නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගමයේ පළමු සභාපතිනිය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගමයේ පළමු සභාපතිනිය

Published September 16, 2024

මෙතෙක් විශ්වවිද්‍යාල ඉතිහාසයේ ගෑනු ළමයෙක් ටිකක් වෙනස් විදිහේ තනතුරකට පත්වෙලා. ඇය මෙලෙස තේරෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගමයේ ප්‍රථම කාන්තා සභාපතිනිය විදිහට. මේක බැලූ බැල්මට සරල විදියට පෙනුනට සරලකමක් නම් මේ තනතුර ඇතුලේ තියෙන්න විදිහක් නැහැ.මොකද විශ්ව විද්‍යාලයක කෙල්ලෝ කොල්ලෝ එක්ක ගණුදෙනු කරනවා කියන එක වුණත් හිතන තරම් ලේසි නැහැ කියලා මුළු සමාජයම දන්න කාරණයක් නිසා. කොහොම වුණත් මේ සරනි ඒ අභියෝගය බාරගෙන තියෙනවා. අපිට හිතුණා හිත හයිය මේ ගැනු ළමයා එක්ක ටිකක් කතා කරන්න. කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයෙක් වන ඇයව මෙවර නවලියට කතා කළා.

මේ දිනවල විශ්වවිද්‍යාලවල කතාබහට ලක්වන කවුද මේ සරිනි?

මම නමින් සරිනි විතරක් නෙවෙයි. මගේ නමට දුල්වින්‍යා සේනාරත්න කියන කොටසත් තියෙනවා. මගේ ගම කඩවත. මම මූලික අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයෙන්. ඊටපස්සේ උසස් පෙළ කරන්න ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. මේ වෙනකොට මම කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසර ශිෂ්‍යාවක්. මම හදරන්නේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය.

සරනිගේ පවුලේ ඉන්නේ කවුද?

මගේ පවුලේ ඉන්නෙ අම්මයි අප්පච්චියි මල්ලියි තමයි.

හැමෝම කතාවෙන මොකක්ද මේ සරිනිට ලැබුණ අලුත්ම තනතුර ?

කොළඹ විශ්වවිද්‍යාලීය ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිධූරය තමයි මට ලැබුණ අලුත්ම තනතුර.

මීට කලින් විශ්වවිද්‍යාලීය ඉතිහාසයේ ගෑනු ළමයෙක් මේ තනතුරට පත්වෙලා තියෙනවාද?

ඇත්තටම නැහැ. අපේ කැම්පස් එකේ වගේම අනෙක් රාජ්‍ය විශ්වවිද්‍යාලත් ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයට දන්න තරමින් ගැහැනු ළමයෙක් පත් වෙන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට.

මේ තනතුර ලැබුණ විදිහට ගැනත් කතා කරමු…

මේ පාර ශිෂ්‍ය සංගමයේ සභාපතිධූරයට ගැහැනු ළමයෙක් පත් කළොත් හොඳයි කියන අදහස අපේ ඉහළ වසර සහෝදරත්වයෙන් සාකච්ඡා වෙලා තිබුණා. ඒ වෙනුවෙන් නම් කිහිපයක්ම යෝජනා වුණත් ගොඩක් අය ඒක ප්‍රතික්ෂේප කරලා තිබුණා. හැබැයි මගේ වටේ සපෝටිව් පිරිසක් ඉඳපු නිසා මම මේ තනතුර බාරගන්න කැමති වුණා.

අලුත් තනතුර කොහොමද සරිනිට දැනෙන්නේ?

මීට කලින් මේ වගේ තනතුරක් මම කරල නැති නිසා අභියෝගයක් තියෙනවා. ඒ වගේම ගැහැනු ළමයෙක් විදිහට ඉස්සරහට තව අභියෝගවලට මුහුණ දෙන්න වෙයි කියලත් මම හිතනවා. හැබැයි මට උදවු කරන ලොකු පිරිසක් ඉන්න නිසා ඒ දේවල් ගැන මට බයක් දැනෙන්නෙ නැහැ. කොහොමහරි ඒ දේවල්වලට මුහුණ දීලා වැඩටික කරගෙන යනවා.

පොඩිකාලේ ඉඳලම කොළඹ විශ්වවිද්‍යාලය කියන්නේ සරිනිගේ හීනයක්ද?

ඇත්තටම කොළඹ විශ්වවිද්‍යාලයටම එනවා කියල හීනයක් තිබුණෙ නැහැ. පොඩි කාලෙ ඉඳලම අම්මටයි අප්පච්චිටයි ඕන වුණේ මට හොඳට උගන්වලා විශ්වවිද්‍යාලයට යවන්න. හැබැයි ඒ ගැන මගේ හිතට තදින්ම දැනුනේ රත්නාවලියේ උසස් පෙළ කරන්න ආවට පස්සේ.

සරිනිගේ පාසල් කාලය ගැනත් මතක් කළොත්?

