නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බල ඇත්තු දණ ගැස්සු තනි කෙනෙර අතපත්තු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බල ඇත්තු දණ ගැස්සු තනි කෙනෙර අතපත්තු

Published August 5, 2024

මේ දවස්වල අපේ රටේ කාලීන මාතෘකාව ‘ක්‍රිකට්’. ලංකාව ලෝකය අඳුරගත්තෙ ක්‍රිකට් නිසා. අරවින්ද, ජයසූරිය, මුරලි, අර්ජුනලා නිසා. ක්‍රිකට්වලින් ලෝකෙ ඉහළම තැනක තිබුණ රටේ මිනිස්සුන්ට ක්‍රිකට් උන්මාදයක් වුණා. නොබලන මිනිස්සුත් ක්‍රිකට් බලන්න පටන්ගත්තා. නමුත් කාලෙකට උඩදි අපි ඒ රසවිඳපු ක්‍රිකට් සූදුකාරයින් අතට පත්වීමත් එක්ක ක්‍රිකට් ගොඩගන්න බැරි තැනක වැළලුණා. නමුත් දිගින් දිගටම පරදුණත් මිනිස්සු ක්‍රිකට් බැලුවා. ඒ අතරෙ සමහර ‘ක්‍රිකට් පිස්සො’ ක්‍රිකට් ගැන ආසාව සම්පූර්ණයෙන්ම අත්හැරියා. නමුත් ක්‍රිකට් ගැන අලුත් බලාපොරොත්තුවේ මල් පලගැන්නුවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම. පිරිමි කණ්ඩායම ‘ලොන්ත ක්‍රිකට්’ විදිහට හංවඩු ගැහෙද්දි ‘සිංහ ධේනුවෝ’ විදිහට දැන් ජනතා කිරුළු පළඳින්නේ අපේ කෙල්ලෝ. ඒ පළවෙනි වතාවට ආසියානු කුලසනායක් දිනාගන්න පහුගිය 28 දා ඔවුන් සමත් වුණ නිසයි. අවසන් තරගයෙන් අනතුරුව කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සහ අවසන් තරගයේ වීරයා වූ හර්ෂිතා සමරවික්‍රම මාධ්‍යයට මෙසේ අදහස් දැක්වුවා…

චමරි, පළමු වතාවට දිනාගත්ත ආසියානු කුසලානයේ සතුට වචන කරමු…

මට ගොඩක් සතුටුයි මගේ ටීම් එකේ කෙල්ලෝ ටික ගැන. ඒ වගේම මට හරි ආඩම්බරයි. මොකද මේ කුසලානය ගන්න එයාලා ගොඩක් මහන්සි වුණා. පසුගිය අවුරුදු කිහිපය තුළ මේ තැනට එන්න අපි හැමෝම ගොඩක් දේවල් කැප කළා. ඉතින් අවසානයේ අපි ආසියානු කුසලානය දිනුවා.

අවසන් තරගය ඉවර කරපු හර්ෂිතා සහ දිල්හාරි ගැන මොනවද කියන්න තියෙන්නේ?

හර්ෂිතා, දිල්හාරි, විශ්මි වගේම හැමෝම හොඳට සෙල්ලම් කළා. මම බලාපොරොත්තු වෙනවා ඔවුන් සියලු දෙනාම ඉස්සරහට තියෙන තරගවලදිත් හොඳට සෙල්ලම් කරයි කියලා. මම හිතනවා දැන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තියෙන්නේ ආරක්ෂිත දෑතක.

ලකුණු 61න් අවුට් වෙලා යද්දි ටීම් එක තරගෙ හොඳින් ඉවර කරයි කියන විශ්වාසය තිබුණද?

අනිවාර්යයෙන්ම. මට ඕනෙ වුණේ පුළුවන් ඉක්මණින් ලකුණු රැස් කරගන්න. මොකද මම දන්නවා මං ලොකු ලකුණු ප්‍රමාණයක් රැස් කරලා දුන්නොත් ඉතුරු ටික ඇදගෙන යන්න එයාලට පුළුවන් කියලා. අවාසනාවට මට 61න් අවුට් වෙන්න සිද්ධ වුණා. නමුත් අවසානයේ මගේ කෙල්ලෝ තරඟය දිනෙව්වා.


ශ්‍රී ලංකා ටීම් එක පළමුව පන්දු රකිද්දි ඉන්දියානු ක්‍රීඩිකාවන්ගේ පන්දු කිහිපයක් රැකගන්න අසමත් වුණා. ඒ ගැන සාකච්ඡා කරලද නැවතත් පන්දුවට පහර දෙන පිටියට ආවේ?

අපි කවදාවත් තරගය අතරතුර අපේ සෘණාත්මක දේවල් ගැන කතා කරන්නේ නෑ. අතහැරුණු පන්දු ගැන කවුරුත් කතා කළේ නෑ. අපිට ඊළඟට තිබුණේ බැට් කරන්න. ඉතින් අපි කතා කළේ බැටින් ගැන විතරයි.

ඊළඟ වතාවෙත් කාන්තා කණ්ඩායමට නායකත්වය දීලා කප් එකක් ගේන්න චමරිට බලාපොරොත්තුවක් තියෙනවද?

