අධික ඈනුම් යෑම බලා ඉන්න හොඳ නැහැ! “උත්සාහ කළොත් බැරි දෙයක් නැහැ“ මේ සුපතල කියමනකි. එහෙත් නොහැකි යැයි මතුපිටින් පෙනෙන සමහර දේ හැකි බවට පත්කිරීම සඳහා උත්සාහ කරන්නේ අපගෙන් කීයෙන් කී දෙනාද? එහෙත් මීට පරිබාහිරව අප නොසිතන දේවලුත් ඇත. ඔබ පුරුදු පිළිබඳව නැවතත් සිතා බලන්න. නිතර ඈනුම් යෑමත් එවන්නකි. එහෙත් උත්සාහයෙන් නවතාගත නොහැකි අප නොදන්නා සෞඛ්‍ය අවදානමක්ද එහි ඇත. අද නවලිය ඔබ වෙත ගෙන එන්නේ සුපුරුදු ක්‍රියාකාරකමක් ගැන නොඇසූ තොරතුරුයි.
තෙහෙට්ටුවයි කම්මැලිකමයි
ඈනුම් යෑමට බොහෝවිට තෙහෙට්ටුව සහ කම්මැලිකම හේතු වේ. මෙහිදී ඉබේ සිදුවන මුඛය විවෘත කිරීම, ගැඹුරින් හුස්ම ගැනීම සහ පෙනහැලි වාතයෙන් පිරවීම යම්කිසි හේතුවක් නැතිව තෙහෙට්ටුවට ස්වභාවික ප්‍රතිචාරයක් ලෙස සිදුවේ. වෙනත් හේතුද තිබිය හැකියි.
එහෙත් අධික ලෙස මෙය සිදුවීම වෙනත් සෞඛ්‍ය තත්ත්වයක් නිසා විය හැකිය. තෙහෙට්ටුව හැරුණු කොට නින්ද සම්බන්ධ හේතු විය හැකියි. එහෙත් විෂාදය සහ සාංකාවට භාවිත කරන ඖෂධ නිසාද මෙවැනි තත්ත්වයන් ඇතිවේ.
හෘදයාබාධයක්. පපුවේ වේදනාවක්, සැහැල්ලු, හිසරදයක්, හුස්ම හිරවීම ආශ්රිත රෝගද අසාමාන්‍ය ඈනුම් හැරීමට සම්බන්ධය. ඒ හැරුණුකොට අපස්මාරය, බහු ස්ක්ලෙරෝසිස් නිසා අක්මාව අකර්මණය වීම, ස්නායු ආබාධ, මොළයේ ගෙඩියක් ආදියද හේතු විය හැකිය. මේ නිසා අධික තෙහෙට්ටුව හැරුණුකොට නින්දේ ආබාධයේ සිට බරපතල හෘද රෝග දක්වා විවිධ රෝග තත්ත්වයන් අධික ඈනුම් යෑම මගින් පෙන්නුම් කරන බැවින් වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුය.
සුනිල් අල්ගම
Healthline.com ඇසුරිනි ✍️