නියෝජන ප්රජාතන්ත්රවාදයෙන් වෙලීගොස් ඇති නූතන ලෝකයේ පාලන ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ වන්නේ වක්රාකාරයටයි. ඇත්තටම දේශපාලන තුළ පාලකයා හා පාලිතයා යන දෙකොට්ඨාශය සුවිශේෂි භූමිකාවක් ඉටු කරන අතරණි ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් තුළ මහජන පරමාධිපත්‍යයට හිමි වන තැන පිළිබඳව අවබෝධ කරගැනීම වටි. මක්නිසාද යත් ප්රජාතන්ත්රවාදය යනු මහජනතාවගේ පාලනයක් වන බැවිණි. ඒ අනුව පුරවැසියාගේ කාර්යභාරය මැතිවරණ සමයකදී ඉතා සූක්ෂම වේ. එය තීරණය වන්නේ ඔවුන්ගේ දේශපාලන සාක්ෂරතාවය අනුවයි. එදා ග්‍රීසිය තුළ සාමාන්‍ය ජනතාවට දේශපාලනය තහනම් ආයුධයක් වූ අතරණි වහලුන්ට පාලනයට සහභාගී වීමට ඉඩ දුන්නේ ද නැත. නමුත් එවැන්නක් අද නැත. සෑම පුරවැසියෙකුටම සමානව බොහෝ විට ඡන්ද අයිතිය හිමි වේ.
රටේ පුරවැසියා කිසිම දිනක පාලකයා ඉදිරියේ දණින් වැටි අයදීම නොකළ යුතුය. මන්ද පාලකයින් භාරකරුවන් මිස දේශයේ අයිතිකරුවන් නොවන නිසාවෙනි. තම දේශය පිළිබඳව අයිතිය ඇත්තේ පුරවැසියන්ටය. එහෙත් දේශපාලන සාක්ෂරතාවය අවමව ඇති ආසියාතික රටවැසියාවණි පහසුවෙන් ගොදුරුකර ගන්නට පාලකයන්ට පුළුවන.
ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලනයේදී බෙදා වෙන් කිරීමේ පාලන ප්‍රතිපත්තිය හේතූවෙන් ආගම්, භාෂා, කුළ, ප්‍රදේශ අනුව අපගේ ජන සමාජය බෙදුණි. එය අද කොතෙක් වර්ධනය වීද යන්න මැතිවරණයන්හි පැහැදිළිව පෙන්නුම් කරයි. එදා ලාංකිකයන්ට සර්වජන ඡන්දබලය ලබා දෙනවාටවත් අපගේ නායකයින් කැමති වූයේ නැත. එවැනි බලයක් ලබාදීම ඔවුන් සැලකුවේ “වඳුරන්ට දැලිපිහි දීමක්, නැතහොත් “රස්තියාදුකාරයින්ට ඉඩප්රස්ථා විවර කිරීමත්, ලෙසය.
අපි කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු යනුවෙන් දේශපාලනිකව බෙදිගොස් තිබේ. ඇත්තටම එය එක් අතකින් දේශපාලනික වහල්භාවයකි. එනිසා මෙතරම් දියුණු ලෝකයක, මෙතරම් පක්ෂ පාටවලට බෙදී ඇණ කොටා ගැනීම උමතුවකි. අප තේරුම් ගත යුතු වන්නේ මේ රට දේශපාලනඥයින්ගේ නොව සමස්ත ජනතාවගේ බවයි.
අවුරුදු 76 ක් තිස්සේ පාලකයින් අපට පෙන්නු සුරපුරයක්නම් දැන් නැත. ඇත්තේ එදාවේල හම්බ කරගැනීමටවත් නොහැකි ඉතා දිළිදු ආර්ථිකයක් පවතින රටක් පමණි. ලෝකයේ දියුණු රටවල් එම තත්ත්වයට පත් වුණේ මිනිසුන් තම ආකල්ප වෙනස් කරගනිමින් තමන්ගේ අනාගතයක් සඳහා නිවරදි පාලනයක් ගොඩනැගීමට තමන්ගේ පරමාධිපත්‍ය නිවරදිව භාවිතා කිරිමෙනි. එනිසාවෙන් මැතිවරණවලදී මුදලට විකිණෙන ඡන්දදායකයෙක් නොවෙමු. එමෙන්ම දේශපාලන වහල්භාවයෙන් අත්මිදෙමු.
සහය කථිකාචාර්ය
කේ.බී.සී. මධුෂාන්
දේශපාලන විද්‍යා අධ්‍යනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය