නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ආකර්ෂණීය නීතියෙන් වැඩගන්න මේ බාධා මැඩලන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ආකර්ෂණීය නීතියෙන් වැඩගන්න මේ බාධා මැඩලන්න

Published October 14, 2024

ආකර්ෂණ නීතිය ගැන කතා කරද්දි පළමුවෙන්ම කතා කළයුතු දෙය තමයි එහි සෘණාත්මක පැතිකඩ ගැන. ගොඩක් අය ආකර්ෂණ නීතිය මගදි අත්හැරලා දාන්නෙ මේ සෘණාත්මක පැතිකඩ ගැන නිසි අවබෝධයක් නැති නිසා. ආකර්ෂණ නීතියේ වැඩිපුරම තියෙන්නෙ ප්‍රායෝගික පියවර. කවුරුත් ආකර්ෂණ නීතියෙන් සාර්ථක වුණ දේවල් ගැන කතා කළාට ඒකෙ සෘණාත්මක පැත්ත ගැන කතා කරනවා අඩුයි.

ආකර්ෂණ නීතිය ගැන කිසිම දෙයක් නොදැන එකපාරම පාවිච්චි කරන්න ගියොත් වෙන්නෙ තමන් ළඟ තියෙන දේත් නැතිකරගන්න වෙන එක. ආකර්ෂණ නීතිය පාවිච්චි කරද්දි වැඩිපුරම මතක් වෙන්නෙ තමන්ගේ ඉතිහාසයේ කළ වැරදි සහ බිඳවැටීම් නම්, ඔබට ආකර්ෂණය වෙන්නෙත් ඒ වගේම සෘණාත්මක දේවල්. ඒ නිසා ආකර්ෂණ නීතිය කියන්නෙ සියුම්ය අත්හදා බැලිය යුතු දෙයක්.


අපි හිතමු ඔබට ධනයක් ආකර්ෂණය කරගන්න අවශ්‍යයි කියලා. මේ ධනය මට නැති නිසා ලැබිය යුතුමයි කියන එක සෘණාත්මක සිතුවිල්ලක්. මේක මට හිමිවිය යුතු ධනයක් කියලා හිතන එක ධනාත්මක සිතුවිල්ලක්.සාමාන්‍යයෙන් මැණික් පතලක් හාරද්දි ඒක හාරන්න කලින් එයාලා කියනවා, හිතනවා මෙතන අනිවාර්යයෙන්ම තමන්ට අවශ්‍ය අහවල් මැණික තියෙනවාමයි කියලා. නමුත් දින ගණනාවක් හෑරුවත් ඒ මැණික හම්බෙන්නෙ නැති වෙන්න පුළුවන්. නොනැවතී, සති දෙකක් තුනක් හෝ හාරද්දි තමන් හිතපු මැණික ඒ ස්ථානවලින් ලැබුණු අවස්ථා ඕනතරම් මං අහලා තියෙනවා. ඒ නිසා ශක්තිමත් සිතුවිල්ල තමයි මෙතනදි වැදගත්ම.

දාර්ශනිකයෝ කියනවා අපේ ඇස් දෙකට පේන්නෙ අපි මනසින් දකින දේ කියලා. සමහරවිට ඔබ කොෆී ෂොප් එකක ඉද්දි ඔබ අහන්න ආසාවෙන්ම හිටපු සින්දුවක් ඇහෙන්න පුළුවන්. ඔබ කාලයක් තිස්සෙ හොය හොයා හිටපු දෙයක් ඔබට ලැබෙන්න පුළුවන්. මේ වගේ දේවල් සිද්ධ වෙන්නෙ ධනාත්මකව හිතන්න පටන්ගත්තම.

