මත්ස්‍ය තෙල් එහෙමත් නැත්නම් ෆිෂ් ඔයිල් අද වෙද්දි ලෝකය පුරා අතිශය ප්‍රචලිත වෙලා තියෙනවා. තෙල් සහිත මාළුන්ගේ පටකවලින් ලබාගත් තෙල් අන්තර්ගත කරලා තමයි මේවා නිපදවන්නේ. මේ ෆිෂ් ඔයිල් ඔමේගා-3 මේද අම්ලවල අත්‍යවශ්‍ය ප්‍රභවයන්ගෙන් එකක් බව ඔබ දන්නවද? ඉතින් මේ ෆිෂ් ඔයිල් දිනපතාම පරිභෝජනය කිරීමෙන් නිදන්ගත රෝග බොහොමයකට තිත තියන්න පුළුවන්. ෆිෂ් ඔයිල් හෘද සෞඛ්‍යයට, මොළයට, සන්ධිවලට වගේම ඇස්වලටත් සහනයක් ලබා දෙන විවිධ සංරචකවලින් සමන්විත වෙනවා. ඉතින් අද අපි ඔයාට කියලා දෙන්නේ මේ ෆිෂ් ඔයිල්වල අන්තර්ගත වෙන පෝෂ්‍ය පදාර්ථ අටක් ගැන විස්තර.
ඔමෙගා-3 මේද අම්ල (EPA සහ DHA)
මත්ස්‍ය තෙල් එහෙමත් නැත්නම් ෆිෂ් ඔයිල් ග්‍රෑම් එකකට EPA සහ DHA මිලිග්‍රෑම් 300 ත් 500 ත් අතර ප්‍රමාණයක් පවතිනවා. මෙම අත්‍යවශ්‍ය මේද අම්ල ඔබගේ පපුවේ දැවිල්ල අඩු කරයි.
එමගින් ඔබගේ හෘද සෞඛ්‍ය උපකාර කරන අතරම මොළයේ ක්රියාකාරීත්වයද වැඩිදියුණු කරනවා. ඒ විතරක් නෙවෙයි මේවා මඟින් හෘද රෝග වගේම ඇල්සයිමර් වැනි නිදන්ගත රෝග ඇතිවීමේ අවදානමත් අඩු කරනවා.
විටමින් ඩී
ෆිෂ් ඔයිල් එකකින් විටමින් ඩී 400-1000 IU ප්‍රමාණයක් ලබාගන්න හැකියාව තියෙනවා. මෙඟින් ඔයාට ශක්තිමත් අස්ථි සහ දත්වල ක්‍රියාකාරීත්වයට හිමිකම් කියන්න පුළුවන්.
ඒ විතරක් නෙවෙයි විටමින් ඩී මගින් කැල්සියම් අවශෝෂණය වැඩි කිරීමට වගේම ප්‍රතිශක්තියකරණය වැඩි කිරීමටත් ඔබට උදව් වෙනවා. තවද ඔස්ටියෝපොරෝසිස් සහ දියවැඩියාව වගේ නිදන්ගත රෝගවලින් ඔබ ආරක්ෂා කරන්නත් මෙය ඔබට උපකාරී වෙනවා.
විටමින් ඒ
මත්ස්‍ය තෙල් නිෂ්පාදන බොහොමයක විටමින් A 1000-5000 IU අඩංගු වෙනවා. නිරෝගී සමක් සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සඳහා විටමින් A අත්‍යවශ්‍ය වන බව ඔබ දන්නවා ඇතිනේ. ඉතින් ඒ හැකියාව විතරක් නෙවෙයි ඔයාගේ සෛල හානිවලින් ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරක ගුණයක්ද මෙහි අන්තර්ගත වෙනවා.
සෙලේනියම්
ෆිෂ් ඔයිල්වල සෙලේනියම් 15-25 mcg අතර පරාසයක් පවතිනවා’ සෙලේනියම් කියන්නෙ ප්‍රතිඔක්සිකාරකවලින් එකක් වන අතරම එමගින් සෛලීය හානි වැලැක්වීමට ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට සහයවීමට වගේම පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරන්නත් හේතුවක් වෙනවා.
අයඩීන්
එක් ෆිෂ් ඔයිල් කැප්සියුලයක අයඩීන් 50-80 mcg පමණ ඇතුළත් වෙනවා. අයඩීන් කියන්නෙ පරිවෘත්තීය නියාමනය කිරීමට සහ තයිරොයිඩ් ක්‍රියාකාරීත්වයට සහයවීමට හේතුවන්නක්. ඒ වගේම ගර්භනී අවධියේ සහ ළදරු අවධියේ මොළයේ වර්ධනයට මෙය ඉතාම වැදගත්.
කොලීන්
ෆිෂ් ඔයිල්වල කොලීන් මිලිග්‍රෑම් 50-60 පමණ අන්තර්ගත වෙනවා. මේවා මොළයට ආධාරකයක් වෙනවා වගේම ස්නායු සංස්ලේෂණ සම්ප්‍රේෂණයට, මතකය වැඩි දියුණු කිරීමට වගේම මේද පරිවෘත්තීය සමග අක්මාවේ ක්‍රියාකාරීත්වයටත් උපකාර වෙනවා.
ඇස්ටැක්සැන්ටින්
එක් ෆිෂ් ඔයිල් කැප්සියුලයක 0.2-1 mg පමණවන ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඇස්ටැක්සැන්ටින් යනු ප්‍රතිඔක්සිකාරකයක් වන අතරම ඒවා මගින් ඔබව පෝෂණය කරනවා. ඔබේ දැවිල්ල අඩු කරමින් මනා විඳදරා ගැනීමක් ඇති කරනවා පමණක් නොව මේවා ඔබට යහපත් හෘද සෞඛ්‍යයක් ඇති කරන්නත් උපකාර වෙනවා.
පොස්පරස්
ෆිෂ් ඔයිල් එක් කැප්සියුලයක පොස්පරස් 50-60 mg ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. පොස්පරස් මගින් අස්ථි සහ දත් ශක්තිමත් කරයි. එමෙන්ම මෙය වකුගඩුවල ක්‍රියාකාරීත්වයට ද සහාය වෙනවා.
ඒ විතරක් නෙවෙයි මේවා මගින් සෛලීය ද්‍රව්‍ය ශක්තිය නිපදවීමට සහ අලුත් වැඩියා කිරීමට හැකියාව ලබාදෙයි.ඉතින් මෙන්න මේ කියන පෝෂක කොටස් සියල්ලක්ම ඔබට මේ ෆිෂ් ඔයිල් පරිභෝජනය මගින් ලබා ගන්න පුළුවන්.
ඉතින් ඔබත් ෆිෂ් ඔයිල් පරිභෝජනයටපෙර මෙන්න මේ කරුණු ගැන හොඳ දැනුවත්භාවයක් ලබා ගන්න. ඒ සඳහා අද අපි ඔබට කියලා දුන්න මේ කරුණු උදව්වක් වේවි.
indiatimes.com ඇසුරෙන්
ටෂ්මි ගමගේ ✍️