නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වාර්තාවක් තැබූ ලේඛකයා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වාර්තාවක් තැබූ ලේඛකයා

Published October 14, 2024

මංජුල සේනාරත්න

පහුගියදා පැවැත්වුණ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වැඩිම දෙනෙක් සෙවූ, වැඩියෙන්ම අලෙවි වූ කෘතිය වුණේ ‘දිස්පරයු’. ‘දිස්පරයු’ මෙච්චරටම පාඨකයන්ට උන්මාදයක් වුණේ එහි කතුවරයා නිසා කීවොත් මං නිවැරදියි. ඔහු ප්‍රංශයේ සිට ශ්‍රී ලාංකික අපට කතා ලියනා මංජුල සේනාරත්න. මිනිස්සු ඔහුගේ පොතක් එනකල් ආසාවෙන් බලන් ඉන්න ප්‍රධානම හේතුව ඔහුගේ අලෙවි වාර්තා බිඳ දැමූ 12.12.12. කෘතිය. එයින් වසර පහකට පසුවයි මංජුල ‘දිස්පරයු’ පාඨකයාට තිළිණ කළේ. වසරක් පාසා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලෙදි ප්‍රංශයේ ඉන්න හිතෙන්නෙ නැති නිසා මංජුල මෙවර ලංකාවට ආපු මොහොතක ඔහුව අපට මුණගැසුණා.

මංජුල මහත්මයා කොහොමද ඉතින් විස්තර?

හොඳින් කාලෙ ගෙවෙනවා. පහුගිය දවස් ටිකේම අලුත් පොතේ මාකටින් වැඩවලට මහන්සි වුණා. මාස තුන හතරකට උඩදි ලියන්න පටන්ගත්ත පොතක් තියෙනවා ප්‍රංශ සාහිත්‍යකරුවන් ගැන. ඒක සාහිත්‍යකරුවන් ගැන කියවෙන සාම්ප්‍රදායික පොතක් නෙවෙයි. ගොඩක් දෙනෙක් නොදන්න ඔවුන්ගේ රස කතා තමයි ඒ පොතේ තියෙන්නේ. ඒ පොත ලබන අවුරුද්දෙ මැද වගේ එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒ කියන්නෙ ඊළඟට මංජුල සේනාරත්නගෙන් පාඨකයන්ට ලැබෙන්නෙ නවකතාවක් නෙවෙයිද?

නවකතාවකුත් එනවා. නමුත් ලබන අවුරුද්දෙ එන්නෙ නෑ. තව අවුරුදු තුනකින් වගේ තමයි මගේ ඊළඟ නවකතාව එන්නේ.

මොකද්ද මේ උන්මාදයක් ඇති කළ ‘දිස්පරයු’ ?

‘දිස්පරයු’ කියන්නෙ 12.12.12. සහ බියුරෝ කෘතියේ ඉන්න නතාලි මුණියේ ඇතුළු චරිත කිහිපයක් ඉන්න මගේ අලුත්ම නවකතාව. ‘දිස්පරයු’ නමේ ප්‍රංශ තේරුම අතුරුදන් කියන එක. මේකත් ප්‍රංශයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික පවුලකට අත්වෙන ඛේදනීය ඉරණමක් ගැන කතාවක්. අනිත් කතාවල වගේම නතාලි මුණියේ ඇතුළු පිරිස තමයි මේ අභිරහසත් විසඳන්නේ.

කොහොමද මේ වෙද්දි කෘතියට ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහරු කියනවා 12.12.12ටත් වඩා ලස්සනයි කියලා.

ප්‍රංශය කියන්නෙ ඔබේ පොත්වලින් නොනික්මෙන නගරයක්…

ඔව්. පැරීසියේ ජීවත්වීමත් අමුතුම කලාවක්. මම ප්‍රංශෙට ආවෙ අවුරුදු 21දි. ඒ නිසා මට ප්‍රංශ සාහිත්‍ය ඇසුරු කරන්න ඇතිතරම් කාලය තිබුණා. මං හිතන්නෙ ඇත්තටම ප්‍රංශ ජීවිතය තමයි මට ලියන්න කතා ඔළුවට එන්න ලොකුම හේතුව.

