නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පැද්දි පැද්දි යන තඩි අලි වෙනුවට අනාගතේ කරඬු වඩම්මන යකඩ අලි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පැද්දි පැද්දි යන තඩි අලි වෙනුවට අනාගතේ කරඬු වඩම්මන යකඩ අලි

Published September 23, 2024

පෙරහැරේ අලි ඇත්තු ගෙනියන්න හොඳ නැහැ. අලියො නිදහසේ ඉන්න ඕන. කකුල්වලට දම්වැල් දාලා පෙරහැරවල්වල ගෙනියන එක වැරදියි. මේ වගේ අදහස් වටෙන් පිටෙන් කනවැකුණ නිසා හිතට ආපු අලුත් අදහසක් ඇත්තටම ක්‍රියාත්මක කරල පෙරහැරේ ගෙනියන්න යාන්ත්‍රික අලියෙක් හදපු අපූරු නිර්මාණ ශිල්පියෙක් ගැනයි අද කතාව…

අනුර කුමාර කියන්නෙ කවුද?

මම පදිංචි වෙලා ඉන්නේ බොරලැස්ගමුව එගොඩවත්තේ. මම සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචිය යටතේ චිත්‍ර මූර්ති නිර්මාණ ශිල්පියෙක් විදියට කටයුතු කරනවා.

අනුර යාන්ත්‍රික ඇතෙක් නිර්මාණය කළා. ඒ ගැන කිව්වොත්?

ඔව්. 2015 දී තමයි මං යාන්ත්‍රික අලියා නිර්මාණය කළේ. බෙල්ලන්විල පෙරහැරට ගෙනියන්න තමයි අලියව හැදුවේ.

මොකක්ද මේ යාන්ත්‍රික අලියා නිර්මාණය කරන්න හේතුව?

2015 ඒ දවස්වල අලින්ව පෙරහැරවල්වල ගෙනියනවට විවිධ චෝදනා ආවා. සමහර අය පෙරහැරේ අලි ගෙනියන එක දැක්කේ සත්ත්ව හිංසනයක් විදියට. ඒ නිසා මට හිතුණා යාන්ත්‍රිකව අලියෙක් හැදුවොත් මේ ගැටලුවලට විසඳුමක් වෙයි කියලා.

මේ අලියා හදන්න කලින් දවස් දෙක තුනක් හීනෙනුත් මට පෙනුනා. ඒක ඇත්තටම ක්‍රියාවට නංවන්න ඕන කියල් හිතලා තමයි මේ නිර්මාණය කරන්න ගත්තේ.

කොහොමද මේ යාන්ත්‍රික අලියා හැදුවෙ?

මෙයා හදලා තියෙන්නේ යකඩවලින්. බැට්රිවලින් කරන්ට් එක දීල තමයි වැඩ කරන්නේ. යාන්ත්‍රික වුණත් සාමාන්‍ය අලියෙක් විදියටම හොඬවැල, වලිගෙ, කන් වනන්න පුළුවන් විදියට හදල තියෙන්නේ.

මේ අලියා හදන්න කොයි තරම් කල් ගියාද?

අලියා හදන්න මාසයක් විතර ගියා. එකදිගට හදපු නිසා ඉක්මණින් හදන්න පුළුවන් වුණා.

පෙරහැරවල් කියකට සහභාගි වෙලා තියෙනවද?

ප්‍රධාන පෙරහැරවල් එක්ක පෙරහැරවල් තිහකට වගේ මේ අලිය එක්ක ගිහින් තියෙනවා. ඔක්තෝම්බර් මාසෙත් පෙරහැරක යන්න හිතන් ඉන්නවා. ඊට අමතරව ඇසළ උත්සවවලට සහ පොසොන් කලාපවලට ගෙනියනවා. බෙල්ලන්විල පෙරහැරේම හත් සැරයක් ගිහින් තියෙනවා.

මොන වගේ ප්‍රතිචාරද ආවේ හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබුණා. පෙරහැරේ ගියාම පොඩි ළමයි අලිය පස්සෙන් යනවා. දකින අය හැමෝම අගය කරනවා. ඒ වගේ හොඳ ප්‍රතිචාරත් ලැබුණා. ඒ වගේම දෝෂාරෝපණත් ආවා. සමහර අය යාන්ත්‍රික අලියා හැදුවම උසුළු විසුළු පවා කළා.

අනුර, මීට අමතරව මොනවද කරන්නේ?

මම කලා නිර්මාණ ශිල්පියෙක්. චිත්‍ර අදිනවා වගේම මූර්ති කැටයම් නිර්මාණත් සිදුකරනවා.

නිර්මාණ කටයුතු වෙනුවෙන් ජනාධිපති සම්මානයක් ලැබුණා. ඒ ගැන කිව්වොත්?

2019 දී තමයි මට ජනාධිපති සම්මානය ලැබුණේ. යාන්ත්‍රික අලියා නිර්මාණය කිරීම ඇතුළුව මගේ අනෙකුත් කලා නිර්මාණ කටයුතුත් අගය කිරීමක් විදියට ඒ සම්මානය හිමිවුණා.

පවුලෙන් කලා කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද?

මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නටත් උපතින්ම චිත්‍ර ඇදීමේ හැකියාව පිහිටල තියෙනවා. දෙන්නම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන්. මගේ කලා කටයුතුවලට ලොකු සහයෝගයක් ලැබෙනවා පුතාලගෙන්. අලියා නිර්මාණය කරද්දීත් පුතාල දෙන්නගෙන් ලොකුසහයෝගයක් ලැබුණා.

පවනි දිලේකා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?