නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අත්තිවාරම නිවැරදි නම් බලන් ඉද්දි ගේ හැදෙනවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අත්තිවාරම නිවැරදි නම් බලන් ඉද්දි ගේ හැදෙනවා

Published September 9, 2024

අප ජීවත් වීම සඳහා නිවසක් ඉදි කරගනු ලබන්නේ එහි සතුටින් සහ නිරෝගිමත්ව මෙන්ම පාරිසරික බලපෑම්වලින් සහ අනෙකුත් උවදුරුවලින් ද ආරක්ෂා වී ජීවත් වීම සඳහාය. මෙහිදි අප ජීවත් වන නිවස දරා සිටින වැදගත්ම කොටසක් වශයෙන් නිවසේ අත්තිවාරම පෙන්වා දිය හැකිය.මේ නිසා ජීවත්වීම සඳහා අප විසින් නිවසක් ඉදිකිරීමේදී එහි අත්තිවාරම පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුය. මෙහිදි අත්තිවාරමේ ශක්තිය හැඩය මෙන්ම අත්තිවාරම සමඟ බැදී ඇති වාස්තු ශාස්ත්‍රානුකූල සංකල්ප හා සිද්ධාන්ත පිළිබඳව ද අවදානය යොමු කළ යුතුය.

සාමාන්‍යයෙන් නිවස ඉදි කරනු ලබන ඉඩමේ පසේ ස්වභාවය මත අත්තිවාරම දැමීමේ ක්‍රමවේදය තීරණය කිරීම මෙහි ඇති ප්‍රායෝගික කරුණක් වශයෙන් පෙන්වා දිය හැකිය. ඊට අමතරව අත්තිවාරම සමඟ බැදුණු කණු ආදිය ද නිවස ඉදි කරනු ලබන පොළොව අනුව සුදුසු පරිදි ඉදි කර ගත යුතුය. මන්ද යත් ඉදි කරනු ලබන සමස්ථ නිවසම රඳා පවතින්නේ මේ අත්තිවාරම මත බැවිනි. එම නිසා නිවසක අත්තිවාරම පිළිබඳව වැඩි අවදානයක් යොමු කිරීම අනිවාර්ය කරුණකි.

එමෙන්ම නිවසක් ඉදිකිරීමේ දී ඇති වන වාස්තු ශාස්ත්‍රානුකූල නිර්මාණ දෝෂයන් ඇති වීමටත්, මුල් ගල ආශ්‍රිතව ඇති වන ආරම්භක දෝෂයන් මඟ හරවා ගැනීමටත් මෙම අත්තිවාරම ඉදිකිරීම ප්‍රථමයෙන්ම හොඳින් කළමනාකරණය කරගත යුතුය. සාමාන්‍යයෙන් නිවසක් ඉදිකිරීමේදී ප්‍රථමයෙන්ම නැකත් යෙදි පවතින්නේද අත්තිවාරම ඉදිකිරිමත් සමඟය. ඒ ලණු ඇදීම පළමු පසු පිඩල්ල කැපීම සහ අත්තිවාරමේ සුදුසු ස්ථානයක මුල්ගල තැන්පත් කිරීම ආදි කරුණු මතය.

මෙහිදී මුල්ගල අත්තිවාරම මත තැන්පත් කිරිමේදී ඒ පිළිබඳ විශේෂ අවදානමක් යොමු කළ යුතුය. අත්තිවාරමේ කොණක් හසුවන පරිදි මුල්ගල තැන්පත් නොකළ යුතුය.උළුවහු ඇති ස්ථානවල මෙන්ම වැසිකිළිය, පෝරණුව, බර දරාගන්නා කණු ආශ්‍රිතව ඇති අත්තිවාරම් මතද මුල්ගල තැන්පත් නොකළ යුතු අතර සුදුසු දිශාවකට සහ ඒ වෙනුවෙන් සුබ ස්ථානයක් යෙදි ඇති අත්තිවාරම් කොටසක් මත මුල්ගල තැබිය යුතුය.

