මේ ලෝකේ වැඩියෙන්ම වේදනාත්මක රූපලාවන්‍ය සත්කාරය මොකද්ද කියලා දන්නවද? ඒ තමයි වැක්ස් කරන එක. වැක්ස් කරන විදි බොහෝමයක් තිබුණත් මේ සත්කාරය අද ඊයේ ට්‍රෙන්ඩ් එකක් වුණ එකක් නෙවේ.පුරාණ ඊජිප්තුවරුන් රැවුල ඇති පිරිමින් සහ රෝම ඇති ගැහැනුන් සැලකුවේ ශිෂ්ට සම්පන්න නොවන පහත් පෙළේ අය විදිහටගග ඔවුන් ගෙනා තර්ක මැට්ටක් වුණත් පාලන තන්ත්රය අමාරුවෙන් හෝ විඳ දරාගත්ත ගෑනුල පිරිමි තමන්ගෙ ශරීරයේ සියලුම රැවුල්. රෝම ඉවත් කරගන්න වගබලාගත්තා. සාමාන්‍යයෙන් පුරාණ ඊජිප්තුවේ ඉහළ පන්තියේ උදවිය සම්පූර්ණයෙන්ම හිසකෙස් නැති අය වුණා. වර්තමානයේ අප සතුව ඇති උපකරණ ඒ කාලෙ ඔවුන් සතුව නොතිබුණු නිසා ඔවුන් රෝම ඉවත් කරගන්නට ඔවුන්ගේම නිපැයුම් භාවිත කළා. ඒ විදිහටයි පුරාණ ඊජිප්තුවරුන් මුලින්ම මී මැස්සන්ගේ ඉටි සහ සීනිවලින් රෝම ඉවත් කරගන්නට ද්‍රාවණයක් අත්හදා බැලුවේ. මේ ද්‍රාවණය ශරීරයේ ආලේප කරන්නට ඔවුන් යොදාගත්තෙ සිප්පි කටු.පුරාණ ඊජිප්තුවෙන් නිර්මාණය වුණ ඉටි නොහොත් වැක්ස් ක්‍රම අද වෙද්දි විවිධ මට්ටම්වලින් වැඩිදියුණු වෙලා තියෙනවා. ඒ අතරින් කවුරුත් දැනගන්න කැමති සහ පාවිච්චි කරලා බලන්න ආසාවෙන් ඉන්න දෙයක් තමයි වැක්ස් බීන් කියන්නෙග වැක්ස් පර්ල්ස්ල හාඩ් වැක්ස් කියලා කියන්නෙත් මේ වැක්ස් බීන්ස්වලටම තමයි. වැකස් බීන්ස් විවිධ වර්ණවලින් තියෙන පුංචි හුරුබුහුටි බොත්තම් වගේ ජාතියක්ග ඒත් ඉටි පන්දමක තියෙන සාමාන්‍ය ඉටි නෙවෙයි වැක්ස් පර්ල්ස්වල තියෙන්නේ.
මොනවද මේ Wax Pearls
සාමාන්‍ය ඉටි වගේ නෙවේ, පර්ල් ඉටි උණු කරන්න ඕන හීටරයක් ආධාරයෙන්. වැක්ස් බීන්ස් උණු කරන්නම විශේෂිත හීටරයක් තියෙනවා. මේ හීටරයෙන් වැක්ස් පර්ල්ස් දියවුණාට පස්සෙ අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසයි මේ ඉටි Hard Wax කියලත් හඳුන්වන්නේ. දෘඪ ඉටි මෘදු ඉටිවලට වඩා ඝන නිසා තමයි සම මත හොඳින් ක්‍රියා කරන්නේත.
පර්ල් වැක්ස් වල අන්තර්ගතය
100% ක් පිරිසිදු සහ ස්වාභාවික නිශ්පාදනයක් විදිහටයි පර්ල් වැක්ස් හැඳින්වෙන්නේ. පර්ල් වැක්ස්වල වැඩිපුරම අඩංගු වෙලා තියෙන්නේ සෝයා තෙල්.
පර්ල් වැක්ස් වේදනාකාරීද?
මුලිනුත් කිව්වනෙ ලෝකෙ වේදනාකාරීම රූපලාවන්‍ය සත්කාරය වැක්ස් කරන එක කියලා. ඒත් කොච්චර ලොකු වේදනාවක් වුණත් ඒක තියෙන්නෙ තත්පර කීපයක් යනකල් විතරයි කියන එකත් විශේෂයෙන්ම කියන්න ඕනේ.
Wax Heater
පර්ල් වැක්ස් දිය කරගන්න මේ කියන උපකරණය අත්‍යවශ්‍යම වෙනවා. විදුලියෙන් ක්‍රියාත්මක වෙන මේ හීටරය භාජනයක් වගේ. හීටරේ ඇතුළෙ පර්ල්ස් දාන්න පුළුවන් පුංචි ඇලුමිනියම් භාජනයක් තියෙනවා.
මේ භාජනයට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වැක්ස් පර්ල්ස් දාගෙන කැමැති උෂ්ණත්වයකින් දිය කරගන්න පුළුවන්. හීටරයක් නැත්නම් වැක්ස් දිය කරගන්න පුළුවන් එකම විදිහ තමයි ඩබල් බොයිල් ක්‍රමය. ඒත් මේක සෑහෙන වෙලාවක් යන වැඩක් නිසා හොඳම දේ වැක්ස් හීටරයකින්ම දිය කරගන්න එක.
වැක්ස් කළොත් රෝම වැවීම නවතිනවද?
කොච්චර වැක්ස් කළත් සති 3කට විතර පස්සෙ නැවතත් රෝම වර්ධනය සිද්ධ වෙනවා. වැක්ස් කරන එකෙන් රෝම වර්ධනය ස්ථිරවම අඩු වෙන්නෙ නෑ. ඒත් අනවශ්‍ය රෝම ඉවත් කරන්නට භාවිත කරන වෙනත් ක්‍රමවලට වඩා වැක්ස් කරන එකෙන් ප්රතිලාභ රැසක් ලබා දෙනවා.
pearlwax’co’uk ඇසුරින්
එරංදි කෞශල්‍යා ✍️