නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බේබදු අම්මගේ බඩේ බබා අනතුරේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බේබදු අම්මගේ බඩේ බබා අනතුරේ

Published October 21, 2024

මත්පැන් පානය ගැන කතා කිරීමේදී නිතරම එය පුරුෂ පාර්ශවය හා සම්බන්ධයෙන් අපි කතා කළත් අද වෙන විට මත්පැන් පානය සමග කාන්තාවන් ගැනත් කතා කිරීමට කාලය ඇවිත් තිබෙනවා. ගර්භණී සමයේදී මත්පැන් පානය කිරීමෙන් කළලයට සිදු විය හැකි හානි ගැන දැන් පර්යේෂණ සිදු වෙමින් තිබෙනවා. මේ වනවිට අවුරුදු පනහකටත් වඩා වැඩි කාලයක් මත්පැන් පානය කරන කාන්තාවන් සහ ඔවුන් ලබන දරුවන්ගේසෞඛ්‍ය තත්ත්වය මුල් කර ගත් අධ්‍යනයන් පවත්වා අවසානයි.

කාන්තාවන් වෙනුවෙන් අනුමත මත්පැන් මාත්‍රාවක් නැහැ…

ඒ වගේම මවක විසින් සතියකට එක් වරක් හෝ කුඩා මාත්‍රාවකින් හෝ මත්පැන් පානය කිරීම දරුවාගේ මොළයේ වර්ධනයට, සංජානන ක්‍රියාකාරීත්වයට, හැසිරීමට වගේම මුහුණේ හැඩයට බලපාන බැව් මෑත කාලීන පර්යේෂණ මගින් සොයා ගෙන තිබෙනවා. ඊටත් වඩා වැදගත් කාරණාවක් තිබෙනවා. එනම් ගර්භණී සමයේදී මව්වරුන්ට නිර්දේශ කරන ලද මත්පැන් මාත්‍රාවක් නොමැති බවත් සෞඛ්‍ය ව්‍යාපාර විසින් යළි යළිත් අවධාරණය කරනවා.

කාන්තාවක් ගැබ් ගත් මුල් කාලයේදී මත්පැන් පානය කිරීම නිසා ස්නායු සංවර්ධන දුර්වලතා මෙන්ම කළළරූපී මද්‍යසාර ආබාධ (FASD)  සමග දක්නට ලැබෙන මුහුණේ අසාමාන්‍ය ලක්ෂණ , කථන ප්‍රමාදයන් වැනි චර්යාත්මක ගැටළු වගේම සංජානන සහ ඉගෙනීමේ ගැටළුද ඇතුලත් වේ.

පියා මත්පැන් පානය කිරීම අමතක කරන්න බැහැ…

ටෙක්සාස් හි ඒ ඇන්ඩ් එම් ( A & M ) විශ්ව විද්‍යාලයේ සංවර්ධන කායික විද්‍යාඥ මයිකල් ගෝල්ඩන් සඳහන් කරන අන්දමට සරු බව සහ ප්‍රජනනය සම්බන්ධයෙන් අපි කාන්තාව කේන්ද්‍ර කර ගෙන කථා කළත් මෙතැනදී පිරිමි පාර්ශවය සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීම වැදගත්.

බොහෝ මව්වරු මේ විදිහට කියනවා’ මම කවදාවත් මත්පැන් පානය කරලා නැහැ. නමුත් මගේ සැමියා මත්පැන්වලට තදින් ඇබ්බැහි වුණ කෙනෙක්… ඒ නිසා අපි පිරිමින් ගැනත් මෙම අධ්‍යනය යොමු කිරීමට සිදු වෙන බැව් මයිකල් ගෝර්ඩන් සඳහන් කරනවා.

2012 වසරේදී චීනයේ සිදු කරන ලද අධ්‍යනයකට අනුව පියා මත්පැන් පානය කරන පවුලක දරුවන් අතර විවිධ සෞඛය දුර්වලතාවයන් දක්නට ලැබෙනවා. 2021 වසරේදී මේ සඳහා චීනයේ අඹු සැමියන් ලක්ෂ 5 කට වඩා වැඩි සංඛ්‍යාවක් යොදා ගෙන අධ්‍යනයක් සිදු කරනු ලැබුවා.

එහිදී හඳුනාගත් අන්දමට දරුවෙකු පිළිසිඳ ගැනීමට පෙර වුණත් පියා මත්පැන් පානය කරන්නේ නම් එම දරුවා උපතින්ම ආබාධවලට ගොදුරු වීමට වැඩි අවදානමක් තිබෙනවා.ඒ වගේම මව මත්පැන් පානය නොකළත් පියාගේ මත්පැන් පානය නිසා උපදින දරුවා හෘද රෝග සහ ආාහර ජීරණ පද්ධතියේ විෂමතාවයන් සහිත රෝගීන් වීමට ඉඩ තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිදු කරන ලද තවත් අධ්‍යනයකට සංජානනීය හෘද රෝග සහිත දරුවන් 5000 ක් සහ එවැනි රෝග නොමැති දරුවන් 5000 ක් යොදා ගත්තා. මව ගැබ් ගැනීමට මාස තුනකට පෙරාතුව දිනකට මද්‍යසාර මිලි ලීටර් 50 කට වඩා පානය කරන විට උපත ලබන දරුවෙකු සංජානනීය හෘද රෝග තත්වයට පත් වීමේ අවදානම පියා මත් පැන් පානය නොකරන දරුවෙකුට වඩා තුන් ගුණයකින් ඉහළ බැව් පැහැදිලි වුණා.