සෘස්කෘතියෙන් ආපු බාධකත් ආකර්ෂණ නීතිය හරි විදිහට පාවිච්චි කරන්න බැරි වෙන්න හේතුවක් වෙනවා. විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල අපේ සංස්කෘතියේ ගොඩක් වැරදි දේවල් කියලා තියෙනවා ධනයක් ඉපයීම ගැන. මේක අනිවාර්යයෙන් බාධකයක් වෙනවා ආකර්ෂණ නීතිය පාවිච්චි කරද්දි. යම් දක්ෂතාවක් දියුණු කිරීම ගැන, යම් උසස් තත්ත්වයකට පත්වීම ගැන සංස්කෘතියෙන් බාධා එල්ල වෙනවා නම් ආකර්ෂණ නීතිය පාවිච්චි කරන්න කලින් ඒ සංස්කෘතික අංගය අහිතකර දෙයක් කියලා අපි අයින් කරන්න ඕන.

ගොඩක් අය ආකර්ෂණ නීතිය භාවිත කරන්නෙ ඇඳක් උඩ හෝ පුටුවක් උඩ ඉඳගෙන, ඇස් දෙක පියන් තමන්ට අවශ්‍ය දේ ප්‍රාර්ථනා කරලා. අපි හිතමු ඔබේ හීනය ජාතික තලයේ ක්‍රීඩකයෙක් වෙන එක කියලා. මේකට Law of Being කියන එක පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නෙ තමන්ට අවශ්‍ය දේ ලැබෙන්න නම් තමන් යම්කිසි කෙනෙක් බවට පත්වෙන්න ඕන. ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න නම් ඔබ හොඳින් පුහුණුවිය යුතුයි. නැතුව ගෙදර ඉඳන් ඒ ගැන හිත හිත හිටියට වැඩක් නෑ.

මේකට සම්බන්ධ වෙනවා Law of action කියන දේ. තමන්ට අවශ්‍ය දේවල් ලබාගැනීම සඳහා තමන් ගන්නා ක්‍රියාවටයි Law of action  කියන්නේ. සමහරවිට ක්‍රිකට් ඉගෙන ගන්න ඔබට හැතැප්ම ගාණක් දුර ගෙවන් යන්න සිද්ධ වෙන්න පුළුවන්.

ඉතින් ඒකට බස්වල පැය ගාණක් කාලෙ ගෙවන්නත් සිද්ධ වෙනවා. වෙනස් ප්‍රතිඵල ලබන්න ඇක්ෂන් එකත් වෙනස් විය යුතුයි. හිතන්න මේ ඇක්ෂන් එක තවත් විදිහකට ගන්න පුළුවන් කොහොමද කියලා. මේ ක්ෂේත්‍රයෙන් සාර්ථක වුණ වෙනත් මිනිස්සු සාර්ථක වෙන්න කරලා තියෙන්නේ මොනවද කියලා හොයලා බලන්න.

සමහරවිට ඔබ මේ ලිපිය කියවන්නෙ ඔබේ ව්‍යාපාර සියල්ල අසාර්ථක වෙලා, ඉන්න හිටින්නවත් තැනක් නැති මොහොතක වෙන්න පුළුවන්. නමුත් ඔබට එතන ඉඳන් පටන්ගන්න පුළුවන්. ඔබට යන්න අවශ්‍ය තැන ගැන, ඊළඟට කරන්න උවමනා දේ ගැන ලස්සන පින්තූරයක් ඔළුවෙ මවාගන්න.

දිනපතාම උදේට කොලේකුයි පෑනකුයි අරගෙන තමන්ට කරන්න අවශ්‍ය දේ, තමන්ට උවමනා දේ ලියන්න. ඒක ලැබුණට පස්සෙ ඔබ විඳින සතුට හිතින් මවාගන්න. මේ ආකාරයෙන් ආකර්ෂණ නීතිය හරියට පාවිච්චි කළොත් මෙච්චර කාලයක් නොලැබුණු ප්‍රතිඵල ලැබෙන්නට පටන්ගනීවි.

අභිප්‍රේරක කථික
රමිඳු රන්දෙණි


එරංදි කෞශල්‍යා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?