ඔව්. මම බලාපොරොත්තු වෙනවා අපේ මේ හැකියාවන් T20 world Cup එකේ වගේම ඊළඟ ආසියානු කුසලානය දක්වාම පෙන්නන්න. ඒ වෙනුවෙන් අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒ වගේම දැනට පවතින හැකියාවන් තව වැඩිදියුණු කරගන්නත් ඕනේ.

ඉදිරියේදි පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලානය වෙනුවෙන් මොන වගේ විශ්වාසයක්ද මේ වෙද්දි ගොඩනැගිල තියෙන්නේ?

පහුගිය අවුරුද්දම අපි හොඳට ක්‍රිකට් සෙල්ලම් කළා. ලෝකේ හොඳම ටීම්ස් වන වෙස්ට් ඉන්ඩීස්, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්ත සියලුම කාන්තා කණ්ඩායම් පරාජය කළා. දැනටමත් ලෝක කුසලාන තරගාවලියට අපි සුදුසුකම් ලබලා ඉවරයි. හැම තරඟයක්ම අලුත්ම තරගයක්. ඊළඟට ලෑස්ති වෙන්නේ ලෝක කුසලානයට.

ඊළඟට කතා කළේ මේ වෙද්දි ලංකාවේ ක්‍රිකට් ක්‍රෂ් එකක් වෙලා ඉන්න හර්ෂිතා සමරවික්‍රම

හර්ෂිතා අපිට මුලින්ම කියන්නකො අවසන් තරගයේ ඔබ සහ චමරි අතර තිබුණ පාට්නර්ශිප් එක ගැන…

මම විකට් එකට යද්දි චමරි අක්කා හිටපු නිසා මට ලොකු පීඩනයක් තිබ්බෙ නෑ. ඒ නිසා සාමාන්‍යයෙන් මම සෙල්ලම් කරන විදිහටමයි ෆයිනල් එකේදිත් සෙල්ලම් කළේ.

චමරි අවුට් වුණාට පස්සේ චමරිගෙ කර්තව්‍ය ඔයාට කරන්න වෙයි කියලා බයක් දැනුණද?

දිල්හාරි විකට් එකට ආවට පස්සේ මට ලොකු සහයෝගයක් දුන්නා. ඒ නිසා චමරි අක්කගෙ රෝල් එක මම අරගෙන බවුන්ඩ්‍රීස් බලලා දිගටම ලකුණු රැස් කළා.

ඉන්දියානු කණ්ඩායමේ පන්දු දෙකක් හර්ෂිතා අතින් ගිලිහුණා.ඒ දේ කොහොමද කළමනාකරණය කරගත්තේ?

ඉන්දියාව බෝල් කරලා ඉවර වෙලා අපි ඩ්‍රෙසින් රූම් එකට ආවම අපේ හෙඩ් කෝච් රුමේශ් රත්නායක මට ලොකු විශ්වාසයක් ගොඩනගල දුන්නා බය නැතුව බැටින් ෆෝකස් කරලා සෙල්ලම් කරන්න.

මම කොහොමත් හිතන් හිටියෙ මගෙ අතින් විකට් දෙකකුත් මිස් වුණ නිසා ඉන්දියාව කොච්චර ලකුණු රැස් කළත් කොහොම හරි මම ලීඩ් එක අල්ලනවා කියලා.

අවසන් තරගයේ දැකපු විශේෂම දෙයක් තමයි ලකුණු 2 කඩුලු අතරේ දිවයාම. බය නැතුව කොහොමද එහෙම ලකුණු දෙක දිව්වේ?

ඒ වෙලාවේ බවුන්ඩ්‍රීස් ගහන ගමන් සිංගල් දුවන්න සිද්ධ වුණ වෙලාවක්. ඒ නිසා මං බය නැතුව දෙකක් දිව්වා.

ඉතින් හර්ෂිතා අවසන් තරගයේ වීරයා වෙලා කොහොමද දැනෙන සතුට?

ඇත්තටම සතුටුයි. අපි මේ ආසියානු කුසලානය දිනාගත්තේ පළමු වතාවට. මේ වෙනුවෙන් මට උදව් කරපු මගේ පවුලෙ අයට වගේම අපිට චියර් කරන්න දඹුල්ල ක්‍රීඩාංගනයට ආපු හැම කෙනෙක්ටම ස්තූතියි. මම මෙච්චර ලොකු ප්‍රේක්ෂකාගාරයක් මැද සෙල්ලම් කරපු පළවෙනි වතාව.

මේ ලිපිය බියන්කා කුමාරසිරි විසින් මුහුණුපොතට එකතු කළ කවියකින් අවසන් කරන්නේ චමරිව වර්ණනා කර ලියැවුණු මෙතරම් සෞන්දර්යාත්මක සටහනක් මා නොදුටු නිසයි.

දළ ඇත්තු නොවු පුත්තු
තනි අතින් රැකගත්තු
බලවත්තු ඉඳගත්තු
මහ පුටුද දැනගත්තු
මනුසත්තු හද පත්තු

සැණකෙලිය සිරි ගත්තු
බල ඇත්තු දණ ගැස්සු
තනි කෙනෙර අතපත්තු


එරංදි කෞශල්‍යා ✍️



 

TAGGED: චමරි අතපත්තු, සිංහ ධේනුවෝ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?