මම ලින්ඩ්සේ ඉදපු කාලෙ නම් අධ්‍යාපනයට අමතරව වැඩි අවධානයක් දුන්නේ ඩාන්සින්වලට. ඒ කාලෙ මං හිතං හිටියෙ සෞන්දර්යයට යන්න. නැටුම් ගුරුවරියක් වෙන්න. හැබැයි උසස් පෙළට රත්නාවලියට ආවට පස්සේ මම හිතා ගත්තා එතනින් එහා ගමනක් මට යන්න පුළුවන් කියලා. ඉතින් ඒක සැබෑ කරගන්න මට පුළුවන් වුණා.

ඔයා දේශපාලන විද්‍යාව විෂයක් විදිහට තෝරගත්ත නිසාම ද විශ්වවිද්‍යාලයේ දේශපාලනය පැත්තට බර වුණේ?

ඔව්. උසස් පෙළ කාලේ ඉඳන්ම දේශපාලන විද්‍යා සබ්ජෙක්ට් එකට මම හරිම ඉන්ට්රස්ටින්. ඒ නිසා විශ්වවිද්‍යාලයට ඇතුල් වුණාට පස්සෙත් ප්‍රධාන විෂයක් විදිහට මම දේශපාලන විද්‍යාව තෝරගන්නවා. ඒවගේම කැම්පස් ඇතුලෙ යුනියන්වලට සම්බන්ධ වීමත් එක්ක ඒ ආසාව තවත් වැඩිවුණා. ඒ නිසා මම මගේ විශේෂවේදී උපාධිය විදිහට තෝරගන්නෙත් දේශපාලන විද්‍යාවමයි.

මේ තනතුරට පත්වෙන්න කලින් ඔයා කැම්පස් එකේ කරපු දේවල් ගැන කිව්වොත්?

මං කැම්පස් එකේ ලියෝ කලබ් එකේ සාමාජිකාවක්. ඒ වගේම රෙඩ් ක්‍රොස් එකත් එක්කත් වැඩ කරනවා. ඩාන්සිනුත් අතෑරලා නෑ ඒවත් කරනවා තාම. මේ ඔක්කොමත් එක්ක වැඩ ටික බැලන්ස් එකේ කරගෙන යනවා.

අලුත් තනතුර ලැබුණට පස්සේ ගෙදරින් ලැබුණු ප්‍රතිචාර කොහොමද ?

අම්මයි අප්පච්චියි ගොඩාක් සතුටු වුණා. ඒ වගේම හරිම ආඩම්බර වුණා. හැමදේම සමබරව කරගෙන යන්න කියල තමයි එයාලා කිව්වේ.

මේ තනතුර ගෑනු ළමයෙක්ට ලැබුණු පළවෙනි අවස්ථාව නිසා විශ්වවිද්‍යාලය වෙනුවෙන් දෙයක් කරලා පෙන්නන්න ඕනෙ නේද? මෙනවද ඒකට තියෙන ප්ලෑන්ස්?

මම ගොඩක් සමාජ සුභසාධන වැඩවලට කැමති කෙනෙක්. ඒ නිසාමයි මම රෙඩ් ක්‍රොස් සාමාජිකත්වයත් ගත්තේ. දුප්පත් ඉස්කෝලවලට, දුප්පත් ළමයින්ගේ අධ්‍යාපනයට උදවු කරන්න මම බලාපොරොත්තුවෙනවා. ඒ වගේම මේ තනතුරත් එක්ක ඉදිරියේදි දේශපාලන පැත්තෙනුත් මිනිස්සුන්ට උදවු කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

අද ලංකාවේ ජනගහනයෙන් 53% ඉන්නෙ කාන්තාවන්. හැබැයි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තියෙන්නෙ 2% කට අඩුවෙන්. මොකක්ද ඒ ගැන ඔයාගෙ අදහස ?

කාන්තා නියෝජනය වැඩි කරන්න ඕන කියලා හැමෝම කිව්වට ඡන්දයකදී කවුරුත් කාන්තාවට ඡන්දය දෙන්නෙ නෑ.එහෙම සපෝට් එකක් නෑ. අනික සමහර කාන්තාවන් මොකක් හරි දෙයකින් ජනප්‍රිය වුණාම පාර්ලිමේන්තු ගිහින් ඔක්කොම අවුල් කරගන්නවා. මං කියන්නේ කාන්තාවක් දේශපාලනයට එනවනම් දේශපාලනය ගැන ශාස්ත්‍රීය දැනුමක් තියෙන්න ඕනෙ කියලා. නැත්තම් ජනප්‍රියත්වය නිසා දේශපාලනයට ආවට පස්සේ ඔක්කොම අවුල් වෙනවා.

මොනවද සරිනිගේ අනාගත බලාපොරොත්තු?

ලැබුණ තනතුරත් එක්ක මගේ කාලසීමාව තුළ උපරිම දෙයක් කරන්න තමයි බලාපොරොත්තුව. ඒ වගේම අධ්‍යාපනය පැත්තට මූලිකත්වය දීලා කොළඹ විශ්වවිද්‍යාලයේම දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරියක් වෙන එක තමයි හීනය.

හරින්දී ලියනගේ ✍️




 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?