අපි හැමෝම ෆ්‍රී ටයිම් එකක් ලැබුන ගමන් කොහේහරි යන්න, ඩ්‍රාමා බලන්න වගේ දේවල් කරන්න ආසයි. ඒත් ගොඩක් වෙලාවට අපි ෆිල්ම් එක බලල සතුටු වෙනව විතරයි. ඒත් අපට හමුවුණා ඩ්‍රාම බලනව වගේම ඩ්‍රාමවල තියෙන දේවල් දැකල ඒ වගේ දෙයක් මාත් කළොත් හොඳයි කියල හරිම වෙනස් විදියට හිතපු කෙනෙක්. ඩ්‍රීම් කැචස් ගැන එයා දැනගෙන තියෙන්නේ කොරියන් ඩ්‍රාමා බලලා. ඇය නමින් රශ්මි…
කවුද ඇත්තටම රශ්මි කියන්නේ?
මම රශ්මි නිමල්ෂා. මම ඉන්නේ නිට්ටඹුවේ. මගේ වයස අවුරුදු 26 යි. මම දැනට ක්‍රිස්තියානි දේවස්ථානයක සේවය කරනවා. ඒ ගමන් මම ක්‍රියේටිව් ආට් වර්ක්ස් කරනවා.
රශ්මි ඩ්‍රීම් කැචස් හදන්නේ වාසනාව අරන් එන නිසාද?
ඇත්තටම ඒක වෙනත් සංස්කෘතියකින් ආපු මිත්‍යා කතාවක්. සිහින අල්ලන්නන් කියලත් මේ ඩ්‍රීම් කැචස්වලට කියනවා. නපුරු හීන අල්ලගෙන හොඳ පරිසරයක් නිර්මාණය කරන්න මේ ඩ්‍රීම් කැචස්වලට පුළුවන් නිසා ආශිර්වාදයක් ගේනවා කියන මතයක් තියෙනවා. නමුත් ඒක ජනප්‍රවාදයක්. ඒ නිසා නෙවෙයි පටන් ගත්තේ. දැන් මිනිස්සු මේ දේවල් ගන්නේ ඒ මිත්‍යාව පස්සේ දුවල නෙවෙයි. මම මේක පටන් ගත්තේ ආසාව නිසා.
තව මොනවද කරන නිර්මාණ?
ඩ්‍රීම් කැචස් තමයි වැඩිපුරම හදන්නේ. ඊට අමතරව රෙසින් ආර්ට්, පේපර් ක්‍රාෆ්ට්, ගිෆ්ට් බොක්ස්, ෆොටෝ ෆ්‍රේම් වගේ දේවලුත් මම කරනවා.
කොහොමද ඉගෙනගත්තේ?
මම කොරියන් ඩ්‍රාමා බලනවා. කොරියන් අයගේ ගෙවල්වල රූම් ඩෙකරේෂන් විදිටට මේ ඩ්‍රීම් කැචස් එල්ලල තියෙනවා දැක්කා. ඒකත් එක්ක මට මේ ඩ්‍රීම් කැචස්වලට ආස හිතුණා. මගේ රූම් එකේ එල්ලන්න ඩ්‍රීම් කැච එකක් හදන්න හිතුණා. ඒ ආසාවට යූටියුබ් සර්ච් කරල හැදුවා. එහෙම තමයි පටන් ගත්තේ. වෙන කිසිම ක්ලාස් එකකට ගිහින් ඉගෙනගෙන නෙමෙයි. මුලදී බිස්නස් එකක් කරන්න අයිඩියා එකක් තිබ්බෙ නැහැ. ආසාව නිසා කළේ. පස්සේ යාළුවෝ මගෙන් ඉල්ලල හදවගත්තා. ඒ නිසා හිතුනා පොඩි බිස්නස් එකක් විදියට පටන් ගන්න.
අවශ්‍ය අමුද්‍රව්‍ය ගැන කිව්වොත්…
මිත්‍යා කතාව එක්ක තියෙන ඩ්‍රීම් කැචස් ගත්තොත් ඒව හදන්නේ ස්වාභාවික දේවල්වලින්. ඇට වර්ග බහුලව යොදා ගන්නවා. ඒත් දැන් මිනිස්සු මේ මිත්‍යාව පස්සෙ දුවන්නෙ නැති නිසා වෙනස් වෙනස් අමුද්‍රව්‍ය යොදාගෙන තමයි නිර්මාණ කරන්නේ.
ඒ නිසා නැචුරල් දේවල් වගේම ආටිෆිෂල් දේවලුත් මම ගන්නවා. ගිෆ්ට්, රූම් ඩෙකරේශන්වලට ඉල්ලන නිසා රිබන්, වේවැල් රවුම්, ප්ලාස්ටික් රවුම්, පබළු වර්ග, පිහාටු, වූල්, කැරලි නූල් වගේ දේවල් ගන්නවා. මාකට් එකක් තියන නිසා පහසුවෙන් අමුද්‍රව්‍යත් හොයාගන්නත් පුළුවන්.



ලංකාවේ තියන ඉල්ලුම කොහොමද?
හොඳ ඉල්ලුමක් තියෙනවා. ගොඩක් අය මගේ නිර්මාණ ගන්නවා. මිත්‍යා කතා පස්සෙ දුවල නෙමෙයි නිර්මාණ ගන්නේ වෝල් ඩෙකරේෂන් කරන්න. රූම් එක ලස්සනට තියාගන්න ගොඩක් අය ආසයි ඒ නිසා මිලදී ගන්නවා. ඒ වගේම බත්ඩේ ගිෆ්ට්ස් විදියටත් ඩ්‍රීම් කැචස් ගන්න අය ඉන්නවා.
ලංකාවේ විතරද ඉල්ලුම තියෙන්නේ
දැනට මම ලංකාවේ විතරයි කරන්නෙ. ඒත් මගේ නිර්මාණ කටාර්, කුවේට්, ඩුබායි වගේ රටවල්වල ඉන්න කස්ටමස්ලට යවල තියෙනවා.
කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනව නිර්මාණවල කොලිටි එක උපරිම රැකගෙන කරන් යන නිසා ගොඩක් අය අගය කරනවා.
ඩ්‍රීම් කැචස් හදන්නේ තනියමද?
ඔව් ඩ්‍රීම් කැචස් වගේම අනිත් ආර්ට් වර්ක් මම තනියම තමයි හදන්නේ. ඒත් පැකින් කරද්දි අම්මයි තාත්තයි ගොඩක් උදව් කරනවා.
රශ්මිට අලුතින් බිස්නස් එකක් කරන්න ඉන්න අයට මොනවද කියන්න තියෙන්නේ
ලංකාවේ මාකට් එක ගොඩක් හැදිල තියෙන්නේ තව කෙනෙක් කරන දෙයක් බලන් ඉදල ඒ දේම කරන්න. ඒත් එහෙම කරනව වෙනුවට අලුත් දෙයක් අත්හදා බලනව නම් හොඳයි. දැන් ඉගෙනගන්න කෝස් කරන්නම ඕන නැහැ.
සෝෂල් මීඩියා ප්ලැට්ෆෝර්ම්ස් තියෙනනවා. ගොඩක් අලුත් දේවල් තියෙනවා. ඒව බලල ඉගෙනගන්න පුළුවන්. මොන බිස්නස් එක කරත් තමන් කරන දේ ආසාවෙන් කරන්න ඕන. ඒ වගේම ඒ දේට තමන්ගේ අත හොදින් හුරු කරගන්න ඕන ඒකට උත්සාහයයි කැපකිරීමයි තමයි අවශ්‍යයි.
පවනි දිලේකා ✍️