අප ජීවත්වන ස්ථානය තුළ සජීවි භාවයත් ප්රණවත් භාවයත් ආරක්ෂා කරගැනීම සහ එම ගුණයන් කළමනාකරණය කර ගැනීම පිළිබඳව ඉතාම සාර්ථක සහ ප්‍රතිඵලදායක ක්‍රමවේදයන් වාස්තු ශ්‍රාස්ත්‍රය තුළ පවතී. වාස්තු ශාස්ත්රනුකුලව නිවසක් ඉදිකරගත් පසුව එම නිවස තුළ ඉතාම සතුටින් අවුල් වියවුල් නොමැතිව ජීවත් වීම සිය`ඵම දෙනාගේ මූලික පරමාර්ථය වේ. මෙහිදී නිවැරදි ආකාරයට දිශාගතව ගෘහ අංග පිහිටවිය යුතු අතර එයට ප්‍රතිවිරුද්ධ ලෙස කටයුතු කිරීම සොබාදහමට විරුද්ධ වීමක් වේ. මෙම හේතුව නිසා අයහපත් ප්‍රතිඵලවලට නිවැසියන්ට නිතර ගොදුරු වීමට සිදුවේ. මෙහිදී වාස්තු ශාස්ත්‍රානුකූලව නිවසක නිදන කාමර දිශාගත කිරීමත් එම නිදන කාමර වාස්තු ශාස්ත්‍රානුකූලව කළමනාකරණය කර ගැනීම පිළිබඳව මෙහිදී සලකා බලමු.
නිවසක ප්‍රධාන නිදන කාමරය සැලසුම් කිරීමේදී එය නිරිත දිශාව හෙවත් සිය`ඵ සුබ ශක්තීන් තැන්පත් වන දිශාවේ පිහිටීම ඉතාම සුදුසුය. තරුණ අය සඳහා මෙම නිරිත දිශාවේ ඇති කාමර සුදුසු වන අතර කුඩා ළමුන්ට හෝ වැඩිහිටි අය සඳහා ඊසාන දිශාවේ කාමර සුදුසුය. මීට අමතරව අනෙකුත් සුදුසු දිශාවන්වලට නිදින කාමර සැලසුම් කර ගැනීමෙන් පසුව එහි ඇති ගෘහ භාණ්ඩ ද නිවැරදි ලෙස කළමණාකරණය කරගත යුතුය. මෙහිදී ප්‍රධාන වශයෙන්ම නිදන කාමරයක් තුළ නිදන ඇඳ ප්‍රධානම ගෘහ භාණ්ඩය වේ.
මෙහිදී නිරිත හෝ වෙනත් දිශාවක ඇති කාමරයක නිදන ඇඳ එම කාමරයේ නිරිත දිශාවට වන්නට තිබීම ඉතාම සුදුසු ය. එසේ අපහසු අවස්ථාවකදී එම කාමරයේ වෙනත් දිශාවකට තැබීම කළ හැකි නමුත් කිසිවිටකත් ගිනිකොණ දිශාවට වන්නට නිදන ඇඳ තැබීම නොකළ යුතුය. මෙහිදී ගිනිකාරක ගුණය මඟින් උෂ්ණාදික රෝග හෝ ශරීරයේ සන්ධි ආශ්රිත රෝග සෑදීමේ හැකියාව වර්ධනය කරයි. මීට අමතරව කාමරයේ හරි මැද ඇඳ නොතිබිය යුතු අතර නිදන ඇඳ වෙනස්කම්වලට භාජනය නොවූ සාමාන්‍ය දැවයෙන් කරන ලද ඇඳත් වීම ඉතාම සුදුසු වන අතරම යකඩ ඇඳන් භාවිත කිරීම ඉතාම නුසුදුසුය. තවද නිදන ඇඳ තුළ හිස් පුවරුවක් තිබීම ඉතාම සුදුසු ය.
මෙමඟින් ජිවිතයේ ස්ථාවරත්වය ඇති කිරීමට බලපායි. නමුත් පා පුවරුවක් තිබීම නුසුදුසු ය. මෙමඟින් බලශක්ති ප්රවාහයට බාධාවක් වන අතර හවුල්කරුවන් අතර දුරස්ථ භාවයක් ද ඇති කරයි.තවද වාස්තු ශාස්ත්‍රයට අනුව ඇඳ යට සම්පූර්ණයෙන්ම හිස්ව තිබිය යුතුය. ඇඳ යට බඩු බාහිරාදිය පිරීම ශක්ති ප්රවාහයට බාධාවක් වන අතර ඒ මඟින් මානසික ගැටළු ඇති විය හැකිය.
හිස් පුවරුව බිත්තියට හේතු වීම නොකළ යුතු අතර අවම වශයෙන් අගල් 06 ක් ප්‍රමාණයක ඇඳේ හිස් පුවරුව හා බිත්තිය අතර දුරක් පවත්වා ගත යුතුය. මීට අමතරව පහසුවෙන් ඇඳෙන් බැසයාම සඳහා ඇඳේ දෙපසින් සහ පාද යොමු කරන ප්‍රදේශයෙන් එනම් තුන් පැත්තකින් හිස් අවකාශ තිබීම වඩාත් ප්‍රායෝගික කරුණකි.
විවාහක යුවලක් කුඩා ඇඳන් දෙකක් හෝ මෙට්ට දෙකක් එකට ලං කර ගැනීමද ඉතාම නුසුදුසු කරුණකි. මෙමඟින් විවාහය දෙකඩ වීම සිදු වේ. මීට අමතරව විවාහ යුවලකගේ හිසේ සිට පාද දක්වා සමාන්තර ලෙස වහලයක බාල්කයක් හෝ මුදුන් යටලී ඇත්නම් එවැනි අවස්ථාවලද විවාහය සම්බන්ධ ගැටඵ ඇති වේ.
