නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දරුවන්ට සෙල්ලම් බඩුවක් අරන් දෙන එක දෙමාපියන්ට බෙහෙත් වේල අරන් දෙන එක නෙවෙයි ආදරේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දරුවන්ට සෙල්ලම් බඩුවක් අරන් දෙන එක දෙමාපියන්ට බෙහෙත් වේල අරන් දෙන එක නෙවෙයි ආදරේ

Published October 7, 2024

දරුවෙක්ට ඇඳුම් පැළඳුම්, සපත්තු, සෙල්ලම් බඩු, පොත්පත් අරන් දෙන එක දෙමාපියන්ගේ වගකීමක්. නමුත් මේ අවශ්‍යතා පිරිමහන එකම නෙවේ ආදරය කියන්නෙ. මං ළඟට එන මානසිකව වැටුණු දරුවෝ ගොඩක් කියන්නෙ එයාලගෙ අම්මලට තාත්තලට එයාලා එක්ක ඉන්න වෙලාවක් නෑ, එයාලා මට ඇහුම්කන් දෙන්නෙ නෑ, මං කියන දේ එයාලට තේරෙන්නෙ නෑ, එයාලා තේරුම්ගන්න උත්සාහ කරන්නෙත් නෑ වගේ කාරණා. දරුවන්ගේ සපත්තුවට බැහැලා දරුවන්ගේ සිතුවිලි තේරුම් අරන් දරුවො එක්ක ගෙවන්න කාලයක් ගොඩක් දෙමාපියන්ට නෑ. දෙමාපියන්ට දරුවෙක්ට දෙන්න පුළුවන් හොඳම සහ වටිනම තෑග්ග දරුවගේ මානසික සුවය ආරක්ෂා කරලා දෙන එක.

වර්තමානයේ තියෙන්නේ සමාජයට එකතු වුණාම දරුවෙක්ගේ මානසිකත්වය නගා සිටුවන සමාජයක් නෙවෙයි. පුළුවන් තරම් මානසිකව වට්ටන සමාජයක්. ‘විභාගය ළඟයි නේද? මහතයි නේද? දත් ටිකක් ඉස්සරහට ඇවිත් නේද? කොණ්ඩෙ ගිහින් නේද?’ මේ වගේ දරුවෙක්ගේශාරීරික හෝ අධ්‍යාපනික දෙයක් වගේ අතිශයින් සංවේදී තැනක් බලලා මානසිකව වට්ටන සමාජයක් තුළ අපි ජීවත් වෙන්නෙ. මේ නිසා තමයි දරුවො ගෙවල් ඇතුළටම වෙලා ඉන්නෙ. මෙන්න මේ වගේ වෙලාවකදි දරුවො බලාපොරොත්තු වෙන්නෙ තමන් හරි හෝ වැරදි වුණත් අම්මා තාත්තා තමන් ගාව හිටගනී කියලා. තමන් මොන දෙයක් කළත් දෙමාපියන් තමන්ව විශ්වාස කරන්නෑ කියන ඉච්ඡාභංගත්වය ගොඩක් දරුවන්ට තියෙනවා.

සමාජයේ අනිත් අය දරුවගෙ වැරදි දකින්න පුළුවන්. නමුත් ඒ පිට මිනිස්සු. දරුවගේ වැරදි නිවැරදි කරන්න ඕන පිට මිනිස්සු ඉස්සරහා නෙවේ. ඒවා පෞද්ගලිකව කළ යුතු දේවල්. දෙමාපියෝ විදිහට දරුවගෙ වැරද්දක් දැක්කොත් හරි වෙන කෙනෙක් ඇවිත් වැරැද්දක් කිව්වොත් හරි ඒ වැරැද්ද නිවැරදි කරනකල් දරුවො ගාවින් දෙමාපියෝ හිටගන්න ඕන. සමාජයට හොඳ නෝනා කෙනෙක්, මහත්මයෙන් නිර්මාණය කරන එක දෙමාපියන්ගේ වගකීමක්. හොඳ වැඩිහිටියෙක් නිර්මාණය වෙන්නනම් ළමා කාලෙදි හොඳ මානසික සුවයක් සහ අධ්‍යාපනයක් ලබාදෙන්න ඕනෙ. මේ දේවල් තමයි දෙමාපියන් විදිහට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග.

යම් වෙලාවකදි තමන් නිසා දරුවගෙ හිත රිදුණා කියලා තේරුණොත් දරුවො කැමති දෙයක් අරන් දීලා ඒක සමනය කරගන්න පුළුවන්. නමුත් ඒ ආස දේත් දරුවට හානිදායක වෙන්න ඉඩකඩ තියෙනවා. දරුවන්ට දිය යුතු දේ දෙමාපියන් බුද්ධිමත්ව තීරණය කළ යුතුයි.මේ දේම වැඩිහිටි දරුවන්ගේ පැත්තෙන් කතා කළොත්, හුඟක් දරුවො පහුගිය කාලේ ආර්ථික ප්‍රශ්න එක්ක විදේශගත වුණා. එත් එක්කම ඔවුන්ට ගතකරන්න සිද්ධ වුණේ ඉතාම කාර්යබහුල ජීවිතයක්. දරු පවුල බලාගන්න, එදිනෙදා තමන්ගෙ අවශ්‍යතා සපුරගන්න, වාහන නඩත්තු කරන්න, ණය ගෙවන්න මේ සේරම දේවල් කරලා දෙමාපියන්ගෙත් අඩුපාඩු සපුරන දරුවො ඕනතරම් ඉන්නවා.

