නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: විසිකරපු පොල්කට්ටට අපූරු වටිනාකමක් දුන් නඳුන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

විසිකරපු පොල්කට්ටට අපූරු වටිනාකමක් දුන් නඳුන්

Published September 16, 2024

පාවිච්චියෙන් පසුව පොල් කටුව ඉවත දැමීමත් අද ප්‍රශ්නයක්. එය පරිසර ගැටළුවලට මුලක්. නමුත් අතීතයේදී නිවසේ පොල්කටුව පාවිච්චියෙන් පසුව ඉවත දැමුවේ නැහැ. එය වෙනත් කටයුත්තක් වෙනුවෙන් යොදා ගැනීමට අපේ අතීත පරම්පරාව පුරුදු පුහුණුව සිටියා. වෙන දෙයක් තබා එදා මුළුතැන්ගෙදරට ලුණු පොල්කටුව, වතුර කෝපප්ය, කලගෙඩි වැස්ම, අඹරාගත් මිරිස් තුනපහ තබන අසුරනය මේ සියල්ල වෙනුවෙන් පොල් කටු යොදා ගත්තා. නමුත් ප්ලාස්ටික්වල ආගමනය සමඟ මේ සියල්ල වෙනස් වුණා. රැල්ලට ගියා සේම අලුත් ආම්පන්න වැළඳ ගත්තා. එහෙත්… පාවිච්චියෙන් පසුව ඉවත දැමීම, රස්නෙන් ආහාර පාන දැමීමෙන් ඇති වන සෞඛ්‍ය ප්‍රශ්න ගැන කතා කරන විට ආයේමත් අතීතයට යා යුතුයි කියල අපට හිතුණා. මේ නිසාම අද වනවිට පොල්කටු භාවිතයෙන් විවිධ නිෂ්පාදන ගැන සිතන තරුණයෙක් ගල්නෑව ප්‍රදේශයෙන් හමු වුණා.

ගොරහැඩි පොල්කටුව සුමට විසිතුරු කරන ඔබ ගැන කිව්වොත්…?

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රදේශයේ පදිංචි මම එච්. කේ. එම් නඳුන් රංගන. ගල්නෑම මධ්‍ය මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා එතැනින් පසුව විවිධ රැකියාවල නිරත වුණා. මම කුඩා කාලයේ පටන්ම චිත්‍රවලට දක්ෂයි. පාසලේදීත් මම චිත්‍ර නිසාම ජනප්‍රිය චරිතයක් වෙලා හිටියා. නමුත් මම පොල්කටුවලින් විසිතුරු නිර්මාණ කිරීම ගැන නම් දැන ගෙන හිටියේ නැහැ. ඒ වුණත් මම ලී සහ පොල්කටුවලින් නිර්මාණ කිරීමේ වැඩි කැමැත්තක් තිබුණා. පොල්කටුවලින් මල්පෝච්චි වගේ දේවල් හැදුවා.

හැකියාව වැඩිදියුණු කර ගත්තේ කොහොමද…?

මේ අතරේ මම ෆේස් බුක් සහ යූ ටියුබ් ඔස්සේ පොල්කටු ආශ්‍රිත නිර්මාණ ගැන හොයන්න පටන් ගත්තා. එහිදී විසිතුරු නිර්මාණ කරන්න හැකියාවක් ඇති බව මටත් තේරුණා. පොල්කටු නිර්මාණ කර ගෙන යද්දී මේක ව්‍යාපාරයක් විදිහට කරන්න පුළුවන් වගේම හොඳ ඉල්ලුමක් තියෙන ව්‍යාපාරික අවස්ථාවක් බව මටත් තේරුණා. ඒ නිසා මම රැකියාවෙන් ඉවත් වෙලා පොල්කටු ආශ්‍රිත නිර්මාණ කරන්න පටන් ගත්තා.

පොල්කටුවලින් ඔබ කරන නිර්මාණ ගැන කිව්වොත්…

මම විවිධ නිර්මාණ කරනවා. තේ කොප්ප, අතුරුපස කොප්ප, ලුණු පොල්කටු, පිඟන්, සබන් ඇසුරුම්, ඉටිපන්දම් ඇසුරුම්. වගේ දේවල් විතරක්ම නොවෙයි, මාල, කරාබු වගේ පොල් කටු ආශ්‍රය කර ගෙන ආභරණත් නිර්මාණය කරනවා.

මේ වෙනුවෙන් අවශ්‍ය පොල්කටු සොයා ගැනීම…

මෙතැනදී පිරිසිදුකම ගැන වැඩි අවධානයක් ලබා දෙන්න ඕන. ඒ මොකද කිව්වොත් පොල්කටු අමුද්‍රව්‍ය විදිහට යොදා ගත්තත් මේ නිෂ්පාදන ආාහර පාන ඇසුරුමට වගේම ඒවා කන්න බොන්නත් යොදා ගන්නවා. ඒ නිසා පොල් අරගෙන ඒවා මගේ නිර්මාණවල උසට අනුව සකස් කරන ගන්න අවශ්‍යයි. මේවායේ මද සූරා ඉවත් කරනවා.

