නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හොඳට ඉගෙන ගන්න හොඳට නිදාගන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හොඳට ඉගෙන ගන්න හොඳට නිදාගන්න

Published September 23, 2024

නිදා ගැනීම මිනිසාට සොබා දහමින්ම උරුමකර දී ඇති දායාදයකි. රාත්‍රී අඳුර සහ නිහඬතාවය ඒ සඳහා පසුබිම සකස් කරයි. ස්වභාව ධර්මයේ මේ නියමයට අනුගත නොවීම ශාරීරික හා මානසික යෝග්‍යතාව අහිමිවීම ඇතුළු නොයෙකුත් ව්‍යසන වලට හේතු වෙයි. මනස අධ්‍යාපනයට මෙන්ම සමාජ හැසිරීම්වලටද, ආයතනික දියුණුවටද හේතු වන බවද අප කිසිවිටෙකත් අමතක් නොකළ යුතුය. මේ නිසාම නින්දේ වැදගත්කම අප නිරන්තරයන් සිහිපත් කළ යුතුය. යහපත් ගුණගරුක සමාජයක නින්දට ලැබෙන්නේ වැදගත් තැනෙකි. අතීතයේ ගොවි සංස්කෘතීන්හි රෑ බෝවූ පසු ඉතා දිගු සුව නින්දක් ලබමින් ඔවූහු පාන්දරම ගොවිතැන් කටයුතු සඳහා පිටත්ව ගිය බව අප මෙහිදී සිහිපත් කළ යුතුය.

නින්ද මොළයට නැතුවම බැහැ

නින්දේදී මොළයේ Hippocampus කොටසේ ඇති විශේෂිත නියුරෝන නැවත සකසමින් අධික වෙහසකින් තොරව අඛණ්ඩ ඉගෙනුමකට මඟ හෙළිකරයි. සංජානන ක්‍රියාකාරීත්වය සහ මතකය (Cognitive function and memory) පවත්වා ගැනීම සඳහා නින්ද්දී ලැබෙන්නේ අනගි පිටිවහලකි.

කොහොමද සිද්ධ වෙන්නේ

අලුත් දේ ඉගෙන ගැනීම සඳහා වැදගත් වන්නේ මොළයේ හිපොකැම්පස් කොටසයි. අප නිදා සිටියදී සිදුවන්නේ එහි ඇති නියුරෝන සක්‍රිය වීමයි.

එවිට නින්දේදීම නියුරෝන එකම ක්‍රියාකාරී රටාවක් නැවත නැවත සිදුකරයි. එම පුනරාවර්තන ක්‍රියාවලිය්දී මොළයේ ඇති බාහිකයේ (Cortex) විශාල කොටසක ගබඩාවී ඇති මතකයන් ශක්තිමත් වෙයි.

ජීවිත කාලය පුරා ඉගෙනීමේ අවස්ථාවක්!

නින්දේදී සිදුවන යාන්ත්‍රණය මගින් නව ඉගෙනීම සඳහා එකම නියුරෝනය නැවත නැවත භාවිත කිරීමේ අවසථාව ලබාදේ. මෙය වෙහෙසකර නොවූ අඛණ්ඩ ඉගෙනුමක මාවතයි.

ඇල්සයිමර් රෝගයටත් හොඳයි

මොළයේ අන්තර් නියුරෝන වර්ග දෙකකි. එකක් මතකය නියාමනය කරන අතර අනෙක මතකයන් නැවත සකස් කිරීමට ඉඩ සලසයි. නින්දේදී සිදුවන නියුරෝන නිෂ්ශබ්ද කිරීමේ සහ නැවත සකස්කිරීමේ ක්‍රියාවලිය නිසා මානසික ඒකාග්‍රතාව වැඩිදියුණුවී වියපත් අයගේ මතක අහිමිවීමේ රෝගයෙන් වැළකීමේ අවස්ථාවද උදාකරයි.

https://neurosciencenews.com/ ඇසුරිනි

සුනිල් අල්ගම

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?