නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නිරෝගීකමේ මල්පාර
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නිරෝගීකමේ මල්පාර

Published September 30, 2024

2023 වසරේදී අපට බලාපොරොත්තු ඇතිකර දුන් වෛද්‍ය සොයැගැනීම් දේශගුණික විපර්යාස, අධික ජනගහණය, අයහපත් සෞඛ්‍ය පුරුදු, දරිද්‍රතාව ආදී නොයකුත් හේතු නිසා ලෙඩ රෝග ව්‍යප්ත වීම මෙන්ම නව රෝගාබාධ පැතිරීමද අඛණ්ඩව සිදුවේ. මේ හේතුවෙන් ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රවල ඒකාබද්ධ පර්යේෂණ සහ තනි තනි පර්යේෂණ සිදුවේ. 2023 දී සිදුකළ නව සොයාගැනීම 7ක් පහත දැක්වේ.

1 CRISPRමත පදනම් වූ ජාන චිකිත්සාව

ලොව පළමු CRISPR මත පදනම් වූ ජාන චිකිත්සාව 2023 නොවැම්බරයේ එක්සත් රාජධානි ඖෂධ නියාමකයින් විසින් අනුමතකර ඇත. එය දෑකැති සෛල (sickle cell) චිකිත්සාව, බීටා තැලසීමියා, සහ රතු රුධිර සෛලවලට ජානමය වීකෘතීන්ට ප්‍රතිකාර සඳහා යෙදෙයි. CASGEVY නම්වූ මෙම නව ජාන චිකිත්සාව මගින් රෝගියාගේ ඇට මිදුළු Bone marrow රුධිර සෛල දෝෂය තනි ප්‍රතිකාරයකින් සුවකළ හැකිය.

2. ඇල්සයිමර් රෝගයට නව ඔසුවක්

මුල් අවදියේදී ලබා ගැනීම තුළින් මාස 18 කදී රෝගය මන්දගාමී කළ හැකි ඔසුවක් ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පරිපාලන අංශය මගින් අනුමතකර තිබේ. මතකය අඩුවීමට හේතුව මොළයේ ස්වභාවිකව ඇතිවන බීටා ඇමලොයිඩ් නම් ප්‍රොටීනයක් අසාමාන්‍ය ලෙස එකතු වීමයි. නව ඖෂධය මගින් මෙසේ එකතුවන Amyloid plaques ඉවත් කිරීම සිදුවෙයි.

3. පියවරුන් දෙදෙනෙකුට දාව දරු උපතක්!

ජපාන පර්යේෂකයින් සාක්ෂි සහිතව විද්‍යාත්මක සම්මන්ත්‍රණයකදී ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව පිරිමි මීයන් දෙදෙනෙකුගේ ශුක්‍රාණු සංසේචනය කර ගැහැණු මීයකු තුළ තැන්පත්කර ඇත. එහිදී ඩිම්බය මෝරා වර්ධනය වී ඇත. ඔවුන්ගේ වර්ධනය ගැන තවම නිශ්චිත නැතත් මෙය විප්ලවීය සොයා ගැනීමකි.

4. මොළයක සම්බන්ධතා සිතුවම්ගත කළ හැකියි

කෘමි මොළයේ සම්පූර්ණ රැහැන් රූප සටහන් ලබා ගැනීම විද්‍යාඥයින්ගේ මිනිස් මොළය පිළිබඳ අනාගත ගවේෂණ පිළිබඳ හොඳ බලාපොරොත්තුවකි. පළතුරු මැස්සකුගේ පවා මොළය තුළ සම්බන්ධක ලෙස කටයුතු කරන විශාල නියුරෝන ජාලයක් ඇති බව නිරීක්ෂණය කර ඇත.

5. අකලට හිසකේ පැසීම

මෙම නව සොයාගැනීමේදී හිසකෙස් අළු පැහැ ගැන්වීමට හේතුව Melanocytes නම්වූ වර්ණක නොමේරූ අවධියකදී සමේ තැන්පත්වීම බව තහවුරු වී ඇත. සමේ තැන්පත් වු එම වර්ණකය සහිත පොසිල මත අලුතින් හිසකෙස් වර්ධනය වන බව සොයාගැනීම ප්‍රතිකාර සඳහා වැදගත්ය.

6. පිළිකා සෛල වඩාත් ආක්රමණශීලී ලෙස පැතිරීමට උපකාරී වන බැක්ටීරියා හඳුනාගැනේ

අමාශ ආන්තරයික පත්‍රිකාවේ Gastrointestinal tract දක්නට ලැබෙන සමහර බැක්ටීරියා මගින් පිළිකා ඖෂධවලට ප්‍රතිචාර දැක්වීම දුර්වල කරමින් පැතිරීම වේගවත් කරන බව හඳුනාගැනීම අනාගතයේ පිළිකා මර්දනය සාර්ථක කර ගැනීමට උපකාරී වනු ඇත.

7. AI තාක්ෂණයෙන් පිළිකා හැඳිනීම


මෙම නව තාක්ෂණයෙන් අගන්‍යාශය් පිළිකා ඇතිවීමේ වැඩිම අවදානම ඇති පුද්ගලයින් හඳුනා ගැනීමද විශිෂ්ට සොයාගැනීමකි. නිශ්චිත රෝග විනිශ්චයකට වසර 03 කට පෙරම රෝගය හඳුනාගත හැකිය.

https://www.nationalgeographic.com/ ඇසුරෙන්

සුනිල් අල්ගම ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

භාග්‍යවතුන්වහන්සේ දුටුවා මෙන් පහන් සිත උපදවාගත හැකි ස්ථාන නමදින්න

May 12, 2025

දැනගත යුතුම නව අරහාදී බුදුගුණ

May 12, 2025

මහා තොරණ්වලට බයක් සැකක් නැතුව ලයිට් දෙන අක්ක නගෝ

May 12, 2025

වෙසක් පෝය ලෝකෙට ගෙනිච්ච කදිරගාමර්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?