නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ජීවිතයට ගළපාගත යුතුම මනසේ නිදහස
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ජීවිතයට ගළපාගත යුතුම මනසේ නිදහස

Published October 7, 2024
සමාජයක් වශයෙන් ජීවත්වීමේදී අපගේ අනන්‍යතාවය ගොඩනැගීම වැදගත්ය. අප තුළින් නැගෙන හඬ අවබෝධ කරගැනීම මේ සම්බන්ධයෙන් වූ මූලික පියවරයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ මානසික සෞඛ්‍ය ගැන දැනගැනීමයි. අද වැඩිහිටි සමාජයේ සමහරුන් මේ දැනුවත්කමින් තොරවීමට හේතුව පාසැල් හමාරකර සමාජයට පිවිසීමේදී මේ අධ්‍යාපනය අහිමි වී තිබීමය.

කුඩා කල සිටම පටන්ගත යුතුයි

අපගේ හැඟීම් තේරුම් ගැනීම කුඩා කල සිට ප්‍රගුණ කළ යුත්තකි. අප හිසේ නැගෙන ශබ්ද ඝෝෂාවක් වී නොදී අවබෝධ කරගැනීමට උගත යුතුය. තමාගේ හැඟීම් සහ උද්වේගයන් ඇතිවන විට ඇයි. යන ප්‍රශ්නය නොකඩවා අපගෙන් ඇසීමට පුහුණු වීම අවබෝධය පහසු කරවනු ඇත. ළමුන් සඳහා වන මානසික සෞඛ්‍ය ගැන දැනුවත් කිරීමේ සතියද අවමානයක් නොවේ. අපගේ මනස ශරීරයෙන් වෙන් නොවේ. අප මනස ශරීරයට සම්බන්ධ නොකර හොඳින් ආහාර ගැනීම, නිදාගැනීම ආදිය සිදුකළ නොහැකිය.

පාසැල් විෂය මාලාවට වැදගත්

දරුවන්ගේ මානසික හා චිත්තවේගීය යහපැවැත්ම ( mental and emotional well-being) හැඩගැස්වීමේ තීරණාත්මක කාර්යභාරය පැවරී ඇත්තේ පාසැල්වලටය. මේ නිසා පැසැල් විෂය මාලාවට මානසික සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළත් කිරීම අත්‍යවශ්‍යය. මෙහි අදියර කිහිපයකි.

පූර්ව දැනුවත්වීම වර්ධනය

මෙමගින් දරුවන්ට ඔවුන්ගේ හැඟීම් තේරුම් ගැනීමට සහ කළමනාකරණය කිරීමටද මානසික ගැටලු හඳුනාගෙන අවශ්‍ය විටෙක උදව් ඉල්ලීමටද පුහුණු කෙරේ.

අපකීර්තිය ගැන හැඟීම් අඩු කිරීම

අධ්‍යාපනය යනු අපකීර්තියට එරෙහිව සටන් කිරීමේ ප්‍රබල අවියකි. සිසුන් අව්‍යාජ, විවෘත හා ආධාර සහිත පරිසරයක ම වන මානසික සෞඛ්‍ය ඉගෙනගන්නා විට පූර්ව මතධාරී අගතිගාමී හැඟීමවලින් බැහැරවී සමවයසේ අය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට පෙළඹෙනු ඇත.

චිත්තවේගී බුද්ධි Emotional Intelligence ප්‍රවර්ධනය

චිත්තවේගීය බුද්ධියේ සැලකිය යුතු ලක්ෂණයක් වන්නේ අපගේ හැඟීම් ඇතිවීම හා එසේ වීමට හේතු තේරුම් ගැනීමය. මෙසේ තම චිත්තවේග හා සැරිසැරීමට ඉගෙනීම තුළින් සිසුනට තම පෞද්ගලික ජීවිතයට මෙන්ම පසුකාලීන වෘත්තීයමය ජීවිතයටද අත්‍යවශ්‍ය කුසලතාවලින් සන්නද්ධ විය හැකිය.

සෞඛ්‍ය සම්පන්නව මුහුණදීමේ යාන්ත්‍රණයන් දිරිමත් කිරීම

මෙයද මානසික සෞඛ්‍ය අධ්‍යාපනයේ එක් අදියරකි. මෙහිදී මානසික සෞඛ්‍ය පිළිබඳව විවෘතව සාකච්ඡා කෙරෙන අතර එමගින් මානසික ආතතිය, කාංසාව සහ වෙනත් අභියෝගවලට මුහුණ දීමේ උපායමාර්ග සඳහා සිසුන් පුහුණු කළ හැකිය.

උපකාරක පරිසරයක් නිර්මාණය කිරීම

මානසික සෞඛ්‍ය අධ්‍යාපනය තුළින් උපකාරක පරිසරයක් නිර්මාණය කෙරෙන අතර, පාසැල් සිසුන්ට තම හැඟීම් ප්‍රකාශ කිරීමට සහ උපකාර පැතීමට එම පරිසරය ආරක්ෂිත යැයි හැඟෙන එම ආධාරක සංස්කෘතිය යහපැවැත්මට සහ හොඳ අධ්‍යයන කාර්ය සාධනයකට මාවත හෙළිකරයි.

මානසික අවපාත වසංගතය Depression Epidemic ආමන්ත්‍රණය

සමාජ දේහය තුළ ඔඩු දුවා ඇති මානසික අවපාතය අවම කිරීමට පාසැල තුළ සිදුවන මානසික අධ්‍යාපනය රුකුලකි.

පාසැල් විෂයමාලාවට ඇතුළත් කිරීම වැදගත්

අනෙකුත් විෂයයන්ට සමාන්තරව විෂයක් ලෙස ඇතුළත් කළවිට චිත්තවේගීය නියාමනය, ආතති කළමනාකරණය, සිහිකල්පනාව පවත්වා ගැනීම සහ මානසික රෝග අවබෝධ කර ගැනීම ගැන සිසුන් දැනුවත් කළ හැකිය’ දෙමව්පියන්ද සහභාගී කරගනිමින් වැඩමුළු සංවිධානයද අවශ්‍ය කටයුත්තකි.

සම්පත් සඳහා ප්‍රවේශය ලබාදීම

පාසල තුළදී අවශ්‍යවිට මානසික විශේෂඥයින්ගේ සහ උපදේශකයින්ගේ සහාය ලබාගැනීමේ අවස්ථාව සැලසිය යුතුය. එසේම විවෘත සාකච්ඡා මගින් සිසුන්ට තම හැඟීම් ගැන තීරණ ගැනීමට බිය නොවීමට සහ උපකාර ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

https://teachsrilanka.org/ ඇසුරින්

සුනිල් අල්ගම ✍️


 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?