තරාතිරම නොබලා නිතීය ක්‍රියාත්මකයි
“වේගය මරුවා කැඳවයි” කියමන ජනතාව අතර ප්‍රකට වූවක්. මෙම වසරේ ආසන්න මාස දෙකේදී දිවයිනේ සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව තුන්සිය විසි හතරක් බවට වාර්තා වී ඇත. ශ්‍රී ලංකාවේ මෝටර් රථවාහන අනතුරු සම්බන්ධයෙන් රෝම ලන්දේසි නීතියත්, රක්ෂණ වන්දි ඉල්ලීමකදී ඉංග්‍රීසි නීතියත් අදාළ වේ. රිය අනතුරක් සම්බන්ධයෙන් රියදුරුට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ මෙන්ම වින්දිතයාට වූ මූල්‍යමය වශයෙන් තක්සේරු කළ හැකි හානි සම්බන්ධයෙන් දිසා අධිකරණයේ නඩු පවරා වන්දි ලබාගත හැකියාවක් ඇත.
රිය අනතුරක් සිදු වූ විට අනතුර කළ පුද්ගලයාට එහි වරද ආරෝපණය කළ හැක්කේ කෙසේද?
රිය අනතුර සිදුකළ පුද්ගලයාට එහි වගකීම ආකාර දෙකකින් ආරෝපණය කළ හැකිය.
1. අපරාධමය වගකීම
2. සිවිල් වගකීම
අපරාධමය වගකීම යනු කුමක්ද?
රිය අනතුරක් සිදුකිරීම අපරාධමය වරදක් සේ සලකා මෝටර් රථ පනතේ හා/හෝ දණ්ඩ නීති සංග්රහයෙර් ප්‍රතිපාදන යටතේ අනතුර සිදු කරනු ලැබු පුද්ගලයාට එනම් රියදුරුට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම තුළින් අපරාධමය වගකීම ආරෝපණය කළ හැකිය. රිය අනතුර සිදුවූ ස්ථානයට අයත් පොලිස් ස්ථානය මගින් ප්‍රදේශයේ අදාළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුව ඉදිරිපත් කර පසුව චෝදනා ගොනු කරනු ලබයි.
රිය අනතුරේ ස්වභාවය සහ සිදුව ඇති හානිය මත සැකකරු වෙත ඇප ලබා දීම හෝ නොදීම තීරණය වේ. එහිදි චූදිතට තමන් වෙතින් සිදු වූ වරද පිළිගැනීමට හෝ නඩු විභාගය තෙක් යෑමට හැකියාවක් ඇත. මෙහිදි චූදිතගේ අපරික්ෂාකාරිභාවය සහ නොසැලකිල්ල (Recklessness and negligence) සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතුය.
සිවිල් වගකීම යනු කුමක්ද?
අනතුරෙන් හානියට පත් පුද්ගලයා වෙනුවෙන් හානි පූරණය කර ගැනීම සඳහා අනතුර සිදු කරනු ලැබූ පුද්ගලයාට විරුද්ධව දිසා අධිකරණයේ නඩු පැවරීම තුළින් සිවිල් වගකීම ආරෝපණය කළ හැකිය. මෙහිදි සාක්ෂි වැඩි බර මත විත්තිකරු ගේ සදොස්භාවය සහ නොසැලකිල්ල (Dolus and culpa) ඔප්පු කළ යුතු ය.
අනතුරෙන් සිදු වූ හානි පූරණය කර ගැනීම සඳහා සිදු කළ යුත්තේ කුමක්ද?
දිසා අධිකරණයේ සිවිල් නඩුවක් ගොනු කර වන්දි ලබා ගැනීමයි.
නඩුව පවරන දිසා අධිකරණය තීරණය කරනු ලබන්නේ කෙසේද?
අනතුර සිදු වූ ප්‍රදේශයේ (නඩු නිමිත්ත උපචය වූ), විත්තිකරුවන් පදිංචි හෝ පැමිණිලිකරු පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය බල සීමාව තුළ පිහිටි දිසා අධිකරණයේ සිවිල් නඩුව ගොණු කළ යුතුය.
පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරනු ලබන නඩුවෙන් අනතුරින්
හානියට පත් පුද්ගලයාට (වින්දිතයාට) වන්දියක් ලබා ගත හැකිද?
නැත. මහේස්ත්‍රාත් අධිකරණයේදී සැලකිල්ලට ගනු ලබන්නේ අදාළ රියදුරු රථ වාහන
වරදක් සිදුකර තිබේද යන්න මිස අනතුරට ලක් වූ පුද්ගලයාට වන්දි ලබාදීම නොවේ. රියදුරු වැරදිකරු වුවහොත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ දාහත වගන්තිය ප්‍රකාරව රුපියල් ලක්ෂය (රු. 100,000/=) නොඉක්මන වන්දියක් ගෙවීමට තීන්දු කළ හැකිය.
වන්දි ලබා ගැනීමට දිසා අධිකරණයේ නඩු පැවරිය යුත්තේ කොපමණ කලක් ඇතුළතද?
රිය අනතුර සිදුවූ දින සිට වසර දෙකක් ඇතුළත නඩු පැවරිය යුතුය.
රිය අනතුරක වන්දි ලබා ගැනීමේ දී වන්දිය තීරණය කරනු ලබන්නේ කෙසේද?
ශරීරයට වූ හානිය සහ දේපළට වී ඇති හානිය අනුව වන්දි ලබාදීම තීරණය කෙරේ. එය අනතුරට භාජනය වූ පුද්ගලයාගේ සිවිල් තත්ත්වය මත සිදු වේ. එහිදි, අනතුරට ලක්වූ පුද්ගලයා ඉපැයූ ආදායම, ඔහු සමාජයේ දැරු තනතුරු ආදිය සැලකිල්ලට ගනියි.
