නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෘහණියගේ මානසික සෞඛ්‍යය හොඳින් පවත්වාගන්නෙ කොහොමද?
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගෘහණියගේ මානසික සෞඛ්‍යය හොඳින් පවත්වාගන්නෙ කොහොමද?

Published September 9, 2024

බිරිඳ සහ මව යන භූමිකාවන් දෙකම ඉටුකරන කාන්තාව විශාල වගකීම් දරනවා. කාන්තාවගේ භූමිකාව පවුලට ගැඹුරින් ප්‍රතිලාභ ලබාදුන්නත් ඇයට ආතතිය සහ මානසික සෞඛ්‍යය සම්බන්ධ අභියෝවලටද ඒවා හේතුවෙන්න පුළුවන්. මෙම ද්විත්ව භූමිකාවන්වලදී මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම කාන්තාවට පමණක් නෙවේ තමන්ගෙ පවුලේ යහපැවැත්ම සඳහාත් අත්‍යවශ්‍ය වෙනවා.

චිත්තවේගීය ශ්‍රමය…

මානසික සෞඛ්‍යය පවත්වා ගැනීමේ පළමු පියවර වෙන්නේ බිරිඳක් සහ මවක් වීමත් සමඟ ඇතිවන චිත්තවේගීය ශ්‍රමය හඳුනාගැනීම. චිත්තවේගීය ශ්‍රමය කියන්නෙ ඔබේම හැඟීම් පමණක් නෙවේ, ඔබේ පවුලේ අන් අයගේ හැඟීම් කළමනාකරණය කිරීම සහ නියාමනය කිරීම.

මෙම කාර්යයට බොහෝ විට ළමයින්ගේ චිත්තවේගීය යහපැවැත්ම සහතික කිරීම, හවුල්කරුවකුට සහාය වීම සහ ගෘහස්ථ සමගිය කළමනාකරණය කිරීම ඇතුළත් වෙනවා. එහි වැදගත්කම හඳුනාගැනීමෙන් ඔබට ඔබේම සීමාවන් සකසා ගැනීමට සහ අවශ්‍ය විට සහාය ලබාගැනීමට හැකියි.

ස්වයං රැකවරණයට ප්‍රමුඛත්වය දෙන්න

ස්වයං රැකවරණය ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍යයි. බිරිඳ සහ මවගේ භූමිකාවන් හසුරුවන කාන්තාවන් සෑම කෙනෙකුගේම අවශ්‍යතා වඩා ඉහළින් තැබීම ස්වභාවිකයි. නමුත් ස්වයං රැකවරණය නොසලකා හැරීම ආතතිය, අධික වෙහෙස ආදී මානසික සෞඛ්‍ය ගැටලුවලට හේතු විය හැකියි.

ඔබ වෙනුවෙන් විනාඩි කිහිපයක් හෝ වෙන් කරන්න…

සෑම දිනකම ඔබ ඔබ වෙනුවෙන්ම ක්‍රියාකාරකමක යෙදෙන්න. මේ වෙනුවෙන් කියවීම, ඇවිදීම, යෝග අභ්‍යාස කිරීම හෝ ඔබ ප්‍රියකරන විනෝදාංශයක යෙදීම සිදුකළ හැකියි. ස්වයං රැකවරණය කියන්නෙ ආත්මාර්ථකාමී දෙයක් නෙවේ. එයින් වෙන්නෙ අනිත් අයව ඵලදායී ලෙස රැකබලා ගැනීමට ඔබ ශක්තිමත් වීමක්.

නිතිපතා ව්‍යායාම, සමබර ආහාර වේලක් සහ ප්‍රමාණවත් නින්දක් මානසික සෞඛ්‍යයට පදනම වෙනවා. ශාරීරික යහපැවැත්ම ඔබේ චිත්තවේගීය හා මානසික තත්ත්වයට සෘජුවම බලපානවා. ඒ නිසා ඔබේ සෞඛ්‍යයටත් ප්‍රමුඛත්වය දෙන්න.

සහකරු සමඟ විවෘතව අදහස් හුවමාරු කරගන්න…

ඔබේ සහකරු සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් මානසික සෞඛ්‍ය සඳහා අත්‍යවශ්‍යම වෙනවා. හවුල්කරුවන් දෙදෙනාටම අවබෝධය, සහයෝගය සහ අගය කිරීම වෙනුවෙන් විවෘත සන්නිවේදනයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.ඔබට අවශ්‍ය දේ ඔබේ සහකරු දන්නවා කියලා හිතන්න එපා. ඔබේ හැඟීම් සහ අවශ්‍යතා විවෘතව හා පැහැදිලිව සන්නිවේදනය කරන්න.

