නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හෘදයවස්තුවේ පැත්ත මාරුවෙලා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හෘදයවස්තුවේ පැත්ත මාරුවෙලා

Published September 30, 2024

ජීව විද්‍යාත්මකව අපේ ශරීරයේ ඉන්ද්‍රියයන් පිහිටන ආකාරයක් තිබෙනවා. නමුත් සමහර අවස්ථාවලදී මේ අන්දමින් ස්වභාවික පිහිටීමට වඩා වෙනස් වූ ආකාරයකින් අපේ ශරීරයේ අවයවයන් පිහිටීමටත් හැකියාවක් තිබෙනවා. මේ අන්දමට ශරීරයේ අත්‍යවශ්‍ය වූද , වැදගත් කාර්යභාරයක් ඉටු කරන අවයවයන්ගේ ප්‍රතිලෝම පිහිටීම ඉතා දුර්ලභ තත්ත්වයක්. අපේ හෘදයවස්තුව ශරීරයේ වම්පසින් පිහිටා තිබුණත් බංගලාදේශයේ මොනාරානි දාස් ගේ හදවත ඇගේ සිරුරේ දකුණු පැත්තේ පිහිටා තිබුණා. නමුත් ඇයට මේ පිහිටීම නිසා කිසිම අපහසුතාවයක් දැනුනේ නැහැ. නමුත් විටින් විට පපුවේ දැවිල්ල වගේම වේදනාවක් ඇති වුණා. ඉඳහිට හුස්ම ගැනීමේ අපහසුතාවයක්ද දැනෙන්න පටන් ගත්තා. එහෙත් පවුලේ උදවිය මේ ගැන එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැහැ.

ඊටත් හේතුවක් තිබුණා…

සාමාන්‍යයෙන් පපුවේ දැවිල්ල ගැස්ට්‍රයිටිස් තත්ත්වය නිසා ඇති වෙන සාමාන්‍ය තත්ත්වයක්. ඒ වගේම බොහෝ දෙනෙකුට හෘදය වස්තුව ආශ්‍රිත වේදනාවකදී පපුවේ වම් පසින් වේදනාවක් ඇති වෙන නිසා මේ තත්ත්වය හදවත ආශ්‍රිතව ඇති වෙන බවත් ඔවුන් සිතුවේ නැහැ. වේදනාවෙන් සහනය ලබා ගැනීම සඳහා තාවකාලිකව යම් යම් ප්‍රතිකාර ලබා ගත්තා හැර වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යොමු වුණේ නැහැ.

මේ තත්ත්වය දිගින් දිගටම පැවැති නිසා පවුලේ උදවිය විසින් ඇය නිරිතදිග සත්කිරා නගරයේ රෝහලක් වෙත රැගෙන ගියා. එහිදී වෛද්‍යවරුන් විසින් මොනරානිවගේ පපුවේ වේදනාව පිළිබඳව හේතුකාරණාවන් සොයා ගැනීම සඳහා වූ පරීක්ෂණ සිදු කරනු ලැබුවා. මෙහිදී ඇගේ හෘදයවස්තුව ශරීරයේ දකුණු පැත්තේ පිහිටා ඇති බැව් වෛද්‍යවරුන් හඳුනා ගත්තා.

ඩෙක්ස්ට්රොකාඩියා…

මේ අන්දමින් පුද්ගලයෙකුගේ සිරුරේ අවයවයන් ජීව විද්‍යාත්මකව වූ හැඩගැස්මට වෙනස් වූ ස්ථානයක පිහිටා තිබීම “ඩෙක්ස්ට්රොකාඩියා “ රෝග තත්ත්වය ලෙසින් හඳුන්වනවා. මානව ව්‍යච්ඡේදන විද්‍යාව අනුව බලන විට සාමාන්‍ය ගැබ් ගැනීම් 12, 000 කට එක් අවස්ථාවක මේ අන්දමින් පිහිටා තිබීමේ හැකියාව තිබෙන බැව් වෛද්‍ය පර්යේෂකයන් පවසනවා. ඒ වගේම මොනරානිවගේ හදවත පමණක් නොව අක්මාව, ආමාශය, ප්ලීහාව, ආමාශය සහ පෙනහළු පවා වෙනස් ලෙසින් පිහිටා

තිබුණා. මනිපාල් රෝහලේ වෛද්‍ය සිද්ධාර්ථ මුඛර්ජි විසින් ඇගේ හෘදයවස්තුවේ පිහිටීම නැවත සකස් කිරීමේ ශල්‍ය කර්මය සිදු කරනු ලැබුවා. මේ වන විට ඇය රෝහලෙන් පිටව ගොස් ඇතැත් ඉදිරියේදී තව දුරටත් ඇය වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ නිරීක්ෂනය අනුව කටයුතු කළ යුතු බැව් වෛද්‍ය මුඛර්ජි සඳහන් කරනවා.

