නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බක් මී මලක් අපිව අරන් ගිය දුරක්…
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බක් මී මලක් අපිව අරන් ගිය දුරක්…

Published September 30, 2024

Cute Travel Boy

“මෙන්න තියෙනව බක් මී මලක් මේක හරි දුර්ලභ මලක් මාත් අද තමයි මේ මල පළවෙනි වතාවට දැක්කේ ඔයාලත් බලන්න”….

මෙහෙම කියන්නේ දුල්නෙත්. අපි හැමෝම ලස්සන තැන්වලට යන්න ආසයි. දුල්නෙත් කියන්නේ පොඩි කාලෙ ඉදන් ඒ හීනේ හැබෑ කරගත්තු කෙනෙක්. අද කතා කරන්නේ ට්‍රැවල් කරනව වගේම ඒ ගැන හරි ලස්සනට කියල දෙන පුංචි පුතෙක් ගැන...

දුල්නෙත් කියන්නේ කවුද?

දුල්නෙත් සෙතික ජයසූරිය කියන්නේ මහනුවර කින්සුඩ් විද්‍යාලයේ ඉගෙන ගන්න මට. මේ දවස්වල ඉගෙනගන්න වැඩ කරන ගමන් ලස්සන තැන්වලට ගිහින් ව්ලොග් කරන්නත් අමතක කරන්නෙ නැහැ.

දුල්නෙත් කොහොමද මේ අනවුසින් පටන් ගත්තේ?

මම මුලින් දැනගෙන හිටියේ නැහැ මට අනන්වුන්ස් කරන්න පුළුවන් කියල. පහ වසරේ ඉන්නකොට උදේ රැස්වීමක සාහිත්‍ය සංගමේ වැඩසටහන් ඉදිරිපත් කළා. එදායින් පස්සේ තමයි අනවුන්සින්වලට කැමැත්තක් ඇති වුණේ.

ඒ ඇති වුණ ආසාව නිසා යූටියුබ්, ටික්ටොක්, FB එකට මම යන ලස්සන තැන් ගැන විස්තර කරල පොඩි පොඩි ව්ලොග් කළා. ඒ වීඩීයෝස් නොහිතුව විදිහට ගොඩක් අය බැලුවා. ඒ නිසා පස්සෙ Travel with dula කියල පේජ් එක හැදුවා. එහෙම තමයි මම මේ ගමන පටන් ගත්තේ.

දුල්නෙත් මේ වැඩ ඔක්කෝම තනියමද කරන්නේ

නැහැ. මගේ අම්මයි තාත්තයි ගොඩක් උදව් කරනවා. ඒ වගේම වීඩීයෝ එඩිට් කරන්න මාමා කෙනෙක් ඉන්නවා. හැමෝම එක්ක එකතු වෙලා තමයි මේ වැඩ ඔක්කෝම කරගෙන යන්නේ. පේජ් එකේ වැඩවලටත් එයාලගෙන් ලොකු උදව්වක් ලැබෙනවා.

දුල්නෙත් ව්ලොග් කරන්නේ කොහොමද?

මම ලස්සන තැනකට ගියාම එතන තියන දේවල් බලල මට හිතෙන දේ කියනවා. සමහර වෙලාවට මම යනතැන ගොඩක් විශේෂ නම් ඒ තැන ගැන යූටියුබ් එකෙන් විස්තර හොයල පොඩි ශෝට් නෝට් එකක් හදාගන්නවා. පස්සෙ ඒ තැනට ගිහින් ඒක විස්තර කරනවා.

මෙන්න තියෙනව බක්මී මලක්. මේක හරිම දුර්ලභ මලක්. ඒක කිව්වෙත් ඒ විදියට නිකන්ම හිතිලද ?

මම මාදු ගඟේ ගියා. ඒ ගමනේදී එහෙ තිබුණ දූපතකටත් මම ගියා. ඒ දූපතේ බක් මී මල් තිබ්බා. මම ඊට කලින් කවදාවත් බක් මී මල් දැකල තිබුණේ නැහැ. අත්තම්මා තමයි මට ඒ මල් ගැන කියල දුන්නේ. ඉතින් මම දැනගත්ත විස්තර ව්ලොග් එක කරද්දී කිව්වා. ඒක නොහිතපු විදිහට ඉක්මනටම වයිරල් වුණා.

ඉස්කෝලේ වැඩත් එක්ක ට්‍රැවලින් වීඩීයෝ කරන්නේ කොහොමද?

ඒක නම් ටිකක් අමාරු වැඩක්. ඒත් ඉඩ ලැබුණ ගමන් අම්මයි තාත්තයි එක්ක ලස්සන තැන්වලට යනවා. ගොඩක් වෙලාවට සති අන්තේ තමයි යන්නේ. එහෙම ගිහින් ව්ලොග් කරනවා. ඒ අතර ඉගෙනගන්න වැඩත් බැලන්ස් එකේ මම කරගෙන යනවා.

දුල්නෙත්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගමේ අය, ඉස්කෝලේ යාළුවෝ හැමෝම මාව අදුනගන්නවා. ගොඩල් අය වීඩීයෝ බලල හොඳයි කියනවා.

දුල්නෙත්ට ආපු අභියෝග ගැන කිව්වොත්…

මුලදිම ෆෙස් බුක් පේජ් එකට ව්ලොග් අප්ලෝඩ් කරන්න ඕන කැමරා මයික් තිබුණේ නැහැ. ෆෝන් එකෙන් තමයි වීඩියෝ කළේ.ඒත් පස්සේ කැමරාවක්, මයික් එකක් ගන්න පුළුවන් වුණා. ගෙදර අයගෙ සහයෝගය ලැබුණ නිසා ලොකු අභියෝගයක් තිබුණේ නැහැ.

දුල්නෙත්ට ලැබෙන සහයෝගය කොහොමද?

මට ගෙදර අය ගොඩක් උදව් කරනවා. අත්තම්මයි, අම්මයි, තාත්තයි මට ගොඩක් උදව් කරනවා. යාළුවන්ගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා මේ වැඩ ටික කරගෙන යන්න.

පවනි දිලේකා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?