මාපිය තීරණ, මූල්‍ය ගැටලු හෝ ගෘහාශ්‍රිත කාර්යයන් වැනි අභියෝගවලට එක්ව මුහුණ දෙන්න. දෙපාර්ශ්වයම එක හා සමානව දායක වන හවුල්කාරිත්වයක් ලෙස ඔබේ සම්බන්ධතාව දෙස බැලීමෙන් ඔබේ බැඳීම ශක්තිමත් කරගත හැකියි. ඒ වගේම ඔබ විසින්ම සියල්ල කළමනාකරණය කළ යුතු යැයි හැඟෙන විට ආතතිය සමනය කරගත හැකියි.

සහයෝගය සහ සමාජ බැඳීම් ගොඩනඟන්න

ඔබේ පවුලෙන් පිට මිත්‍රත්වයන් පවත්වා ගැනීම මානසික ආතතිය සඳහා අත්‍යවශ්‍යම ප්‍රවාහයක්. ඒ වගේම වෙනත් මව්වරුන් හෝ කාන්තාවන් සමඟ සම්බන්ධ වීමෙන් ඔබට අගනා මිත්‍රත්වයක් ගොඩනඟාගත හැකියි.

කණ්ඩායම් උපදෙස් බෙදාගන්න, සතුට, දුක බෙදාගන්න වගේම ඔබේ සාර්ථකත්වයන් සැමරීමට එයින් ඉඩක් ලැබෙනවා.ඔබට අධික ලෙස කනස්සල්ලක් දැනෙනවා නම් හෝ මානසික අවපීඩනයෙන් පෙළෙනවා නම් වෘත්තීය උපකාර පැතීම ඔබේ ශක්තියේ ලකුණක් මිස දුර්වලකමක් නොවේ.

වැදගත් දේට ප්‍රමුඛත්වය දෙන්න…

ඔබට සහ ඔබේ පවුලට වඩාත්ම වැදගත් දේ තීරණය කරන්න. අනෙක් සියල්ල අමතක කරන්න. මින් අදහස් කරන්නෙ ඔබේ දින චර්යාව සරල කරගන්න. අමතර බාහිර වගකීම් දරන එක නවත්තන්න.

යහපත් පවුල් පරිසරයක් පෝෂණය කරන්න…

ඔබේ සහකරු සමඟ දෙමාපිය වගකීම් බෙදාගන්න. දරුවන් ඇතිදැඩි කිරීම සඳහා ඔබ දෙදෙනාම එක හා සමානව සම්බන්ධ වෙන්න. මෙය ඔබේ බර සැහැල්ලු කරනවා විතරක් නෙවේ ඔබ, සහකරු සහ ඔබේ දරුවන් අතර ඇති බැඳීමද ශක්තිමත් කරනවා.

දරුවන්ට ස්වාධීනත්වය උගන්වන්න

ගෙදරදොරේ වැඩවලට උදව් කරන්න, සරල තීරණ ගැනීම හා වයසට ගැළපෙන වගකීම් භාර ගන්න දරුවන්ව දිරිගන්වන්න. ස්වාධීනත්වය ඉගැන්වීම ඔබේ දරුවන්ට ජීවන කුසලතා වර්ධනය කිරීමට පමණක් නෙවේ සෑම දෙයක්ම කළමනාකරණය කිරීමට මෙන්ම ඔබට තියෙන පීඩනයත් අඩු කරනවා.

නම්‍යශීලී බව සහ අනුවර්තනය වීම වැලඳගන්න

හැම දෙයක්ම සැලැස්මට අනුව සිදු නොවන බව තේරුම් ගන්න. එය කුමනාකාරයේ දෙයක් වුණත් එයට අනුවර්තනය වෙන්න ඔබ සන්සුන්ව සහ විවෘත මනසකින් ප්‍රතිචාර දැක්වීම අවශ්‍යයි. බිරිඳක් සහ මවක්වීම ගෞරවනීය මෙන්ම අභියෝගාත්මක දෙයක්.

මෙම භූමිකාවන්හි මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා ස්වයං රැකවරණය, විවෘත සන්නිවේදනය, යථාර්ථවාදී අපේක්ෂාවන් සහ ශක්තිමත් ආධාරක ජාලයක් අවශ්‍ය වෙනවා. ඔබේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දීමෙන් සහ පවුල් ජීවිතයේ ප්‍රීතිය හඳුනගැනීමෙන් ඔබට මෙම භූමිකාවන්හි නිදහසේ සැරිසැරීමට හැකි වෙනවා. ඔබ ගැන සැලකිලිමත් වීම, ඔබට පමණක් නොව ඔබ ආදරය කරන අයටද ප්‍රයෝජනවත් බව මතක තබාගන්න.

මනෝවිද්‍යා සහ
පෞර්ෂත්ව සංවර්ධන
හා උපදේශක
එස්. මිඳුනිල් මධුෂංක

එරංදි කෞශල්‍යා ✍️



 

TAGGED: මානසික සෞඛ්‍යය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?