නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සිත් යාකර සිංදු ලියූ ගීත රචකයා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සිත් යාකර සිංදු ලියූ ගීත රචකයා

Published August 12, 2024

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ හැමෝම ලංකාවේ ඉන්නවා. හැම ජාතියක්ම සහයෝගයෙන් ඉන්න තරමට රටේ ප්‍රශ්නත් අඩුයි. ජාතිවාදයත් එක්ක එන්නේ කැරළි, යුද්ධ වගේ ප්‍රශ්න. කැරළි විසදන්න මිනිස්සු කැති පොරෝ අරන් පාරට බහිනවා. පාලකයොත් අරගල මැඩල්ලන්න විවිධ උපක්‍රම යොදනවා. සමහර වෙලාවට ඒවා කදුළු ගෑස් වගේ ඇස් රතු වෙන උපක්‍රම. ඇස් රතු නොවී පෑනෙන් මිනිස්සුන්ට සාමය සහජීවනය ගැන කියල දෙන්න පුළුවන් නම් ඇත්තටම ඒක ගිතවලට කරන්න පුළුවන්. විශේෂයෙන්ම පද රචකයෙක්ට කරන්න පුළුවන්. මේ කතාව එවැනි පදරචකයෙක් ගැනයි.

සාමයේ අරගලය අරඹන්න හදවතේ කඩතුරා හැර එන්න අතීතෙට වැදුන තැනින් තැලුනු සිත් අවනඩු අසා නිරායුධ රණබිම් මැදින් සාමයේ අරගලය අරඹන්න…

නිශාන්ත දර්ශන කියන්නේ කවුද?

මට වයස අවුරුදු 46 ක්. මම ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් හා සාන්ත සර්වේශස් විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබුවා. උසස් අධ්‍යාපනයෙන් පස්සේ මම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ බුද්ධි අංශයේ ටික කලක් වැඩ කටයුතු කළා. අද වනවිට මම සියලු ජාතින්ගේ සමගි සංවිධානයේ සභාපති ලෙසත්, එක්සත් ජාතින්ගේ සංගමයේ සභාපති ලෙසත් ,සමස්ත ලංකා එකමුතු මව්බිම සේවා බලකායේ උපදේශකවරයෙක් විදියටත් කටයුතු කරනවා.ඒත් මාව බොහෝ දෙනා දන්නේ ගීත රචකයෙක් විදියට.

නිශාන්ත ගීත රචකයෙක් වුණේ කොහොමද?

මම 1995 දී තමයි ගීත රචනය ආරම්භ කළේ. මම ඒලේවල් කරාට පස්සේ සාහිත්‍ය තරඟවලට ගියා. තරඟවලදී පෙන්නපු දක්ෂතා නිසා මට නිසදැස්, කවි, කතා ලියන්න ගමේ අයගෙන් ඉල්ලීම් ආවා. එහෙම කවි කතා ලියද්දී තමයි හිතුණෙ පදරචනය කරන්න ඕන කියල.

මුලින්ම ජනප්‍රිය ගීතවල තනුවලට පදරචනයන් කරල බැලුවා. ඒ ගීතවලට හොඳ ප්‍රතිචාර ලැබුණා.පරණ තනුවලටම ලියන්නෙ නැතිව අලුත් ගීත ලියන්න කියල ඒ ප්‍රතිචාර අතරෙ තිබුණා. ඒ නිසා මම මගේම පදරචනයන් කරන්න පටන් ගත්තා. එහෙම ලියන්න අරන් අද වෙනකොට ගීත පනස්පහක් විතර ලියල තියෙනව. ඒ ගීතවලින් 14 විතර සමාජගත වෙලා තියෙනවා.

නිශාන්තගේ ගීතවලින් ජනප්‍රියම වුණ ගීත මොනවද?

මේ ගීතවලින් චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි ගායනා කරන ලස්සන හිම හංසියේ ගීතය, රණවිරු චරිත් කුලතිලක ගායන කරන සඳහිරු සෑ ගීතය, ජාතික රූපවාහිනියේ විකාශනය වුණ මිහින්තලාවේ පියුම් පිපී සැලුනා යන ගීතයන් ජනතාව අතර ප්‍රසිද්ධ වුණා.

