ඕමාර්ගේ පෞද්ගලික ජීවිතය ගැන කිව්වොත්…
මගේ නම ඕමාර් බෙපාරි. මගේ වයස අවුරුදු විසි නවයයි. මම ඉන්නේ ඉතාලියේ මිලාන්වල. මම තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක්. දැනට මම විදුලි සෝපාන සමාගමක වාණිජ අංශයේ නිළධාරියෙක් ලෙස කටයුතු කරනවා
ඔබ විලාසිතා ක්ෂේත්රයට ආවේ කොහොමද?
2017 වර්ශයේ මම ෆැෂන් ඒජන්සියකට සම්බන්ධ වුණා. එහිදී මම ෆොටෝෂූට්වලට සම්බන්ධ වුණා. ඒ පන්නරයත් සමඟ මේ ක්ෂේත්රයට දොර විවර කරගත්තා. 2019 දී ඉතාලියේ පැවැත්වූ ශ්රී ලංකා මොඩ්ලින් තරඟාවලියකට සම්බන්ධ වෙලා ඉන් විශිෂ්ට ජයක් අත්කරගත්තා. එම වසරේදීම ඉතාලියේ පවත්වන ලද තවත් තරඟාවලියකින් මුල් පස් දෙනා අතරට තේරුණා. එම තරඟයෙන් Mr populer සම්මානය ලබා ගන්න පුළුවන් වුණා. ලබාගත්තු අත්දැකීම් එක්ක විලාසිතා හා නිරූපණ ක්ෂේත්රය තුළ තවදුරටත් වැඩ කටයුතු කිරීමට කැමැත්තක් ඇති වුණා.
Mr Tourism World තරංගයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද?
නොවැම්බර් මාසයේදී වියට්නාමයේදී ශ්රී ලංකාව නියෝජනය කරන Mr Tourism World තරඟාවලිය පැවැත්වෙනවා. ඒ අවස්ථාව Miss Sri Lanka Europe ඕෂ් ද සිල්වා මහත්මිය මට ලබා දුන්නා.
තරඟාවලිය සඳහා ඔබගේ සූදාන්වීම කොහොමද?
රට වෙනුවෙන් මගේ උපරිමය ලබාදීමට සූදානමින් ඉන්නවා. ලොව පුරා ඉන්න තරඟකරුවන්ට කරට කර තරඟයක් දෙන්න පුහුණුවීම් මේ දිනවල කැපවීමෙන් සිදු කරනවා. ශ්රී ලාංකීය සංස්කෘතිය ලෝකය හමුවේ ප්රදර්ශනය කරන්න ලැබුණු වටින අවස්ථාවක් මේක. ලංකාව වගේ ලස්සන රටක් නියෝජනය කරන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි.
හරින්දි ලියනගේ
පවනි දිලේකා