නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අයිස් වතුරෙන් නාලා ආතතිය අඩු කරගන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අයිස් වතුරෙන් නාලා ආතතිය අඩු කරගන්න

Published October 14, 2024
ආතතියට වයස් භේදයක් නැහැ. ඒ වගේම තමයි උගත්-නූගත්, දුප්පත්-පොහොසත් භේදයකුත් නැහැ. ජීවිතයේ අප නොසිතූ අවස්ථාවක සිදුවන අනපේක්ෂිත සිද්ධීන් නිසා ඇතිවන ආතතිය හේතුවෙන් අපේ ජීවිතය පවා ආක්‍රමණය විය හැකියි. ඉන් මිදීමට උත්සාහ නොගතහොත් බොහෝ කටුක සිදුවීම්වලට මුහුණදීමට සිදුවේ. ඒ හා සබැඳි අනේකාකාර ව්‍යසන ලෝකය පුරා නිරන්තරයෙන් අපට අසන්නට හා දකින්නට ලැබීම කණගාටුවකි.

කොහොමද අපි ආතතියෙන් මිදෙන්නේ

ආතතිය පාලනය කළ නොහැකි විට මනෝ චිකිත්සකයකුගේ පිහිට පැතීමට හැමෝටම සිදුවුවත් සමහරුන් එයද පැහැර හරිති. එහෙත් අපට මුල් අවස්ථාවේදීම තනිවම කළ හැකි දෑ එමටයි. සිසිල් ජලය ස්නානයද නිවස තුළදීම කරගත හැකියි.

විද්‍යාත්මක පැත්ත

මෙහිදී සිදුවන්නේ සිසිලස මගින් ඔබේ සිරුර කම්පනය කිරීමයි. සීතල ජලයට සිරුර නිරාවරණය වීමේදී කායික විද්‍යාත්මක ප්‍රතිචාර කිහිපයක් ආරම්භ වේ. එහිදී රුධිරවාහිනී සංකෝචනය වේ. එමගින් දැවිල්ල, ඉදිමුම අඩුවන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

එපමණක්ද නොවේ, ඔබ හෘදස්පන්දන වේගය සහ රුධිර පීඩනය තාවකාලිකව වැඩිවන අතර සිරුර එන්ඩොර්ෆින් නිදහස් වේ. මෙම හෝර්මෝනය වේදනාව සමනය කිරීමට සහ මනෝභාවය ඉහළ නැංවීමට කටයුතු කරයි.

ක්ෂණික සන්සුන්බව

සිසිල් ජල බිඳක් මුහුණේ ඉසි කළ ක්ෂණිකව ඔබ අවදි වෙයි. එසේම සීතල ජල ප්‍රතිකාරය මගින් ස්නායු පද්ධතියට ක්ෂණික කම්පනයක් ලබාදෙමින් සිහිය සහ අවධානය යථා තත්ත්වයට පමුණුවයි. එන්ඩොෆ්‍රින් හෝමෝනයේ නිදහස්වීම මීට හේතුවයි.

ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නංවයි

ආතතිය ඇතිවන්නේ පීඩනයට ඔරොත්තු දීමේ හැකියාව අඩුවූ විටය. සීතල ජල ප්‍රතිකාරය එම හැකියාව ඉහළ නංවයි. උත්සාහය අත් නොහරින්න. කාලයාගේ ඇවෑමෙන් ආතතියට ඔරොත්තු දෙමින් ශක්තිමත් මානසික තත්ත්වයක් ගොඩනැගෙනු ඇත.

ප්‍රතිකාර කාලසීමාව

යම් පුද්ගලයකු මානසිකව ඇද වැටීමේදී ඉවසීමේ මට්ටම්, පුද්ගල මනාප, සෞඛ්‍ය තත්ත්ව යනාදී විවිධ හේතු බලපායි. ඒ හා සමගාමීව එක් එක් පුද්ගලයින්ට සීතල ජල ප්‍රතිකාරය ලැබිය යුතු කාලසීමාවන් වෙනස් වෙයි.

සීතල ජල හෝ අයිස් ස්නානය සමහරුන්ට දිනපතාද, සමහරුන්ට සතියකට කිහිපවතාවක්ද විය හැකිය. ඔබ සිරුරට සවන්දෙන්න. සාමාන්‍ය වශයෙන් වරකට විනාඩි දෙකක කාලයක් ගිල්වීම ප්‍රමාණවත්ය.

සිරුරට බල නොකරන්න

මෙය විවේකයක් බැවින් සිරුරට පීඩාවක් නොවිය යුතුය. සෙමින් ආරම්භ කරන්න. කාලය ක්‍රමයෙන් වැඩිකරන්න. දින චර්යාව අනුව පහසු වේලාවක් තෝරාගන්න.

උණුසුම සමග සමතුලිත වෙන්න

අධික ලෙස සිසිලසට නිරාවරණය වීම වළකනු පිණිස සීතල ජල සැසියකින් පසුව වියළි බ්ලැන්කට්, උණුසුම් බීම භාවිතය මගින් උෂ්ණත්ව නියාමනය සිදුකරන්න.

සෞඛ්‍යසේවා වෘත්තිකයකුගේ සහාය

ආතතියෙන් මිදීම සඳහා වන ඔබ ඉලක්කය පවසා වෘත්තීයමය සහාය ලබාගැනීම වඩාත් හිතකර වනු ඇත. සතුටු සුවය ළඟාවීම නිසැකය.

lumitherapy.co.uk ඇසුරිනි

සුනිල් අල්ගම ✍️


 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?