මීට අමතරව නිවසකට නොගැළපෙන හැඩ ඇතිවන පරිදිද අත්තිවාරම නොදැමිය යුතුය. පොරව හැඩය ගන්නා පරිදි දිග පළල සමාන වන පරිදි සහ පළලට සාපේක්ෂව පළල මෙන් දෙගුණයකට වඩා වැඩි වන පරිදි නිවසක දිග නොගත යුතුය. මෙම නුසුදුසු හැඩ මඟින් එම නිවස තුළ ජීවත් වන නිවැසියන්ට කරදර බාධා ඇතුළු නොයෙක් ගැටළුවලට මහුණ දිමට සිදුවේ. එම නිසා නිවසක් තැනීමේදී මෙම නුසුදුසු හැඩ නොගන්නා පරිදි නිවසේ අත්තිවාරම යොදා නිවස ඉදිකළ යුතුය.

සාමාන්‍යයෙන් නිවසකට සුදුසුම හැඩය සෘජුකෝණාස්‍ර හැඩය වන අතර නිවසකට අලංකාරය වැඩි කිරීමට හැඩයන් එකතු කර ගන්නා විට එය නුසුදුසු හැඩයන් නොගන්නා පරිදි සුදුසු ලෙස සැලසුම් කර ගැනීම ඉතාම සුදුසුය.මීට අමතරව නිවසක අත්තිවාරම සමඟ බැඳුණු ප්‍රධානම දෝෂයක් වශයෙන් එකතු කිරීමේ ආකාරයට බැඳුණු කුරුස අත්තිවාරම හැඳින්විය හැකිය. එනම්, නිවසක අත්තිවාරම් පාද හතරක් එකිනෙකට හමුවන ස්ථානයක් මඟින් මෙම කුරුස අත්තිවාරම් දෝෂය නිර්මාණය වේ.

නිවසක් ඉදි කිරිම ආර්ම්භයේදී එනම්, අත්තිවාරම යෙදු අවස්ථාවෙන් පසුව එම නිවසේ ඉදිකිරීමේ වැඩ අතරමග නවතින වැරදි අත්තිවාරම් යෙදීමක් වන අතර ඉතාම මන්දගාමීව හෝ නිවසක් ඉදි වුවද එම නිවැසියන්ට කිසිදු දියුණුවක් නොමැති තත්ත්වයන්ටද නිවැසියන් පත්වන වැරදි ඉදිකිරීමකි. මෙම කුරුස අත්තිවාරම් පාද යෙදී ඇති කොටස් හතර තුළ වැඩි වශයෙන් ජීවත්වන පුද්ගලයන්ට වැඩි වශයෙන් ගැටළුකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. එම නිසා නිවසක් ඉදි කිරීමේදි මෙම කුරුස හැඩ නොගන්නා පරිදි අත්තිවාරම් යෙදීම සැලසුම් කළ යුතුය.

තවද නිවසක වැසිකිළිවල ආදිය ඉදිකිරීමේදිද ඉඩමේ ඉඩ මදිවීම මත වැසිකිළිවල නිවසේ අත්තිවරම සමඟ එකිනෙකට සම්බන්ධ නොවන ලෙස ඉදිකළ යුතුය. මෙයද නිවැසියන්ට ගැටළු ඇති කරවන නුසුදුසු ඉදිකිරීමකි.තවද අප නිවසක් ඉදිකිරීමේදී එහි වර්ග කිරීම වශයෙන් හඳුන්වනු ලබන ක්‍රමවේදයක් පිළිබඳ විශේෂ අවදානයක් යොමු කරනු ලබන අතර මෙම නිවසක් වර්ග කිරීම යන සංකල්පය හා සිද්ධාන්තයද බැඳි පවතින්නේ නිවසේ අත්තිවාරම මූලික කරගෙනය.

