නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඇයත් ආසයි නිදහසේ ඉගිල්ලෙන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඇයත් ආසයි නිදහසේ ඉගිල්ලෙන්න

Published August 19, 2024

ෂික් හසීනා එලවල දාල බංගලාදේශයත් අරගලයක උන්මාද අත්වින්දා. ඒ අරගලයත් අවසන් වුණේ ශේෂ පත්‍රයේ කඳුළු ගොඩ ගහල. මිනිස්සු ගණනාවක් මරල තිබුණ බල්ලො බළල්ලු මරණව වගේ. තැනින් තැන අවනීතිය රජකළා කැත විදිහට. ලස්සන කෙල්ලො කීප දෙනෙක් පොලු අරගෙන මහපාරෙ වාහන එහා මෙහා යවන්න නීති දාන වීඩියෝ කීපයක් මම දැක්කා. පොලු අරගත් කෙල්ලො කීප දෙනෙක් වයසක අහිංසක රික්ෂෝ පදින මිනිස්සුන්ට කරදර කර කර පාරෙ හිටියා.

තව තැනක අහිංසක කෙල්ලෙක්ට තර්ජනය කරල, ඇඳුම් උනා දමමින් ඇයව වතුරට තල්ලු කළා. ඒ කළෙත් කෙල්ලො පිරිසක්. ෂික් හසීනා තමන්ගේ අවසන් ධූර කාලය පටන් ගත්තෙ 2009 අවුරුද්දෙ. ඇගේ පාලන සමය ඇතුලෙ මොනවාද වුණේ නොවුණේ කියල කතාකරන්න මම ඇත්තටම දන්නෙ නැතත් මම දන්නෙ රටක් විදියට අපිත් ඇගේ කාලය තුළ බංගලාදේශයෙන් ණය ගත්ත කියල සහ ඇය තමන්ගෙ ධූරය අතෑරල පැනල ගිහින් එවපු ලියුමෙ පවා තියෙන්නෙ ඇය ඇමරිකානු ඉල්ලීමක් ඉෂ්ට නොකළ නිසා මේ කැරැල්ල නිර්මාණය කළා කියලා.

කොහොම වුණත් මෙතනදි සිද්ධ කළේ වියපත් අත්දැකීම් බහුල ගැහැණියක් බලයෙන් එලවපු එක සහ ඒ එලවීමට පස්සෙ මෙතුවක් කල් කුටුම්බයක් අස්සෙ හිරවෙලා හිටපු කෙල්ලො ටිකක් නිදහස අසීමිතව විඳිමින් පාරට බැහැපු එක. කාන්තාවගේ නිදහස ගැන විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ දි කතාකරන්න තියෙන වැදගත්ම කාරණාව තමයි ඇය කොයිතරම් නිදහස ලබාගන්න උත්සාහ කරනවද සහ කොයිතරම් අසීමිතව ඒ නිදහස විදින්න කැමතිද කියන එක.

සමහර වෙලාවට ඈ නිදහස ලබාගත්තට පස්සෙ හැසිරෙන්නෙ අන් කිසිවකුට පාලනය කරන්න බැරි තරම් සීමාවක. ඒ නිසාමයි බොහෝවිට ඇයට ඇගේ නිදහස මහ කාලයක් විදින්න නොලැබෙන්නෙ. අනිත් සියලුම නිදහසට වඩා දේශපාලනික නිදහස හරි විශේෂයි. ලංකාවෙත් අපිට හොදටම අත්දැකීම් තියෙනවා.

අසීමිත දේශපාලනික නිදහස ලබාගත් කාන්තාවන් හැසිරෙන ලස්සන ගැන. ලංකාවෙ දේශපාලනික නිදහස විඳිමින් බලයට එන කාන්තාවන් වගේම තමන්ගෙ සැමියා නැත්නම් පෙම්වතාගෙ දේශපාලනික බලය හරහා නිදහස ලබාගන්නා කාන්තාවන් කරන කියන සහ කරපු කියපු දේවල් හරියට බංගලාදේශයේ කෙල්ලො පොලු අරගෙන වයසක රික්ෂෝ පදින මිනිස්සු පාලනය කරනව වගේ තමයි.

ඔවුන් බොහෝ වෙලාවට අහිංසක කෙනෙකුට හෝ අහිංසක සමාජයට අඩම්තේට්ටම් කළේ වගේම කරන්නෙ තමන්ගෙ ජීවිත කාලය පුරාම පපුව ඇතුලෙ පැසව පැසව තියෙන සිරගත නිදහසේ වේදනාව පුච්චල දාන්න උත්සාහ කිරීම.ආසියානු කාන්තාව මේතරම් උත්කර්ෂයෙන් නිදහසේ ගීතිකාව ගයන්නෙ වයන්නෙ මේ සමාජ ක්‍රමය ඇතුලෙම ඇයව අසීමිතව හිර කරල තියාගෙන ඉන්න නිසා.

හැබැයි ඒ හිරකිරීමට පිරිමින්ට චෝදනා එල්ල කරන එකත් එක් පැත්තකින් සාධාරණ නොවෙන්න පුළුවන්. ඒක හරියට බංගලාදේශ කෙල්ලො හිරවෙලා හිටියෙ ෂික් හසීනා කියන කාන්තාවගේම පාලනය ඇතුලෙ වගේ වැඩක්. කාන්තාව ඇත්තටම නිදහස් වෙන්න
දඟලන්නෙ තවත් කාන්තාවකගෙන්මයි. ඒ වගේම ඇය වැඩිපුරම උන්මාදයට පත්වෙන්නෙත් කාන්තාවකගෙන් නිදහස් වුණාට පස්සෙ.

නුවන් ගම්මම්පිළ ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?