වන්දි නඩුවක් පැවරීමේදී වන්දි ගණනය කරන්නේ කෙසේද?
ආකාර තුනකට වන්දි ගණනය කිරීම සිදුකළ හැකිය.
1. මූල්‍යමය හානිය
එනම්, රෝහල් ගාස්තු, ඖෂධ සඳහා වන වියදම්, ප්‍රවාහන වියදම් ආදි අනතුර නිසා සිදු වූ හානිය ගණනය කර දැක්වීමයි.
2. සෞඛ්‍යමය හානිය
එනම්, අනතුර නිසා සිදු වූ ශරිරික සහ මානසික හානිය ගණනය කර දැක්වීමයි.
3. අනාගතයෙ විය හැකි ආර්ථික හානිය
එනම්, රැකියාව අහිමි වීම, අතපය නැතිවීම වැනි කෙනෙක්ගේ අනගත ජීවිතයට වන හානිය ගණනය කර දැක්වීමයි.
වන්දි නඩුවක විත්තිකරුවන් ලෙස පාර්ශ්වකරුවන් කළ යුත්තේ කවුරුන්ද?
01. රියදුරු
02. රියදුරු සේවකයෙකු නම් ඔහුගේ සේවා යෝජක
03. වාහනයේ ලියාපදිංචි හිමිකරු
04. රක්ෂණ සමාගම ආදි නඩු නිමිත්තට සම්බන්ධ සියලු පාර්ශ්වයන් පාර්ශ්වකරුවන් කළ යුතුය.
පැමිණිල්ලේ ආයාචනෙයෙන් අයැද ඇති වන්දියට විත්තිය විසිම් විරෝධයක් මතු කළ හැකිද?
ඔව්. විත්තියට කරුණු දැක්වීමට ඇති පළමු අවස්ථාවේදී එනම් උත්තරය ලබාදීමේදී හානිය තක්සේරු කිරීම අධිකතර බව දක්වා විරෝධතා මතුකළ හැකිය. නිදසුනක් ලෙස අනතුරෙන් දතකට වන හානිය සහ පාදයකට වන හානිය අනුව වන්දි තක්සේරුව වෙනස් සහ සාධාරණ විය යුතුය.
රිය අනතුරෙන් කෙනෙක් මියගියහොත් ඔහු වෙනුවෙන් වන්දි නඩුවක් ගොනුකළ හැකිද?
ඔව්. මියගිය අය වෙනුවෙන් ඔහුගේ යැපෙන්නෙක්ට, ළඟම ඥාතියෙකුට හෝ පවුලේ ආසන්නතම සාමාජිකයෙකුට වන්දි නඩුවක් ගොනු කළ හැකිය.
බාල වයස්කරුවකුට වන්දි නඩුවක් ගොනුකළ හැකිද?
ඔව්. අවුරුදු දහඅට ට වඩා අඩු බාලවයස්කරුවෙකුට නඩු භාරකරුවෙක් පත් කරගෙන නඩුවක් ගොනුකිරීමට හැකියාව ඇත.
අනතුරට ප්‍රතිකාර කර වෛද්‍ය වාර්තා සහතික කළ වෛද්‍යවරයා නඩුවේ සාක්ෂි මෙහෙයවන අවස්ථාවේ දි විදේශගතව ඇත්නම්, යම් අපහසුතාවකින් අධිකරණයේ පෙනී සිටීමට හැකියාවක් නැති බව පවසන්නේ නම් ගත හැකි ක්‍රියාමාර්ගයක් තිබේද?
ඔව්. අධිකරණය මගින් පත් කරන වෛද්‍ය මණ්ඩලයක් ඉල්ලා එයට සහභාහි වී වෛද්‍යා වාර්තා ලබාගෙන ඉදිරිපත් කළ හැකිය.
වන්දි නඩුවක් ගොණු කරන ආකාරය කුමක්ද?
අනතුර සිදු වී අවුරුදු දෙකක් ඇතුළත නීතිඥවරයෙකු මගින් විත්තිකරුවන් කිරීමට බලාපොරොත්තු වන අයට එන්තරවාසි යැවිය යුතුයි. පැමිණිල්ලෙන් අනතුර සිදුවූ ප්‍රදේශය, දිනය, ආසන්න් වේලාව, අනතුරට විත්තිකරුවන්ට ඇති සම්බන්ධතාව, පැමිණිලිකරුගේ සහයක නොසැලකිල්ලක් නොතිබීම, රිය අනතුරේ ස්වභාවය, ශරීරයට හා දේපළට වූ හානිය, අනතුර නිසා සිදුවන මූල්‍ය, සෞඛ්‍ය සහ අනාගතයේ විය හැකි හානිය හෙලිකර ගණනය කර දක්වා පැමිණිල්ලේ පිටපත්, විත්ති සිතාසි, පිස්කල් අණකර මුද්දර ඇලවූ ලිපිකවර සමග අධිකරණයට ගොණු කළ යුතුයි.
පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුවේ චෝදනා පත්‍රය, විත්තිකරු වන රියදුරු වරද පිළිගෙන ඇත්නම් එකි සාක්ෂින් ද දිසා අධිකරණ නඩුවට ආවේශ කර ගත හැකියත නඩුව පවරන මුල් අවස්ථාවේ දි ගෝ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට නියම වන අවස්ථාවේ දි සියලු සාක්ෂිවල මුල් ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.
නීතිඥ නවෝද්‍යා ගමගේ
navodyaagamage@gmail.com