නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වේල්ස්හි කුමරිය ජීවිතයේ අඳුරදකී
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

වේල්ස්හි කුමරිය ජීවිතයේ අඳුරදකී

Published September 23, 2024

වේල්ස් හි කුමරිය එහෙම නැත්නම් කේට් කුමරිය පිළිකා රෝගී තත්ත්වයෙන් පසු වූ බව පසුගිය දා විදෙස් මාධ්‍ය මගින් ලෝකයට දැණුම් දී තිබුණා. ජනවාරි මාසයේදී සිදුකරන ලද ලන්ඩන් ක්ලිනික් පෞද්ගලික රෝහලේදී සිදුකරන ලද ශල්‍යකර්මයක් අතරතුර ඇගෙන් ලබාගත් පටකවල පිළිකා සෛල ඇති බැව් තහවුරු වුණා. එතැනින් පසුව පෙබරවාරි මාසයේදී කේට් කුමරිය කිමෝ තෙරපි ප්‍රතිකාර සඳහා භාජනය කරනු ලැබුවා. මෙම කිරණ ප්‍රතිකාර මගින් ඇගේ සිරුරේ ඉතිරිව ඇති පිළිකා සෛල ඉවත් කිරීම සඳහා ලබාදෙන පිළිකා නාශක ඖෂධ මාලාවක්. මෙම ප්‍රතිකාර මගින් පිළිකා වර්ධනය සහ නැවත ඇතිවීම අඩුකරනවා.

ශරීරයේ නිශ්චිත කොටසක සෛල පාලනයකින් තොරව බෙදී යෑම නිසා ඇතිවන පිළිකා තත්ත්වයට ප්‍රතිකාර නොකළහොත් මෙම සෛල ශරීරයේ ඉන්ද්‍රියන් ඇතුළු අනෙකුත් අවයවලටත් පැතිර යෑමට පුළුවන්. එය ද්විතියික හෝ පාරස්ථිතික පිළිකා යනුවෙන් හඳුන්වනවා.

පිළිකාවක් යැයි සැක කරන ලක්ෂණ

පැහැදිළි කළ නොහැකි ලේ ගැලීම හෝ වේදනාව
අසාමාන්‍ය ගැටිත්තක් හෝ ඉදිමීමක්
පැහැදිලි කළ නොහැකි තෙහෙට්ටුව සහ බර අඩුවීම
නොනවතින කැස්ස


බොහෝ අවස්ථාවලදී පිළිකා රෝගියකු සඳහා ශල්‍යකර්මයක් සිදුකිරීමෙන් පසුව පතිකාර අවසාන වුණත් නිරීක්ෂණ කාලසීමාව අවසාන වෙන තෙක් රෝගියා පිළිකාවෙන් නිදහස් නැහැ.කේට් කුමරියට වැළඳී ඇත්තේ කුමන ආකාරයේ පිළිකාවක්දැයි තවම ප්‍රකාශ කර නැත. ඒ වගේම ඇය පිළිකා තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම නිදහස්දැයි බවට වූ තහවුරු කිරීමක් ලබාදීමටත් තවම හැකියාවක් නොමැති බැව් බීබීසී පුවත් සේවය සඳහන් කරනවා.

එතැනින් පසුව ඇය පිළිබඳව නිල නිවේදනයක් නොලැබුණත් මේ වනවිට කේට් කුමරිය ඇගේ රෝග තත්ත්වය වෙනුවෙන් ලබාදෙන ලද කිමෝ තෙරපි ප්‍රතිකාර අවසාන කර ඇති බැව් දන්වා තිබෙනවා.මේ ගැන අදහස් දක්වන කේට් කුමරිය කියා සිටින්නේ පසුගිය මාස නවය අපේ පවුලට හරිම දුෂ්කර කාලයක්, එය දරාගත නොහැකි තරම් අසීරු අවධියක්.

ඇත්තටම පිළිකාව කියන්නේ රෝගියාට වගේම ඔවුන්ගේ පවුලේ අයට සංකීර්ණ බියජනක පණිවිඩයක්. මගේ කිමෝ තෙරපි ප්‍රතිකාර අවසානයි. ඒත් ‘සුවවීමේ මාර්ගය සහ පූර්ණ සුවය ලැබීමට ටික කාලයක් ගතවේවි. ඒ නිසා එළැඹෙන හැම දවසකටම මම එන විදිහට මුහුණ දෙනවා.අඳුර තුළින් ආලෝකය පැමිණේවි. ඒ ආලෝකයට දීප්තිමත්ව බැබැලීමට ඉඩ දෙන්න.’කේට් කුමරිය සඳහන් කරනවා.

බීබීසී පුවත් ඇසුරෙන්

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?