ව්‍යාජ ලෙස හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර, උප්පැන්න සහතික, රියැදුරු බලපත්‍ර, ඔප්පු, අන්තිම කැමති පත්‍ර, ග්‍රාම නිලධාරී සහතික ආදී ව්‍යාජ ලේඛන, ව්‍යාජ නිල මුද්‍රා යනාදිය සැකසීම, භාවිත කිරීම, සන්තකයේ තබා ගැනීම ශ්‍රී ලංකාව තුළ අපරාධමය වරදක් ලෙස සැලකේ. එනම්, රාජ්‍යයට එරෙහිව සිදුකරනු ලබන වැරදී වේ. ව්‍යාජ ලේඛන සැකසීම ඉතා පහසු වුව ද දඬුවම පහසු හෝ සරල නොවේ.
ව්‍යාජ ලේඛන/සාවද්‍ය ලේඛන හෙවත් කූට ලේඛන යනු මොනවාද?
සරලව ම සාවද්‍ය ලේඛනයක් යනු, අසත්‍ය ලේඛනයක් ලෙස අරුත් ගැන්විය හැකිය. එනම් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් හෝ කොටස් වශයෙන් හෝ ප්‍රතිනිර්මාණය කරනු ලබන ඕනෑම අසත්‍ය ලේඛනයක් ව්‍යාජ ලේඛනයක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙය තවත් පුළුල් ලෙස පැහැදිලි කරන්නේ නම්, අසත්‍ය තොරතුරක් අන්තර්ගත කරමින් හෝ වෙනත් අයෙකු ලෙස පෙනීසිටිමින් හෝ ව්‍යාජ අත්සන්/ මුද්‍රා/ ලාංඡන භාවිත කරමින් සකස් කරන ලද ලේඛනයක් ව්යාජලේඛනයක් ලෙස හැඳින්විය හැකිය.
ව්‍යාජ ලේඛන සකස් කිරීම ශ්‍රී ලංකාව තුළ වරදක්ද?
ඔව්. ව්‍යාජ ලේඛන සකස් කිරීම යනු, අපරාධමය වරදකි. එය දණ්ඩ නීති සංග්‍රහයේ 452 සිට478 වගන්ති තෙක් විග්රහ කර ඇති අතර 452 සිට 461 වගන්තීන් මෙහිලා වැදගත් ලෙස දැක්විය හැකිය.
නීතිය ප්‍රකාරව ව්‍යාජ ලේඛනයක් සැකසීම යනු කුමක්ද?
දණ්ඩ නීති සංග්‍රහයේ 452 වගන්තිය ප්‍රකාරව තවත් අයෙකු රැවටීමේ චේතනාවෙන් සකස් කරනලද ඕනම ලියවිල්ලක් හෝ ලියවිල්ලකින් කොටසක් ව්‍යාජ ලේඛනයක් ලෙස අර්ථ ගන්වා ඇත.
නීතිය ප්‍රකාරව ව්‍යාජ ලේඛනයක් සැකසීම පැහැදිලි කළ හැකි වන්නේ කෙසේද?
යම් ලේඛනයක් සාදන ලද්දේ හෝ අත්සන් කරන ලද්දේ හෝ මුද්‍රා තබන ලද්දේ අදාළ බලයලත් පුද්ගලයා නොවන බව දනිමින් එම පුද්ගලයා ම අත්සන් කළා යැයි ඒත්තු ගැන්වීම පිණිස සකස්කරනු ලබන ලේඛන.හෝ අන් තැනැත්තෙක් විසින් ලියා සහතික කළ අත්සන් කරන ලද ලේඛනයක් හෝ ඉන් කොටසක් අදාළ පුද්ගලයා මියගොස් සිටියදී හෝ ජීවත්ව සිටියදී හෝ බලයක් නොමැතිව චේතනාන්විතව වෙනස් කරනු ලබන ලේඛන. හෝ මත් වී සිටින හෝ සිහි විකල්ව සිටින හෝ තමා අත්සන් කරන්නේ කුමන ලේඛනයක් දැයි නොදැන අත්සන් හෝ නිලමුද්‍රාව වංක ලෙස ලබාගෙන සකස් කරනු ලබන ලේඛන යන සියලු ක්‍රියාවන් කූඨ ලේඛන සෑදීමේ වරදට අයත්වේ.
ව්‍යාජ ලේඛන සැකසීම සඳහා දඬුවම් පවතීද?