තවද මුදුරු දැල් රදවා තබීමටත්, කුඩා දරුවන්ගේ විසිතුරු භාණ්ඩ එල්ලා තැබීම වැනි ප්‍රායෝගිකත්වය පහසු කර ගැනීම සඳහා බල්ක යට නිදන ඇඳ යොමුකර තබා ගැනීම පෙර සඳහන් කළ පරිදිම නුසුදුසු වේ. නිදන කාමරයක් සැලසුම් කිරීමේදී දිග සහ පළල සමාන අගයන් නොගෙන සෘජුකෝණාස්‍ර හැඩයක් තිබීම සුදුසු ය. මෙ පරිදිම නිදන ඇඳ ද හරි හතරැස් නොවිය යුතු අතර සෘජුකෝණාස්‍ර හැඩයක් විය යුතුය.
නිදන කාමරයේ කණ්නාඩි මේසය ස්ථානගත කිරිම පිළිබඳව ද විශේෂ අවදානයක් යොමු කළ යුතුය. මෙහිදී තේරුම් ගත යුත්තේ කණ්නාඩි මේසය හෝ අල්මාරියක ඇති කණ්නාඩිය එසේත් නොමැතිනම් බිත්තියක එල්ලා ඇති කණ්නාඩියක් නිදන ඇඳට එක එල්ලේ පෙනෙන ලෙස නොතිබිය යුතු බවය. කණ්නාඩිය හෙවත් දර්පණය නිදන කාමරයක් තුල තිබීමේදි සිදු වන්නේ අවකාශය තුළ ශක්තිය ගලා යාමේදි කණ්නාඩිය වැඩි කාර්යයක් සිදු කිරීමය.
මෙමඟින් බලශක්ති අසමතුලිතතාවයක් ඇති කරයි. මේ නිසා පුද්ගලයින් නොසන්සුන්කාවයට පත්වීමත් නින්දට බාධා ඇති වීමත් සිදු විය හැකි අතරම අනියම් සම්බන්ධතාවයන්ද ඇති වේ. තවද කණ්නාඩියෙන් සිරුර පරාවර්තනය වීම මඟින් සිරුර දුර්වල වීමේ ද හැකියාවක් පවතී.මෙම හේතුන් මත නිදන කාමරය තුල කණ්නාඩි තැබීමේදී එය නිදන ඇඳ සමඟ සෘජුවම නොගැටෙන ලෙස තැබීම අනිවාර්ය වේ. එසේ කිරීමට නොහැකිනම් තිර රෙද්දක් යොදා කණ්නාඩිය වැසෙන ලෙස ආවරණය කර ගැනීම සරල මෙන්ම සාර්ථක ක්‍රමවේදයක් වේ.
තවද නව නිවසක් සැලසුම් කිරීමේදී කුඩා ප්‍රමාණයට හෝ ෘරුිසබට ්රු් එකක් සැලසුම් කර ගැනීම ඉතාම සුදුසු ය. මෙමඟින් ඉහත සඳහන් කළ ගැටළුවලට මෙන්ම නිදන කාමරයේ අභ්‍යන්තරය සැලසුම් කිරීමටත් කළමණාකරනය කර ගැනීමටත් මහඟු පිටිවහලකි.තවත් විටක බොහෝ අවස්ථාවල නිදන කාමරය තුළ රූපවාහිනි යන්ත්‍ර ක්‍රියාත්මක කරන අවස්ථාවන් ඇත. මෙයද කිසි විටකත් නොකළ යුතු දෙයකි. මෙහිදීද රූපවාහිනි යන්ත්‍රයේ තිරයද පෙර සඳහන් කළ පරිදිම කණ්නාඩියක් ලෙසම සිරුර පරාවර්තනය වේ. නොසිතා සිදු කරන මෙම ක්‍රියාවන් මඟින් ද පෙර සඳහන් කළ පරිදිම අසුබ ප්‍රතිඵල ඇති වේ.
තවද නිදන කාමරය තුළ වායු සමීකරණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍යතාවයක් ඇත්නම් එම උපකරණ කාමරයේ ගිනිකොණ හෝ වහඹ දිශාවට වන්නට සැලසුම්කර ගැනීම ඉතාම සුදුසු ය. නිදන කාමරයේ ඊසාන සහ නිරිත දිශාවට වන්නට වායු සමීකරණ යන්ත්‍ර කිසිම විටක සැලසුම් නොකිරීමට වගබලා ගැනීම ඉතාම සුදුසු ය.
තවද නිදන කාමරයක් තුළ ඇති තිර රෙදි ලා පැහැති වර්ණ තිබීම සුදුසුය. ලා පැහැති වර්ණයන්ගෙන් බිත්ති ආලේප කිරීම සුදුසු වන අතරම සැහැල්ලු මනසක් ඇති කරනවන චිත්‍ර හා රූප පමණක් නිදන කාමරය තුළ තබා ගන්න. කුඩා ජල වීදුරුවක් හෝ බෝතලයක් පමණක් නිදන කාමරය තුළ තිබීම සුදුසු වන අතර ජලය වැඩි වශයෙන් තිබීම නුසුදුසුය.මේ අයුරින් බලන විට වාස්තු ශාස්ත්‍රය තුළදී නිවසක වඩාත්ම ආකර්ෂණීය අවකාශයක් ලෙස නිදන කාමර පෙන්වාදිය හැකි අතර නිදන කාමරය වඩාත් සමීප අභය භූමියක් ලෙස මේ අයුරින් නිර්මාණය කරගත හැකිය.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes,මිනුවන්ගොඩ
(Aloka Homes vasthu FB Page)
අර්චිත ඉඳුවර ✍️