මද ඉවත දමනවද…?

නැහැ. ඉවතට ගත් මද යොදාගෙන පොල්තෙල් හිඳිනවා. ඒ වගේම මේ ගෙරහැඩි පොල්කටු මුහුණ පෙනෙන කණ්ණාඩියක් තරමටම ඔප කරන්න ඕන. ඒ වෙනුවෙන් 80 වැලිකඩදාසියෙන් පටන් ගෙන 1000, 1500 වැලි කඩදාසිය දක්වාම විවිධ අංකවල කඩදාසිවලින් සුමට කරනවා.

මේ නිෂ්පාදන වෙනුවෙන් ඔබේ සන්නාමය…

මම NR Handy craft යන සන්නාමයෙන් මේවා අලෙවි කරනවා. පොල්කටු නිෂ්පාදන වෙනුවෙන් දේශීය වශයෙනුත් හොඳ ඉල්ලුමක් තිබෙනවා. බොහෝ දෙනෙක් අපේ අතීත මෙවලම්වලට ආපහු යන යුගයක් දැන් ඇවිත්. විශේෂයෙන් අතීතයේදී ලුණු දැම්මේ පොල්කටුවේ. ඒක වටට ලුණු බැහැලා මුහුදු හත්තක් වගේ හැදෙනවා.

මේක වාසනාවේ සංකේතයක් විදිහට එදා අය සැලකුවා. නමුත් දැන් ප්ලාස්ටික් හෝ වීදුරු බෝතල්වල ලුණු ගබඩා කර ගෙන හිටියත් ඒවායෙන් ඇති වන සෞඛ්‍ය ප්‍රශ්න ගැනත් අපට හිතන්න වෙලා. මේ හින්දා ලුණු පොල්කටු වෙනුවෙන් දැන් ඉල්ලුමක් තිබෙනවා.ඒ වගේම අපේ අතීත ලුණු පොල්කටුවට සමාජය කොතරම් කැමැත්තක් දක්වනවාද කිව්වොත් ගොඩක් මැදලා සුමට කරපු ලුණු පොල්කටුවලටත් කැමැති නැහැ.

අපි දකින පොල්කටුව ඒ විදිහටම දකින්න ඔවුන් කැමැතියි. ඒ නිසා පොල්කටුව වැඩියෙන් මදිනවාට ඔවුන් කැමැති නැහැ. ඒ නිසා මම මුලින් සඳහන් කළා වගේ කීප වතාවක් මේවා මදින්නේ නැහැ. දෙවතාවක් මැදීම ප්‍රමාණවත්. එතකොට පොල්කටුවේ සාමාන්‍ය පෙනුම ඒ විදිහටම රැක ගන්නත් පුළුවනි.

විදේශ වෙළඳපොළ ගැන හිතුවේ නැතිද…?

මම දැනට ෆේස් බුක් ඔස්සේ ජර්මනිය, ඇමරිකාව සහ ප්‍රංශයට වගේ රටවල් හය, හතකට නිෂ්පාදන යවා තිබෙනවා. ඒවා අතරමැදියන් හරහා අලෙවි කළා. ඉදිරියේදී මම සෘජුවම අපනයන වෙළඳපොළට ප්‍රවේශ වෙන්නත් අදහස් කරනවා.

පොල්කටු භාජන පාවිච්චියේදී…

මේවා කල් තබා ගන්න පුළුවනි. සාමාන්‍යයෙන් අවුරුදු 4 ක් 5 ක් වගේ කාලයක් පුළුවනි. සිරුරට කිසිම විදහකින් අහිතකර නැහැ. ප්ලාස්ටික් පිඟානකට උණුවන් බත් බෙදන්න හොඳ නැති වුණත් පොල්කටු පිගානට ඒ විදිහේ සෞඛ්‍ය ගැටළු නැහැ. පිරිසිදු කර ගැනීමේ ගැටළු නැහැ. ප්ලාස්ටික් කෝප්ප කාලයක් යන විට කොතරම් පිරිසිදු කළත් පෙනුමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම කාලයක් පාවිච්චි කිරීමත් සුදුසු නැති බවටත් අදහස් තියෙනවා. ඒ වුණත් පොල්කටු භාජනයක් කැඩෙනකම්ම පාවිච්චි කරන්න පුළුවනි. කැඩුනත් ඉවත දැමීමට කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්වභාවික විදිහට ජීරණය වෙනවා.

ඔබේ නිර්මාණ වෙනුවෙන් සම්මාන එහෙම…

තවම නැහැ. මම නිර්මාණ තරඟ වෙනුවෙන් ඉදිරිපත් කළත් යම් යම් ප්‍රශ්න නිසා මම ඉදිරිපත් කළ නිර්මාණ ප්‍රතික්ෂෙප වුණා. නමුත් මම වැටෙන්නේ නැහැ. මගේ ශිල්පය තව දුරටත් දියුණු කර ගෙන වෙළඳපොළ දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙනුත් සංවර්ධනය කර ගන්න බලාපොරොත්තු වෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?