නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පන්සලට, පල්ලියට අඳින සුදු ඇඳුමෙන් සිතේ නිවීම පෙන්නන්න බෑ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පන්සලට, පල්ලියට අඳින සුදු ඇඳුමෙන් සිතේ නිවීම පෙන්නන්න බෑ

Published September 30, 2024

සුදු ඇඳුමක් කී විට අපේ හිතේ ඇති වෙන්නේ සරල, පිරිසිදු සහ චාම් බවේ සංකේතයක්. ආගමික කටයුතුවලදී, ආගමික ස්ථානයකට යෑමේදී සහ ශීල සමාදානයේදී අපි සුදු ඇඳුමකින් සහභාගී වෙනවා. නමුත් අපේ ශීලය තිබෙන්නේ ඇඳුමක හෝ වර්ණයක නොවෙයි. සුදෝසුදු ඇඳුමකින් සැරසිලා පන්සලකට ගියත් අපේ හිත රාග, ද්වේශ මෝහ යන ක්ලේශයන්ගෙන් පිරි තිබේ නම් එතැන සැබෑ ශීලයක් නැහැ.

පන්සලකට යෑමේදී සුදු අඳින්න කියන නියමයක් නැහැ…

අපි පන්සලකට යන විට සුදු ඇඳුමකින් සැරසී යන බව ඇත්ත. නමුත් බුදුදහමේ කොතැනකවත් සුදු ඇඳුමක් ඇඳීම ගැන සඳහන් වෙලා නැහැ. විශාඛාව කියන්නේ බුද්ධකාලයේ ජීවත් වුණ බොහොම ශික්ෂණයෙන් යුක්ත කාන්තා චරිතයක්. සත් හැවිරිදි වියේදී සෝවාන් වූ ඇය සූ සැට අභරණයන්ගෙන් සැරසී සිටි බවටත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. සූ සැට බරණින් සැරසීලා-

විශාඛා තොමෝ පැමිනි විලාසෙන්… යනුවෙන් ගීත සාහිත්‍යයේ පවා ඇය ඉතා විසිතුරු ලෙසින් සැරසී සිටි බවට වූ පොදු පිළිගැනීම ධ්වනිත කරනවා විශාඛාව බුද්ධ ශාසනයේ සිව්වනක් පිරිස අතර අග්‍ර උපාසිකාව ලෙසින් තනතුරු දැරූ විනීත සහ සංවර කාන්තාවක්. විසිතුරු ලෙසින් ඇඳුම් ආයිත්තම්වලින් සැරසීම නිසා ඇගේ ශිලයට කිසිදු ලෙසකින් හානියක් සිදු වුණේ නැහැ.විශාඛා සිටු දියණිය මහාලතා ප්‍රසාදනිය විහාරස්ථානයේ අමතක කර පැමිණි පසූ ඇය විසින්ම එම ස්වර්ණාභරණ මිළ කොට පූර්වාරාමය ඉදි කළා.

සුදු අඳින සංකල්පයේ අර්ථය කුමක්ද…?

ආගමික සිද්ධස්ථානයකට යන විට සුදු ඇඳුමකින් සැරසී යෑම නිසා අපි කවුරුත් සමානය යන අදහසක් හිතේ ඇති වෙනවා. ඒ වගේම සරලබව සන්නිවේදනය වෙනවා. මහණ වීමට පෙරාතුව දසසිල් සමාදන් වීමේදීත් සුදු ඇඳුම් ඇඳීමේ සම්ප්‍රදායක් තිබෙනවා. ගිහි ජීවිතය ගත කිරීමේදී වෛවාර්ණ ඇඳුම් පැලඳුම් ඇන්ද අයෙකු එක්වරම කසාවතක් දැරීමට පෙරාතුව ඔවුන්ගේ ඇඳුම්, පැළඳුම් සම්බන්ධයෙන් පැවැති බැඳීම් අත්හැරීම සඳහා ලබා දෙන පුහුණුවක් විදිහට මේ පෙර සූදානම හඳුන්වා දෙන්න පුළුවනි. ඒ වගේම වෙනත් රටවල්වල ආගමික ස්ථානයන්ට යෑමේදී සුදු ඇඳීමේ සම්ප්‍රදායක් අනිවාර්ය නැහැ.

