නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නිර්මාණශීලී පුද්ගලයකුට කොණ්ඩ ගහක් වුණත් ඇති ලෝකය දිනන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නිර්මාණශීලී පුද්ගලයකුට කොණ්ඩ ගහක් වුණත් ඇති ලෝකය දිනන්න

Published September 23, 2024

Farrukh Shamuratov

නිර්මාණශීලි මිනිසුන් ලෝකයේ ඕනෑම තැනක ඉපදෙන්නත්, බිහිවෙන්නත් පුළුවන්. ඔවුන් මොන භාෂාව කතා කළත්, මොන ආගමක් ඇදහුවත්, මොන දේශපාලනය පිළිගත්තත් ඔවුන් ගොඩනගාගන්නා නිර්මාණශීලිබවට ඒවායින් කිසිදු බාධාවක් නොවේ.

එවැනි නිර්මාණශීලී පුද්ගලයකු පසුගියදා ලංකාවට ආවා. ඔහු නිර්මාණකරණයේ යෙදෙන්නේ අපි කාටත් තිබෙන කොණ්ඩයෙන්. මේ වනවිටත් මේ තරුණයා Hair world Championship” USA Hair Championship,Russia Hair Championship වැනි ලෝකයේ බොහෝ රටවල අවධානය දිනාගත් කොණ්ඩා මෝස්තර තරගාවලි සීයකට ආසන්න ප්‍රමාණයක ශූරතාවය දිනාගෙන ඇත.

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිණි හසිනි ගුණසේකරගේ IAB Academy හි ආරාධනයකට අනුව ගෝලීය කොණ්ඩා මෝස්තර ශිල්පී Farrukh Shamuratov පසුගිය සතියේ සිය පළමු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ දේශීය කොණ්ඩා මෝස්තරකරුවන්ට ඔහුගේ අද්විතීය කොණ්ඩා මෝස්තර දැනුම සහ ශිල්පීය රහස් ඉගැන්වීම සඳහයි.

කොළඹ මැරියට් හෝටලයේදී දින දෙකක් පුරා පැවති මෙම ජාත්‍යන්තර කේශාලංකාර වැඩමුළුවේදී ඔහුත් සමඟ සුහද කතාබහක් යෙදෙන්නට අපිට පුළුවන් විය.

“ මේක මගේ පළවෙනි දකුණු ආසියාතික සංචාරය. ලංකාවට මම ආවේ පළවෙනි වතාවට. ලංකාව හරිම ලස්සන රටක්. හරිම පිරිසිදුයි.

මිනිස්සු හරිම සුහදශීලි. මට තාම ලංකාවේ ලස්සන බලන්න යන්න බැරි වුණා. ඒත් මම අද උදේ ගංගාරාම පන්සලට ගියා. එහි හිටපු හාමුදුරුවෝ මගේ අතේ පිරිත් නූලකුත් බැන්දා. මම ඒ තැනට ආසයි. මේ වර්ක් ෂොප් එක ඉවරවෙලා දවස් කිහිපයක් ලංකාවේ ලස්සන බලන්න නතර වෙනවා. ”

ෆරුක් මෙලෙස තමන්ගේ වෘත්තීය අත්දැකීම් සහ ළමා කාලය පිළිබඳවත් අපට කටහඩ අවදි කළා. “ මම ඉපදුණේ හැදුණේ වැඩුනේ උස්බෙකිස්ථානයේ.ඒත් මට අවුරුදු 16 දී මම රුසියාවට යනවා. ඒ මගේ තාත්තා නිසා.

මම විශ්වවිද්‍යාලයට ගියෙත් රුසියා දේශසීමාවේ තියෙන ලස්සනම නගරයක් වන ෆින්ලන්තයේ Senchuri Brook university එකට. ඒ කාලේ කොහොමටත් මට ජීවිතයෙන් අමතක කරන්න බැහැ. ඒ තරම් ලස්සන කාලයක් ඒක.

උපාධිය සම්පූර්ණ කළාට පස්සේ මම ඇමෙරිකාවට ගියා. ඒ තවදුරටත් කොණ්ඩා මෝස්තර පිළිබඳව හා රූපලාවන්‍ය ඉගෙන ගන්න. නැවතත් මම උස්බෙකිස්ථානයට ආවේ මගේ පවුලේ අය මඟ හැරෙන නිසා. විශේෂයෙන්ම මගේ තාත්තා නිසා තමයි මම කේශලංකරණ ක්ෂේත්‍රය මගේ වෘත්තීය විදිහට තෝරාගන්නේ.

ඔහු ඒ වෙනකොටත් උස්බෙකිස්ථානයේ කොණ්ඩා මොස්තර සංගමයේ සභාපති ධූරය දැරුවා. ඔහුට වෙනමම සැලෝන් එකක් තිබුණා. ඔහු තමයි මුලින්ම කිව්වේ ඒ දේවල් බලාගෙන ඉගෙන ගන්න කියලා. ඒ නිසා වයස අවුරුදු 12 දී විතර තමයි කොණ්ඩා මෝස්තරශිල්පියෙකු ලෙස මට වැඩ කරන්න අවස්ථාව ලැබුණේ.

මගේ තාත්තා විතරක් නෙවෙයි අම්මත් Hair Dress කෙනෙක්. ඇය කළේ කාන්තාවන්ගේ කොණ්ඩ පමණයි. මුලින්ම මම තාත්තාගේ වැඩවලට උදව් කළා. පස්සේ අම්මගේ සැලෝන් එකේ අම්මට උදව් කරන්න ගත්තා. 19 වෙනකොට මම කොණ්ඩා මෝස්තර ශිල්පීන් අතර රුසියාවේ ශූරයා වුණා.

ඒ “ Schwarzkopf AWARD” ජයග්‍රාහනය කළ නිසා. ඊට පස්සේ මම කොණ්ඩය සමඟ වැඩ කරන්න උනන්දු වුණා. දැනුම සොයාගෙන ගියා. මම ඇමරිකාවට ගිහිල්ලත් කළෙත් අලුත් දැනුම සොයාගත්ත එක. ඇමරිකාවෙදි බොහෝ නළු නිළියන් ඔවුන්ගේ පෞද්ගලික කොණ්ඩ මෝස්තර ශිල්පියා ලෙස මාව භාවිත කළා. ඒ නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒ දැනුම මම ලෝකයට බෙදන්න තීරණය කළා. මට හැම තිස්සේම ඕන වුණේ අලුත් දේවල් කරන්න.

යුනික් දේවල් කරන්න. ඒ නිසා කවුරුත් අතර මම කැපී පෙනුණා. පුංචි කාලෙදිම මගේ දෙමව්පියන් ඒ අභියෝගය මට දුන්නා. ඉගෙන ගන්න තමන්ම සල්ලි හොයාගන්න කිව්වා. පැය 16 ක් 17 ක් මම වැඩ කළා. එහෙම තමයි මේ ගමන අද දක්වා ආවේ. අද වෙනකොට මම පදිංචි වෙලා ඉන්නේ ඉතාලියේ. ඒ මගේ වෘතිතීය ගිවිසුම් නිසා. ඒ නිසා මම කියන්නේ නිර්මාණශීලි පුද්ගලයන්ට කොණ්ඩ ගහක් වුණත් ඇති අලුත් දේවල් කරලා ලෝකය ජයගන්න.”

හරින්දි ලියනගේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?