නිශාන්තගේ ගීතවල බෞද්ධ ආරයක් තියෙනවා.බෞද්ධයෙක් නිසාද ඒ ආරෙට ගීත ලියන්නේ?

නැහැ.මම බෞද්ධ ගීත වැඩි ප්‍රමාණයක් ලිව්වට මගේ ආගම ක්‍රිස්තියානි.

ඉස්සරහට තවත් ගීත එළිදක්වන්න බලාපොරොත්තුවෙන්ද ඉන්නේ?

ඔව්’. මම චන්ද්‍රමඩුල්ලෙන් නමින් අලුත් ගීතයක් එළිදක්වන්න ඉන්නේ.ජෝතිපාල යුගයේ ගීත ආරයන්ට සමානව ගීතයේ තනුව හදල තියෙන්නේ.

පද රචනයට අමතරව මොනවද කරන වැඩ කටයුතු?

මම සියලු ජාතින්ගේ සමගි සංවිධානයේ සභාපතිවරයා විදියට කටයුතු කරනවා. රටේ ජාතික සමගිය වෙනුවෙන් වැඩ කරන කෙනෙක්. පුළුවන් විදියට මම මිනිස්සුන්ට උදව් කරනවා.

උදාහරණයක් විදියට සංවිධානය හරහා පාසල් දරුවන්ට අවශ්‍ය උපකරණ, ගම්වැසියන්ට අවශ්‍ය වියලි ආහාර සලාකයන්, අබාධිත අයට කිහිලකරු, රෝදපුටු,අත්වාරු වගේ උපකරණ ලබා දෙනවා. මේ දේවල්වලට තවත් සංවිධාන බොහෝ ප්‍රමාණයක් මට උදව් කරනවා.

සමාජ සත්කාර මෙහෙවර නිසා සම්මාන පවා ලැබිල තියෙනව නේද?

ඔව්’.ඉන්දියාවේ අබ්දුල් කලාම් සම්මානය,මහත්මා ගාන්ධි සම්මානය වගේ සම්මානයන් ලැබිල තියෙන වා.ඒ වගේම මහා බ්‍රිතාන්‍යයෙන් king of truth නමින් නයිට් පදවියක් පවා පිරිනැමුණා.

ළගදී පද රචනය වෙනුවෙන් සම්මානයකට නිර්දේශ වුණා.ඒ ගැන කිව්වොත්.

Global Leadership summit (2024) නමින් ජාත්‍යන්තර සමුළුවක් අගෝස්තු 18 යාපනයේ උරුම්පිරයි හි කේ. ආර් ශාලාවේ පැවැත්වෙනවා. මේ සමුළුවට විවිධ දක්ෂතා සහිත පුද්ගලයන් තමන්ගේ කුසලතා ඉදිරිපත් කරනවා මම ජාත්‍යන්තර තලයට ගැළපෙන විදියට “අපි සාමයේ අරගලය අරඹමු“ නමින් ගීතයක් ඉදිරිපත් කරා.

ඒ ගීතය ජූරියේ විශේෂ ඇගයීමකට ලක් වුණා. ගීතයට සම්මනයක් ලැබේවිද කියල හරියටම කියන්න බැහැ. නමුත් ශ්‍රී ලාංකිකයෙක් විදියට මේ සමුළුවේ විශේෂ ඇගයීමක් සඳහා නිර්දේශ වීමත් මම ලබපු ලොකු ජයග්‍රහණයක් ලෙස සලකනවා.

ඉස්සරහට කරන්න ඉන්න ප්‍රසංගයන් ගැන කිව්වොත්?

ලබන මාසය ඇතුළත මම මගේ ගීත ඇතුළත් ප්‍රසංගයක් කරන්න ඉන්නේ. කොළඹ තැපැල් මූලාස්ථාන ශ්‍රවණාගාරයේදි අගෝස්තු 27 හවස 3.00 ට “ නිශාන්තයක ලියූ ගී“ නමින් ඒ ප්‍රසංගය පැවැත්වෙනවා. මේ විදියට මගේ ගීත ජනගත කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ ප්‍රසංගය කරන්නේ.

හරින්දි ලියනගේ
පවනි දිලේකා
✍️





 

TAGGED: නිශාන්ත දර්ශන, සාමයේ අරගලය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?