සාමාන්‍යයෙන් මෙය නිවසේ අත්තිවාරම යොදන සීමාවේ අත්තිවාරමේ පිටින් පිට ගණනය කිරිම සිදු කළ යුතු ගණිතමය ක්‍රමවේදයකි. මෙම වර්ග කිරීම සුදුසු අගයන්හි පවත්වා ගැනීම සඳහා නිවසේ අත්තිවාරමේ ප්‍රමාණය අඩු වැඩි කිරීම්වලට ලක් කරමින් ඒ සඳහා සුදුසු නිවස වර්ග කිරීමක් ලබාගත යුතුය. පසුව එම ලබාගත් දිග පළල ආදිය වෙනස් වීමක් නොවන ලෙස නිවසේ අත්තිවාරම ඉදිකිරිම කළ යුතුය.

මීට අමතරව නිවසක කොටස් එකතු කිරීමේදි ද එය කල්පනාකාරීව සිදු කල යුතුය. එනම් සුදුසු ලෙස තිබූ වර්ගයන් වෙනස්වීම නිවසක නොගැළපෙන හැඩයන් ගැනීම ආදිය මෙයට උදාහරණ වශයෙන් පෙන්වාදිය හැකිය. මෙවැනි නොගැළපීම් ඇතිවන අවස්ථාවන්හිදී පරණ නිවසේ අත්තිවාරමත් අලුතින් ඉදිකිරීමට බලාපොරොත්තතු වන කොටසේ අත්තිවාරමත් එකට සම්බන්ධ නොවන පරිදි අඟල් කිහිපයක දුරකින් වෙන් කර ඉදිකිරීම සුදුසු ය.

නිවසින් කොටසක් පමණක් සාදා පදිංචි වන අවස්ථාවකදී එම ජීවත් වන කොටසට ගැළපෙන ලෙස අත්තිවාරමේ පිටින් පිට වර්ගකර සාදා ගැනීම සුදුසුය. මීට අමතරව සම්පූර්ණ අත්තිවාරම යොදා එයින් කොටසක් සාදා ජීවත්වන අවස්ථාවන්වලද ඉතිරි කොටසේ ඇති අත්තිවාරම පිළිබඳව අවදානය යොමු කළ යුතුය. මෙහිදී එම අත්තිවාරම් කොටස් අපවිත්‍රවීම වළක්වා ගත යුතුය. විශේෂයෙන්ම දිය සෙවල වැනි දෑ බැදීම වළක්වා ගත යුතු අතර එවැනි ස්ථාන ඇත්නම් ඒවා පිරිසිදු කර ගැනීම සුදුසුය. මෙමඟින් එහි ඇති සක්‍රියතාවය වර්ධනය කර ගත හැකිය.

තවද නිවසේ නිදහස් ස්ථානයක් විය යුතු නිවසේ හරි මැද පීඩාවන පරිදි අත්තිවාරම් හා ඒ හා බැදුණු කණු ආදිය ද නොයෙදෙන ලෙස නිවස සැලසුම් කළ යුතුය. නිවසේ මධ්‍ය ලක්ෂයට අමතරව අනෙකුත් මරමස්ථානද හඳුනාගෙන එම ස්ථානද පීඩා නොවන පරිදි අත්තිවාරම් යෙදීම සුදුසුවන අතරම ඒ සඳහා සුබ පාදයන්හි අත්තිවාරම යෙදීමද ඉතාම සුදුසුය.

අත්තිවාරම යනු සම්පූර්ණ නිවසම දරා සිටින නිවසක ප්‍රධාන කොටසකි. මෙය නිවැරදි ලෙස සහ ශක්තිමත්ව ඉදිකිරීමත් ඒ හා බැඳුණු වාස්තු ශාස්ත්‍රිය සංකල්පය හා සිද්දාන්තමත අනිවාර්යෙන්ම ඉදිකළ යුතු දෙයක් වන අතර මෙම වාස්තු ශාස්ත්‍ර සංකල්පය නිවැරදි ලෙස නිවසේ අත්තිවාරම යොදා ගැනීම මත සුබදායක නිවසක් ලබාගත හැකිය.

වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා  Homes, මිනුවන්ගොඩ
(Aloka Homes vasthu FB Page)


අර්චිත ඉඳුවර ✍️

TAGGED: අත්තිවාරම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?