සමහර දරුවො වැටුප ලැබුණම මුලින්ම කරන්නේ තමන්ගෙ දෙමාපියන්ට අවශ්‍ය දේවල් සහ බෙහෙත් ටික අරගෙන ඉතිරි මුදලින් තමන්ගෙ පවුල වෙනුවෙන් දේවල් පිරිමහගන්න එක. මේ දේට ගොඩක් අමාරුවෙන් මුහුණ දෙන්නෙ පවුලේ තනි දරුවා. දෙමාපියන්ගේ බෙහෙත් ටික අරන් දෙන එක ලොකු දෙයක්. නමුත් ඕනම දෙමාපියෙක් බලාපොරොත්තු වෙනවා

දරුවො තමන් එක්ක ඉන්න කාලයෙදි තමන්ගෙ පහුගිය දේවල් කතා කරන්න, ඉස්සරහට දරුවො මොනවද කරන්න ඉන්නෙ කියලා දැනගන්න, කාලද බීලද කියලා දැනගන්න, මුනුබුරු මිනිබිරියො මොනවද කරන්නෙ කියලා දැනගන්න. හැමදාම නෙවේ, නමුත් සතියකට වතාවක් හෝ තමන්ගෙ දරු මුනුබුරෝ එක්ක ටිකක් කතා කරන්න ඕනම අම්මෙක් තාත්තෙක් හරිම ආසාවෙන් ඉන්නවා. ඉතින් විනාඩි පහකට කෝල් එකක් අරගෙන අම්මේ කොහොමද? තාත්තෙ කොහොමද කියලා අහන එක මහ අමාරු දෙයක් නෙවෙයි.

පෞද්ගලිකව මම තවමත් මගේ දෙමාපියන්ට දවසට දෙවතාවක් කෝල් කරලා සැප දුක අහනවා. රෑට කතා කරන්න බැරිනම් මම දවල්ට කෝල් එකක් දීලා කියනවා මම රෑට බිසී වෙනවා, ඒ නිසා කෝල් එක එනකල් බලන් ඉන්න එපා නිදාගන්න කියලා. එයාලා දරුවන්ගෙන් කෝල් එකක් බලාපොරොත්තුවෙන් ඉඳලා ඉඳලා ඒ කෝල් එක නොලැබුණොත් සමහරවිට එදා රෑට ඒ අම්මලට සුව නින්දක් නොලැබෙන්න පුළුවන්.

ඉතින් කතා කරන්න පුළුවන් වෙලාවෙ ඔවුන්ට කතා කරලා දුක සැප අහන්න. සමහරවිට ඒ රෑ ඔවුන් මේ ලෝකෙන් යයිද කියලා අපි දන්නෑ. අපි එයාලට පුළුවන් වෙලා කතා කළොත් එයාලා යන්නෙ සැනසීමෙන් දරුවන්ගේ කටහඬ අහලා.සමහර දරුවො කියනවා දෙමාපියන්ව බලන්න වෙලාව නෑ හරිම කාර්යබහුලයි කියලා. ඇත්ත. තමන් තමන්ගේ පැවැත්ව වෙනුවෙන් තමන් කාලෙ යොදවන්න ඕන.

නමුත් දෙමාපියන් දරුවන්ගෙන් මහ දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ. සමහරවිට ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ ”අම්මෙ, තාත්තෙ හොඳින්ද?” කියලා අහන වචන කීපෙ විතරක් වෙන්න පුළුවන්. අනික දෙමාපියන්ට ගොඩක්ම ඕන තමන් හොඳින්ද කියලා දරුවො අහනවට වඩා දරුවො හොඳින් ඉන්නවද කියලා දැනගන්න. දරුවො කොච්චර වයසට ගියත් දෙමාපියන්ට හැමදාමත් දරුවො දරුවොමයි. ආදරය, රැකවරණය වෙනුවෙන් ලෝකයක් වුණත් දණගහන්නෙ ඒ දේවල් එතරම්ම වටින නිසා. ඉතින් මේ දෙක දෙන්න ගොඩක් වියදම් යන්නෑ. මහන්සියක් නෑ. අපේ හිත ඇතුළෙ තියෙන හැඟීම විතරයි වැදගත්.

මනෝ චිකිත්සක
මනෝ උපදේශිකා
රොෂානි පීරිස් වික්‍රමසිංහ


එරංදි කෞශල්‍යා ✍️
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love4
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?