ඔව්. දණ්ඩ නීති සංග්‍රහයේ 454 වන වගන්තිය ප්‍රකාරව ව්‍යාජ ලේඛන සාදන්නෙකුට වසර 5 ක්ද, 457 වන වගන්තිය ප්‍රකාරව වංචනික කාර්යයක් සඳහා ව්‍යාජ ලේඛන සාදන්නෙකුට වසර 7ක්ද, 459 වන වගන්තිය ප්‍රකාරව ව්‍යාජ ලේඛන, මුද්‍රා හෝ ලාංඡන භාවිත කරමින් හෝ තමන් සන්තකයේ තබාගෙන සිටින්නන් හට වසර 10 ක් ද, 461 වන වගන්තිය ප්‍රකාරව ව්‍යාජ ලේඛන සෑදීම සඳහා අවශ්‍ය කරන ලේඛන, මුද්‍රා හෝ වෙනත් උපකරණ සාදන තැනැත්තෙකුට හෝ ඒවා සන්තකයේ තබාගන්නා තැනැත්තෙකුට වසර 7ක්ද, ව්‍යාජ ලේඛන සකසා ඒ අනුව වෙනත් අයෙකුලෙස පෙනී සිටීම වෙනුවෙන් වසර 3ක් දක්වා ද සිර දඬුවමකට හෝ දඩ මුදලකට හෝ දෙයාකාරයෙන්ම හෝ දඬුවම් ලබාදීමට හැකිය.
ව්‍යාජ ලේඛන සකස් කිරීම යනු ඇප ලබාදිය හැකි වරදක්ද?
ව්‍යාජ ලේඛන සැකසීම හා/ හෝ ව්‍යාජ ලේඛනයක් බව දනිමින් වංචනිකව භාවිත කිරීම ඇපලබා නොදිය හැකි වරදක් වේ.
ව්‍යාජ ලේඛන/ මුද්‍රා සන්තකයේ තබාගත් කෙනෙක්අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍යමද?
නැත. මෙය වරෙන්තුවක් රහිතව අත්අඩංගුවට ගතහැකි අපරාධමය වරදකි.
ව්‍යාජ මුදල් නෝට්ටු සැකසීම නැතහොත් හොර සල්ලි අච්චු ගැසීම පිළිබඳව වන නීතී තත්ත්වය කෙසේද?
ලේඛන සම්බන්ද සුවිශේෂ අපරාධ වැරද්දක් ලෙස ව්‍යාජ මුදල් නෝට්ටු සැකසීම හැඳින් විය හැකිය. මේ සඳහා වන දඬුවම දක්වා ඇත්තේ දණ්ඩ නීතී සංග්‍රහයේ 478 වගන්තිය මඟිනි’ මේ අනුව ව්‍යාහාරික මුදල් ව්‍යාජ ලෙස සැකසීමට වසර විස්සක් දක්වා වූ සිර දඬුවමක් මෙන්ම සිර දඬුවම හා දඩ මුදලක් යන දෙයාකාරයකම දණ්ඩනයකට යටත් වීමට සිදුවිය හැකි වරදකි. මෙහිදී මුදල් නෝට්ටු යන්නට ශ්‍රී ලංකාවේ මුදල් මෙන්ම විදේශීය මුදල් නෝට්ටුද අයත් වේ.
මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සෑදීම මෙන්ම භාවිතා කිරීමද අපරාධ වරදක්ද?
ඔව්, ඒ සඳහාද ඉහත දක්වා ඇති දඬුවමට සමාන දඬුවමක් හිමිවිය යුතු බව ( වසර විස්සක්දක්වා සිර දඬුවම හා මුදල් දඩයක්) දණ්ඩ නීති සංග්‍රහයේ 478 (ආ) වගන්තිය මඟින් දක්වා ඇත.නමුත් එහිදී එම වරද සංයුක්ත වීමට නම් ව්‍යාජ ලෙස සාදා ඇති බව දනිමින් හෝ ඒ බව ( ව්‍යාජ මුදල් බව) විශ්වාස කිරීමට කරුණු තිබියදී භාවිතා කර තිබිය යුතුවේ.
ව්‍යාජ මුදල් භාවිතය ලෙසින් හැඳින්විය හැකි ක්‍රියාවන් මොනවාද?
වෙනත් අයෙකුට ව්‍යාජ මුදල් විකීණීම, වෙනත් තැනැත්තෙකුගෙන් ව්‍යාජ මුදල් මිල දී ගැනීම මෙන්ම සත්‍ය මුදල් ලෙස හුවා දක්වමින් ගණුදෙනු සිදු කිරීම යන ක්‍රියාවන් ව්‍යාජ මුදල් භාවිතය ලෙසින් හැඳින් විය හැකිය. එමෙන්ම ගණුදෙනු සඳහා භාවිත නොකළත් යම් අයෙකුගේ සන්තකයේ නැතහොත් ස්වාමීත්වයේ ව්‍යාජ ලෙස සැකසූ මුදල් බව දනිමින් තබා ගැනීම අපරාධ වරදක් බවත් එයට වසර විස්සක් දක්වා කාලයකට සිර දඬුවමක් හෝ දඩයක් හෝ දෙයාකාරයටම දණ්ඩනයක් හිමිවිය යුතු බව දණ්ඩ නීති සංග්රහයී 478(ඇ) වගන්තිය මඟින් දක්වා ඇත.මෙම ඉහත දක්වා ඇති කරුණු සලකා බැලීමේදී අපට සාක්ෂාත් වන්නේ ව්‍යාජ ලේඛන නැතහොත් කූඨ ලේඛන යනු සරල දෙයක් නොව යනු බරපතල අපරාධ වරදක් බවයි.
නීතිඥ නවෝද්‍යා ගමගේ
navodyaagamage@gmail.com