මෙම අධ්‍යනය සඳහා මීයන් යොදාගත් පර්යේෂණයක් සිදු කරන ලද අතර මීයන් කණ්ඩායම් දෙකකට බෙදා එක් ගැහැණු කණ්ඩායමකට මත්පැන් පානය කරවනු ලැබුවා. අනෙක් කණ්ඩායමට ගැහැණු සහ පිරිමි ලෙසින් මීයන් දෙවර්ගයම ඇතුළත් වුණ අතර ඔවුන්ටත් මත්පැන් පානය කරවනු ලැබුවා. මෙම කණ්ඩායම් දෙකන්ම ලැබුන පැටවුන් තුළ කායික ආබාධ දක්නට ලැබුණා. ඒ අතර කැපී පෙනන වෙනසක් දක්නට ලැබුණා.

මද්‍යසාර පොවන ලද ගැහැණු මීයන් ලද පැටවුන්ගේ අසාමාන්‍යතාවයන්ට වඩා මද්‍යසාර පොවන ලද පිරිමි මීයන්ගේ පැටවුන් තුළ හකු, දත් අතර පරතර, ඇස්වල ප්‍රමාණය සහ ඇස් අතර පරතරය වැනි අසාමාන්‍යතාවයන් ගේ වැඩි වීමක් දක්නට ලැබුණා. ඒ අතරම මද්‍යසාර පොවන ලද ගැහැණු සහ පිරිමි මීයන්ගේ පැටුවන් අතර හිස්කබල, මුහුණ සහ සමස්ත වර්ධනයේම දැඩි අසාමාන්‍යතාවයන් වගේම මොළය සහ අක්මාවේ සෛල වයස්ගත වීමේ දක්නට ලැබුණා.

මාත්‍රාවත් බලපානවා…

විද්‍යාඥ ගෝල්ඩින් විසින් සිදු කරන ලද අධ්‍යනයට අනුව පිරිමි සත්ත්වයා ලබාගත් මද්‍යසාර ප්‍රමාණය අනුව එම පැටවාගේ මුහුණේ හැඩය වෙනස්වන බවත් හඳුනා ගත්තා. මද්‍යසාර භාවිතයට හුරු කරන ලද මීයන්ගේ පැටුන් විවිධ ආබාධතාවයන්ට පත්ව සිටි බැව් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙලි හෆ්මන් විසින් සිදු කරන ලද අධ්‍යනයක් මගින්ද පෙන්වා දෙනවා.

මෙය මතක තබාගන්න…

එකම මී පැටවෙකුවත් සෘජු වශයෙන් මද්‍යසාරවලට නිරාවරණය වූ අය නොවෙයි. මව්පිය සතුන්ගේ මද්‍යසාර නිසා මෙම පැටවුන් එහි විපාක ලැබුවා යැයි මහාචාර්ය කෙලී සඳහන් කරනවා. ඒ වගේම මෙම මී පැටවුන් නිතරම ඇද වැටෙනවා. ඒ වගේම කැරකෙන බටයක් මත හෝ රෝද වැනි බට මත සිටින ආකාරය ඉගෙන ගැනීමට වැඩි කාලයක් ගත වුණා.

කාන්තාවක් මද්‍යසාර පානය කිරීම කළලයට බලපාන්නේ කෙසේද…?

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ ළමා හා නව යොවුන් සෞඛ්‍ය පිළිබඳ සහ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වන එලිසබෙත් එලියට් සඳහන් කරන අන්දමට කාන්තාවකගේ රුධිරයේ ඇති මද්‍යසාර වැදෑමහ හරහා ගමන් කරන හෙයින් එය කළළයේ වර්ණයට සෘජු බලපෑමක් ඇති කරනවා. එහි අතුරු ප්‍රතිඵලයක් විදිහට මොළයට සහ මුහුණේ වර්ධනය තීරණය කරන මොළයේ කොටසටත් බලපෑම් ඇති කරන බැව් මෙම පර්යේෂිකාව තව දුරටත් සඳහන් කරනවා.

මෙය මීයන් අලලා සිදු කරන ලද අධ්‍යනයක් බැවින් එය මිිනිසුන්ට අදාල නොවෙනු ඇතැයි ඔබ සිතනු ඇති. එහෙත්… මානව ක්‍රියාවලිය සම්බන්ධව බොහෝ දේ අධ්‍යනය සඳහා මීයන් යොදා ගන්නා බැවින් මව්පියන්ගේ මද්‍යසාර භාවිතය දරු කළළ සම්බන්ධව ඇති විය හැකි සංකුලතාවයන් සඳහා බලපාන බැව් සනාථ කිරීමට තවත් සාධක අවශ්‍ය වන්නේ නැති බවත් ඇය සඳහන් කරනවා.

බී.බී.සී පුවත් ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?