ස්වභාවික පිහිටීම වෙනස් වීමටත් පුළුවන්…

උපතින් පිහිටන අවයවයන් ඒ අන්දමින් ඒ ඒ තැන්වල පිහිටා තිබෙනු ඇතැයි වූ ස්ථාවරයේ සිටීම ගැනත් දැන් යම් සැකයක් ඇති වෙනවා. රේසා උල් කරීම් 66 හැවිරිදි පුද්ගලයෙක්. බටහිර බෙංගාලයේ පදිංචිව සිටි ඔහු නිරෝගීව සිටියත් හදිසියේ කැස්සක් ඇති වුණා. කැස්ස වැනි තත්ත්වයක් ගැන කවුරුත් එතරම් සලකන්නේ නැති නිසා උල් කරීම් කැස්ස සමග ජීවත් වුණා. මෙය සුවය ලැබීමේ ප්‍රමාදයක් පැවැති අතර දිනෙන් දිනම තත්ත්වය දරුණු අතට හැරෙන්න පටන් ගත්තා.

තමන්ගේ එදිනෙදා කටයුතු පවා කර ගැනීමේ අපහසුතාවය නිසා උල් කරීම් කල්කටාවේ මෙඩිකා විශේෂඥ රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීමට ගියා. වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට පෙරාතුව වෛද්‍යවරයා විසින් ඔහුගේ රෝග ඉතිහාසය ගැන විමසා සිටියා. මම පුංචි කාලයේ ක්‍රිඩා කළා. එතකොටත් මට විටින් විට හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වුණා. මම යාඥා කරද්දීත් දෙතුන් වතාවක් ක්ලාන්තය හැදී වැටුණා. ඔහු වෛද්‍යවරයාට කියා සිටියා.

හෘදයවස්තුව මාරු වෙලා…

මේ අතර වෛද්‍යවරයා විසින් රෝගියාගේ රෝග ඉතිහාසය සමග තවත් වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබා ගත්තා. උපතින් ඔහුගේ හෘදයවස්තුව වම් පැත්තේ පිහිට බැව් ඇත්ත. නමුත් ඔහු වරක් ක්ෂයරෝග තත්ත්වයට ගොදුරු වුණා. එහිදී හෘදයවස්තුව වම් පැත්තේ සිට දකුණට මාරු වී තිබුණා. මේ වෙනුවෙන් ශල්‍ය කර්මයක් කිරීමට වෛද්‍යවරුන් තීරණය කළ අතර එයින් අනතුරුව පේස් මේකර් උපකරණයක් තැන්පත් කරනු ලැබුවා.

පේස් මේකර් එකක් තැන්පත් කිරීම…

ශල්‍ය කර්මයෙන් පසුව පේස් මේකර් උපකරණයක් තැන්පත් කිරීමට තීරණය වුණත් උල් කරීම්ගේ හදවත දකුණු පසින් පිහිටා තිබීම ගැටළුවක් වුණා. පේස් මේකර් උපකරණයක් යනු හෘදය වස්තුවේ දුර්වලතාවයන් ඇති රෝගීන්ගේ හෘදය වස්තුවේ විද්‍යුත් සංඥාවන් නියාමනය වෙනුවෙන් තැන්පත් කරනු ලබන කුඩා උපකරණයක්.

සාමාන්‍යයෙන් පේස් මේකර් උපකරණ හෘදය වස්තුවේ වම් පසින් වූ පිහිටීමට අනුව සකස් කර ඇති බැවින් මෙම රෝගියාට පේස්මේකර් සවි කිරීමේ යම් අපහසුතවයක් ඇති බැව් වෛද්‍ය දිලිප් කුමාර සඳහන් කළා. ඒ නිසා මෙම රෝගියා වෙනුවෙන් ඔවුන්ට විකල්ප ප්‍රතිකාර සෙවීමට අවශ්‍ය වුණා.

ඒ අනුව මීට පෙරාතුව දකුණු පසින් පිහිටි හෘදයවස්තුවක් වෙනුවෙන් යොදා නොගත් CSP( Conduction System Pacing) උපාංගයක් යොදා ගෙන පේස් මේකර් උපකරණයක් හරහා හදවතේ සාමාන්‍ය ස්පන්ධනය නිවරැදිව පවත්වා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව මීට පසුව උල් කරීම් හොඳින් හුස්ම ගනු ඇති. ක්ලාන්ත නොවී ඔහුගේ වැඩ කටයුතු කර ගෙන යෑමේ හැකියාව ලැබෙනු ඇති. වෛද්‍ය විශේෂඥයන් සඳහන් කරනවා.

බී.බී.සී පුවත් ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: හෘදයවස්තුවේ පැත්ත මාරුවෙලා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?