තැනට ගැළපෙන ලෙස ඇඳීම…

අපේ ජීවිතයේදී විවිධ අවස්ථාවන්හි, විවිධ සිදුවීම් වෙනුවෙන් අපි සම්බන්ධ වෙනවා. ඒ අවස්ථාවන්හිදී තැනට ගැළපෙන ඇඳුම් යැයි අපේ සම්ප්‍රදායන් ගොඩ නැගී තිබෙනවා. උදාහරණයක් ලෙස මංගල්‍ය අවස්ථාවකට සහභාගී වීමේදී අපි විසිතුරු ලෙසින් සැරසී ගියත්, අවමංගල්‍යකදී අපේ ඇඳුම සුදුම නොවුණත් එය චාම් විය යුතුයි. බොහෝ විට සුදු ඇඳුමක් තෝරා ගැනීම අපේ සම්ප්‍රදාය වී තිබෙනවා. ඒ වගේම පන්සලකට යෑමේදීත් අපි සුදු ඇඳුමක් අඳිනවා. පාසල් දරුවන්ගේ නිල ඇඳුම බොහෝ සෙයින්ම සුදු වර්ණයෙන් යුක්තයි. එයින් ඔවුන්ගේ අනන්‍යතාවය වගේම සමානත්වය සන්නිවේදනය කරනවා.

වෛර්ණ ඇඳුමින් සැරසුනොත්…

අපි වෛවාර්ණ ඇඳුමකින් සැරසී ශීල සමාදානයට සහභාගී වුණොත් අපට හිත එකඟ කර ගෙන බණ, භාවනා ආදී කටයුතුවල යෙදෙන්න අවසර ලැබෙන්නේ නැහැ. එකිනෙකාගේ විසිතුරු ඇඳුම් දෙස බැලීමට, ඒවායේ ගුණ දොස් කථා කිරීමට යොමු වෙනවා. ඒ අතරම අනුන් දෙස බලා අනේ මට මේ වගේ ලස්සන, වටිනා ඇඳුම් නැතැයි දුක්වෙනවා. එවිට හිත දූශ්‍ය වෙනවා.

නමුත් හැම කෙනක්ම සුදු ඇඳුමකින් සැරසී පන්සල් බිමකට පැමිණෙන විට කිසිම කෙනෙකුට ඇඳුම් මුල් කර ගෙන කථා කිරීමට නිමිති ලැබෙන්නේ නැහැ. එය අපේ සිතේ ඒකාග්‍රතාවය ගොඩ නඟාගෙන ශීල සමාදාන කටයුතු හොඳින් සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිමක් ගොඩ නැගෙනවා. අපි දහම් පාසලක් ගැන සිතමු. දරුවන්ගේ සමාජ පසුබිම කුමක් වුණත් දහම් පාසල් දරුවෙකු නම් සුදු ඇඳුමකින් පැමිණීම සිදු වෙනවා.

එතැනත් දරුවන් අතර සමානත්මතාවයක් ගොඩ නැගෙනවා. මීට දශක කීපයකට පෙරාතුව පෙර පාසල් දරුවන් වෙනුවෙන් ඒ ළදරු පාසලට අනන්‍ය වූ නිල ඇඳුමක් තිබුනේ නැහැ. නමුත් දැන් බොහෝ පෙර පාසල් වෙතින් තමන්ගේ පෙර පාසලට නිල ඇඳුමක් නියම කරනවා. එයිනුත් දරුවන් අතර සමානතාවයක් ගොඩ නැගෙනවා.

සංවර බව මනින්නේ ඇඳුමෙන්ද…?

පෙකනිය නොදක්වා- සලු ඇඳ බොලට දක්වා.