කොච්චර කාලෙකින්ද ලංකාවට ආවේ?

අවුරුද්දකට පස්සේ. ගොඩක් අවුරුදුවල මම පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලයේ ලංකාවට එනවා. මොකද මට පොත් ප්‍රදර්ශනය තියෙද්දි ප්‍රංශයේ ඉන්න හිතෙන්නෙ නෑ. මේ වතාවෙ නම් මං ආවෙ දවස් දහයකට වගේ.

පාඨකයන්ගෙන් වැඩියෙන්ම ඉල්ලීම් තියෙන්නේ මොන ශානරයේ කෘතිවලටද?

වැඩියෙන්ම ඔවුන් මගෙන් ඉල්ලන්නෙ 12.12.12. වගේ අභිරහස් කතා. නමුත් ඒක මං අකමැතිම ශානරයක්. මොකද ඒ වගේ කතාවක් ලියද්දි මානසික ආතතිය වැඩියි. මං වැඩියෙන්ම කැමති ‘දෙවැනි ගැහැණිය’ වගේ පොත් ලියන්න.

නතාලි මුණියේ ඔබට විශේෂ චරිතයක්, ඇය ගැන සඳහනක් කරමු…

නතාලි මුණියේ කියන චරිතය මම මුලින්ම දකින්නෙ ටෙලියකින්. එදා ඉඳන් නතාලි මුණියේ කියන නමටත් ඒ චරිතයටත් මං ගොඩක් ආස වුණා. ඉතින් ඇයව මම මගේ පොත්වලටත් ගෙනාවා. හිතුවට වඩා ඒ චරිතය මගේ පාඨකයො  වැලඳගත්තා.

‘දිස්පරයු’ දැන් කොච්චර අලෙවි වෙලාද?

‘දිස්පරයු’ දැන් දිස්පරයු (අතුරුදන්) වෙලා තියෙන්නේ විසිදහසකට ආසන්න ප්‍රමාණයක්.

ඔබේ 12.12.12. කියන්නෙත් වාර්තා තැබූ කෘතියක්?

ඔව්. 12.12.12. පොතේ පිටපත් පනස්දහසකට අධික ප්‍රමාණයක් විකිණුනා. ඒක සිංහල සාහිත්‍යයේ වාර්තාවක්. මේ හැමදේකදිම මට අමතක කරන්න බෑ මගේ ප්‍රකාශනය ආයතනය. ‘මියුසස්’ ප්‍රකාශන ආයතනයේ කාර්යමණ්ඩලයේ කැපවීම සහ මහන්සිය නිසා තමයි මගේ පොත් මෙච්චර මිනිස්සු අතරට යන්නේ.

ඊළඟට ලියන්න අදහස තියෙන්නේ මොන වගේ පොතක්ද?

ඊළඟට ලියන්න ඉන්නේ තනිකරම ශ්‍රී ලංකාව පාදක කරගත්ත නවකතාවක්. ඒක යුධ සෙබළෙකු වටා ගෙතෙන්නක්. නමුත් මට ලොකු ආසාවක් තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පොතක් ලියන්නත්.

‘දිස්පරයු’ 12.12.12. වාර්තාව කඩයිද?

නෑ. මම ඒ පොත ලිව්වෙ ලංකාවෙ හොඳ කාලෙක. මං හිතන්නෑ 12.12.12. වාර්තාව කැඩෙයි කියලා. ‘දිස්පරයු’ කියන්නෙ මෙවර පොත් ප්‍රදර්ශනයේදි වැඩියෙන්ම අලෙවි වුණ කෘතිය විතරයි.

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?