නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගැහැනුන්ට ගිය රට !
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගැහැනුන්ට ගිය රට !

Published October 7, 2024

අපේ රට ගැහැනුන්ට ගිය සිදුවීම් කිහිපයක් අපි පසුගිය සතියේ අත්වින්දා. එකක් තමයි ලොව ප්‍රථම අගමැතිනිය පත්වූ ශ්‍රී ලංකාවෙන් තවත් අගමැතිනියක් වාර්තා වීමයි. ඒ අන් කවරකු නොව ආචාර්ය හරිනි අමරසූරියයි.

 1970 මාර්තු 6 වන දින කොළඹ දී උපත ලැබූ ආචාර්ය හරිනි කොළඹ බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති අය උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙලා තියෙනවා. ඇය සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලෙස සම්පූර්ණ කර ඇති අතර, ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි මැකවරි විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික මානව විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමි කරගෙන තියෙන ඉතාම දක්ෂ කාන්තාවක්. 2011 දී ඇය එඩින්බරෝ සහ ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාලවලින් සමාජ මානව විද්‍යාව, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හිමි කරගන්නේ ඇගේ තිබෙන අප්‍රතිහත ධෛර්යය නිසා. 2016 සිට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමානාත්මතාවය පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කමිටුවේ සාමාජිකාවක ලෙස ද කටයුතු කළා.

 ඇය ප්‍රජා සෞඛ්‍ය, ඒඩ්ස් හා ළමුන් පිළිබඳ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරල තියෙනවා. ඊට අමතරව ඇය ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සංවිධානයක් වන Nest හි අධ්‍යක්ෂක ධූරයක් සහ සභාපති ධූරයක් ද, ශ්‍රී ලංකාවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පර්යේෂණ සංවිධානයක් වන CENWOR අයතනයේ තනතුරක් ද දරා තියෙනවා.

 ඇත්තටම අපේ රටේ කාන්තාවන්ට ඇය යම් මාවතක් පෙන්වනවා. මොකක්ද ඒ මාවත? අධ්‍යාපනය! ඇය දේශපාලන පක්ෂයක සාමාජිකාවක් වන්නේ වියත් කණ්ඩායමක් හරහා. සාම්ප්‍රදායික දේශපාලනයට එන බහුතර කාන්තාවන් අධ්‍යාපනය කියන සාධකය වැඩිදුර තකන්නේ නෑ. ඒ නිසා ඔවුන්ගේ ගමන එතරම් දිග නැහැ. වර්තමානයේ ජනතාව තරමක් බුද්ධිමත්. ඔවුන් රටේ අනාගතය බාර දෙන්න කැමති යමක් කමක් හදාරපු කෙනෙක්ට.

 අනෙක් සාධකය තමා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ මුල් ස්ථාන 7ම ඉතා දක්ෂ දැරියන් හත් දෙනෙකු හිමිකරගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනාම දිවයිනේ සුප්‍රසිද්ධ පාසල්වල ඉගෙන ගත්තු අය. යම් දුකක් තියෙනවා ග්‍රාමීය, මධ්‍ය විද්‍යාල, මහා විද්‍යාලවලින් අයිලන්ඩ් රෑන්ක් එන්නේ නැද්ද කියන එක ගැන.මේ දැරිවියො මෙතනින් පස්සේ උසස්පෙළ හදාරලා,

වෛද්‍යවරු, ඉංජිනේරුවරියන්, නීතිඥවරියන්, ගණකාධිකාරීවරියන් හෝ එහෙමත් නැතිනම් හොඳ වෘත්තින් කරා යාවි. නමුත් ඊට අඩිතාලම දැම්මේ අධ්‍යාපනය.

අගමැතිතුමිය අද ඉන්න තැන බැබළෙන්නෙත්, මේ දරුවන් ගැන රටම කතාකරන්නෙත් අධ්‍යාපනය නිසා.මනුස්සයෙකුට අධ්‍යාපනය කියන්නෙ පියාපතකට එහා ගිය මහා දැවැන්ත දායාදයක්…

 මනෝරම වීරසිංහ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?