නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කාසි සොයා අඳියි, අඹයි, ගොතයි සෞන්දර්යයේ විකුම්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කාසි සොයා අඳියි, අඹයි, ගොතයි සෞන්දර්යයේ විකුම්

Published October 14, 2024

ඉගෙනගන්න සල්ලි නෑ කියල ජීවිතේ  ආපස්සට යන්න පුළුවන්ද? අත පය හයිය තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ.දෙමව්පියන්ට බරක් නොවී ඉගෙනගන්න වියදම පවා තමන්ගේ දෑතේ හයියෙන් හොයන උත්සාහවන්ත කලාවට උපන් හැකියාවක් තියෙන අපූරු තරුණයෙක් අපට හමුවුණා. ඔහු නමින් විකුම්…

කවුද ඇත්තටම විකුම් කියන්න?

මම විකුම් උදාර. මම ඉන්නේ ගාල්ලෙ තවලම. මම දැනට කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනීම් කටයුතු කරනවා.

පොඩි කාලෙ ඉදන්ද විකුම් කලා වැඩ කරන්න පටන්ගත්තේ ?

ඔව් පොඩි කාලේ ඉදන්ම චිත්‍ර අඳින්න ගොඩක් ආසයි. ඉස්කෝලේ කාලේ ඉඳන්ම විෂයක් විදියට චිත්‍ර කළා. ් ක ඉවරවෙලා ආසාව නිසාම පෙන්සිල් ආර්ට් විනෝදාශයක් විදියට පටන් ගත්තා. යූටියුබ් ෆෙස්බුක් වීඩීයෝ බලල ගොඩක් දේවල් ඉගෙනගත්තා.

කැම්පස් යන්න කලින් ඉඳලම ඉඩ තියන වෙලාවට කලා වැඩ කරන්න පුරුදු වුණා. මුලින් පටන් ගන්නකොට ආදායමක් ආවේ නැහැ. ඒත් අදවෙනකොට කැම්පස් යන්න ඕන වියදම හොයාගන්නෙත් මේ කලා වැඩවලින්මයි.

විකුම් මොනවද කරන නිර්මාණ?

මම මූර්ති තමයි වැඩිපුරම නිර්මාණය කරන්නේ. කැම්පස් එකේ ඉගෙනගන්නෙත් මූර්ති කලාව. ඊට අමතරව චිත්‍ර අඳිනවා, ගොක් කොළවලින් නිර්මාණ කටයුතුත් කරනවා.

ලංකාවේ ගොක්කොළ නිර්මාණවලට හොඳ ඉල්ලුමක් තියෙනවද?

A /L කරන කාලේ ඉඳන්ම මම ගොක්කොළවලින් පිරිත් මණ්ඩප, පොල්තෙල් පහන් වගේ නිර්මාණ කටයුතු කරනවා. ඒ කලා කටයුතු මම අතඇරියේ නැහැ. දිගටම කරගෙන ආවා. අද වෙනකොට ගොක්කොළ කලාව ටිකක් ගිලිහෙන කලාවක් වුණත් කොළඹ අවට ලොකු ඉල්ලුමක් තියෙනවා.

මොන වගේ මූර්තිද කරන්නේ?

මැටිවලින්, ලීයෙන්, සිමෙන්තිවලින් මූර්ති කටයුතු සිදු කරනවා.

මූර්ති නිර්මාණවලට ලංකාවේ තියන ඉල්ලුම කොහොමද?

මූර්තිවලට ලංකාවේ ඉල්ලුමක් තියෙනවා. කොළඹ අවට මේ මූර්තිවලට හොඳ ඉල්ලුමක් තියෙනවා.

පන්සල්වලට ගිහින් චිත්‍ර මූර්ති නිර්මාණ කරනවද ?

ඔව්, පැරණි පන්සල්වලට ගිහිල්ලා කැඩුණු පිළිමවල ප්‍රතිසංකරණ කටයුතු, දේව මූර්ති නිර්මාණ කටයුතු වගේම චිත්‍ර අදින වැඩත් මම කරනවා.

කොහොමද ඉගෙනගන්න එකයි කලා වැඩයි දෙකම කරන්නේ?

ඒක ටිකක් අමාරුයි. කැම්පස් එකේ වැඩ නිසා දවල්ට නිර්මාණ කටයුතු කරන්න වෙලාව නැති වෙනවා. ඒත් පුළුවන් විදියට ටයිම් මැනේජ් කරගන්නවා. රෑ දොළහ එක වගේ වෙනකම් ඉඳල හරි නිර්මාණ කටයුතු කරනවා. සති අන්තේ ලෙක්චස් නැති දවස් කලා වැඩවලට වෙන් කරනවා.

ලැබෙන ප්‍රතිචාර කොහොමද

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නිර්මාණ දකින අයගෙන් හොඳ අගය කිරීමක් ලැබෙනවා.

මොනවද ආපු අභියෝග

මම කැම්පස් යන්න මාසයකට විතර කලින් මගේ තාත්ත නැති වුණා. ඒක ලොකු කඩාවැටීමක් වුණා. ඒත් ජීවිතේ ආපස්සට යන්න බැහැ. කැම්පස් යන්න වියදමට අවශ්‍ය සල්ලි හොයාගත්තේ මේ මූර්ති, ගොක්කොළ නිර්මාණ සහ චිත්‍ර වගේ කලා කටයුතුවලින්.ඒ වගේම ඉගෙනගන්න ගමන් කරන නිසා කාලය කළමනාකරණය කරගන්න එක ටිකක් අමාරුයි.

කලාව එක්ක ඉස්සරහට ගමනක් යන්න බලාගෙන ඉන්න අයට දෙන්න පණිවිඩයක් තියෙනවද?

චිත්‍ර අදින එක සල්ලි හම්බ කරන අරමුණින්ම පටන් ගන්න හොඳ නැහැ. චිත්‍ර අඳින්න, මූර්ති නිර්මාණ කරන්න ආසාව කැපවීම, ඉවසීම ඕනමයි. නිර්මාණයක් හිතුව ඉක්මනට හදන්න බැහැ. ඉවසීමෙන් කාලය අරන් හදන්න ඕන. හැබැයි කැපවීම උත්සාහය ආසාව තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ.

පවනි දිලේකා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?