අපේ සංස්කෘතිය තුළ සිරුර ප්‍රදර්ශනය වන සේ ඇඳුම් ඇඳීම සුදුසු නැතැයි වූ සංකල්ප ගොඩනැගී තිබෙනවා. ඒ වගේම සභ්‍යත්වය ගොඩ නැගෙන්නේ ඒ අන්දමින් ඇඳුම් ඇඳීමෙන් බව අප සිතනවා. නමුත් විදේශයන්හි පවතින කාලගුණ තත්වයන් අනුව උෂ්ණ කාලයේදී ඔවුන් සිරුර නිරාවරණය වන අන්දමින් ඇඳුම් අඳිනවා.

ශීත කාලයේදී සම්පූර්ණයෙන්ම සිරුර වැසෙන සේ ඇඳුම් අඳිනවා. අතීතයේ අපේ රටේ කාන්තවක් මැණිකක් අතින් අරගෙන උතුරෙ සිට දකුණට කිසිදු කරදරයක් නොමැතිව තනියම ගමනේ ගියත් අද කාන්තාවකට ඒ අන්දමින් මහ මග යෑමට තරම් ආරක්ෂාවක් නොමැති බැව් අප නිතරම කථා කරනවා. මෙහිදී නගන තවත් චෝදනාවක් තිබෙනවා.

කාන්තාවන්ගේ ඇඳුම්වලින් සිරුර ප්‍රදර්ශනය වීම ස්ත්‍රි දූෂකයන්ට උත්තේජනයක් වී ඇති බැව් කියනවා. නමුත් ඇඳුම් නිසා ස්ත්‍රි දූෂණ වෙන බවට අපට සහතික වෙන්න බැහැ. අපි අඳින ඇඳුම් නිසා මෙවැනි අපරාධ සිදු වෙන බැව් අපට කියන්න බැහැ. නමුත් යම් රටක සංස්කෘතික ගති ලක්ෂණ තිබෙනවා නම් ඒවාට ගරු කිරීම ඉතාම වැදගත්. ඒ වගේම තැනට ගැළපෙන ලෙසින් ඇඳුමක් ඇඳීමත් අමතක කළ යුතු නැහැ. ඒ නිසා පන්සලකට යන විට සුදු ඇඳුමක් නොමැති වුණත් සංවර ලෙසින් සැරසී යෑම ඉතාම වැදගත්.

සුදු ඇඳුමක් නැත්නම් පන්සල් යන්න බැරිද…?

සම්ප්‍රදායක් ලෙසින් පන්සල් යන විට සුදු ඇඳුමක් ඇඳ පන්සල් යෑම වැදගත්. මෙය අනාදිමත් කලායක පටන් පැවැතෙන සිරිතක්. අපිත් ඒ සම්ප්‍රදායම අනුගමනය කරන නිසාවෙන්ම පන්සල් යනවා නම් සුදු ඇඳුමක් ඇඳීම සුදුසු බැව් සඳහන් වෙනවා. එයින් අදහස් වන්නේ පන්සල් යනවා නම් සුදු ඇඳුමක් ඇඳීම වඩාත් සුදුසු බව මිස පන්සල් යන විට අනිවාර්යෙන්ම සුදු ඇඳුමක් ඇඳීම නොවේ.

අපට පන්සලකට යන්නට අවස්ථාවක් ලද විට ඒ වෙනුවෙන් සුදු ඇඳුම බාධාවක් කර ගත යුතු නැහැ. තෙරුවන් කෙරෙහි වූ භක්තිය ගොඩ නැගෙන්නේ අපේ සිත තුළයි. ඇඳුමේ වර්ණය කුමක් වුණත් ආගමික සිද්ධස්ථානයට ගොස් වන්දනා කිරීමට ඔබට නිදහස තිබෙනවා. අපේ සිත පිරිසිදු නම් සැබැවින්ම ඇඳුම ගැන ගැටළුවක් ඇති කර ගත යුතු නැහැ. එය සංවර සහ පිරිසිදු ඇඳුමක් වීම ප්‍රමාණවත්.

ශාස්ත්‍රපති පූජ්‍ය
කොළොන්නාවේ නාරද
ස්වාමින් වහන්සේ
ශ්‍රී බෝධිරාජාරාමය- කොළඹ 10

පුන්‍යා චාන්දනි ද සිල්වා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?