ආලෝකය
කාමරය තුළට ස්වාභාවික ආලෝකය හොඳින් ලැබෙන පරිදි විශාල ප්‍රමාණයේ ජනෙල් යොදා ගැනීම වඩාත් උචිත වේ.
07 Wiring
Bed room එකකදී අවදානය යෙදිය යුතුම කොටසක් වේ. වෙබ් සයිට් කබඩ් සඳහා, ස්විච් තබා ගැනීමේදීද, Dressing table හා රයිටින් Table, වායු සමීකරණ යන්ත්‍ර සඳහා, ස්විච් තැබීමේදීද නිවැරදි උසවල් පවත්වා ගැනීමට ඔබ අවධානය යොමු කළ යුතුවේ. බෙඩ්සයිට් එක සඳහා, විදුලි පංකා පාලනයක්, විදුලි බුබුළු සඳහා ටූ වේ ස්විචස් ඔබ යොදා ගැනීමට අමතක නොකරන්න. සිවිලිං විදුලි පංකාවක් ඇති විට විදුලි පංකාවට ආවරණය නොවන පරිදි සිවිලිමේ විදුලි බුබුළු ස්ථානගත කිරීමට වග බලා ගන්න.
වායු සමීකරණ යන්ත්‍ර සවිකිරීමේ දී, Outdoor unit එක තවන ස්ථානය ගැන ද සැලකිලිමත් වීම, කාමරයේ බිත්තිය පුරා වයර් රැඳීම හා කේසින් යොදා ගැනීම අවම කර ගැනීමට ඔබට පුළුවනි. කාමරය පුරා ඒකාකාරී කෘතිම ආලෝකයක් විදුලි බුබුළුවලින් ලබා ගන්නවා වෙනුවට, අවශ්‍ය ස්ථාන සඳහා අවශ්‍ය ප්‍රමාණයෙන් ආලෝකය ලබාගත හැකි පරිදි අඩු වෝල්ටීයතාවයක් සහිත විදුලි බුබුළු වැඩි ගණනක් භාවිත කිරීම මගින් රාත්‍රී කාලය දී කාමරය තුළ වැඩි අලංකාරයක් ලබා ගැනීමට හැකි වේ.
වැඩි විදුලි බුබුළු ගණනක් ඇති විට සුයිච් කීපයක් භාවිත කරමින් කොටසින් කොටස ආලෝකමත් කර හැකි පරිදි නිර්මාණ කිරිම වඩාත් උචිත වේ. නිතර ඇඳ මතට කෙලින්ම ආලෝකය පතිත වන පරිදි විදුලි බුබුල් නොයෙදීය යුතුයි.
08. සිවිලිම…
ඔබ සිවිලිම නිර්මාණය කර ගැනීමේදී, ජිප්සන් බෝඩ් ආධාරයෙන් Dropciviling යොදාගත හැකි වේ. සැඟවුණු ආලෝක ධාරා යොදා ගනිමින් අලංකාර සිවිලිමක් නිර්මාණය කර ගැනීමට ඔබට පුළුවනි.
ගොඩනැගිලි සැලසුම්
තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ
නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign
අර්චිත ඉඳුවර