මේ දවස්වල අතිශය සාර්ථක ලෙස ලොව වටා ප්‍රදර්ශනය වන Deadpool and Wolverine චිත්‍රපටය මෙම සතිය අවසානයේ ඇමරිකානු ඩොලර් මිලියනය පසු කරලා තියෙනවා. චිත්‍රපටය මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 820 ක ආදායමක් ලබාගන ඇති අතර R-Rated චිත්‍රපටයක් ඇමරිකාවේ ලද වැඩිම ආදායමට හිමි වාර්තාව Deadpool and Wolverine සතු කරගන තියෙනවා.විත්‍රපටිය පටන් ගද්දිම අපිට පෙන්නන්නෙ Deadpool හිම ගොඩක ඇවිදන් යනවා.
Deadpool යන්නෙ වොල්වරින් මැරුණු තැනට. වොල්වරින් කියන්නෙ හීලින් පවර් තියෙන කෙනෙක්නේ.Deadpool හිතන්නෙ වොල්වරින් ලේසියෙන් මැරෙන්න විදිහක් නෑ කියලා. ඉතින් මෙයා වොල්වරින් වලදාපු තැන හාරන්න ගන්නවා. කොච්චර බලාපොරොත්තුවකින් හෑරුවත් අන්තිමට මෙයාට හම්බෙන්නෙ වොල්වරින්ගෙ ඇටසැකිල්ල විතරයි.
වොල්වරින් කියන්නෙ ලොහවලින්ම හැදුනු කෙනෙක් නෙ. ඉතින් මෙයාටත් අවසානයෙ හම්බෙන්නෙ වොල්වරින්ගේ ඒ ලෝහ ඇටකටු. මෙයාට කොච්චර දුකද කිව්වොත් මෙයා එතනින් වාඩිවෙලා ඇටසැකිල්ල එක්ක කතා කර කර ඉන්නවා.
මෙන්න මේ වෙලාවෙදී Deadpool මරන්න කලු ඇදගත්තු කණ්ඩායමක් එනවා. මැරුණු වොල්වරින් ආයේ එන්නෙ කොහොමද. කලු ඇදගත්ත අය කවුද වොල්වරිනුයි Deadpool හොඳම යාලුවොද කියලා ඔයාම බලන එක තමයි හොද.
මේ තුන්වන Deadpool චිත්‍රපටයේ නිර්මාණ කටයුතු සිදුකරන්නේ 2016 නොවැම්බර්. 20th Century Fox විසින් ආරම්භ කලත් 2019 මාර්තු මාසයේදී 20th Century Fox ඩිස්නි විසින් අත්පත් කර ගන්නවා. මේ හේතුව නිසා මෙම චිත්‍රපටය අත් හිටවනවා. Deadpool චරිතයේ පාලනය Marvel Studios වෙත මාරු කරන අතර එය Reynolds සමඟ නව චිත්‍රපටයක් නිර්මාණ කිරීම ආරම්භ කරනවා.
මේ සමඟින් මෙම චිත්‍රපටය MCU සමඟ Deadpool ඒකාබද්ධ කිරීම සිදු කරනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Shawn Levy විසින් වන අතර Ryan Reynolds සහ Hugh Jackman පිළිවෙලින් Deadpool සහ Wolverine ලෙස ප්‍රධාන චරිත නිරූපණය කරන අතර Emma Corrin Morena Baccarin ” Rob Delaney” Leslie Uggam” Karan Soni සහ Matthew Macfadyen සමඟින් රඟපානවා.
නිපුනි සම්මානි ✍️