නාගරික පරිසරයක කුඩා බිම් කොටස්වල ( 6, 7, 8, පර්චස් ) නිවාස නිර්මාණය කිරීමේදී මෙම ඉඩම්වල පටු බව නිසා මායිම් බිත්ති සමග නිවස නිර්මාණය කිරීමට සිදුවේ. ඒ අනුව නිවසට අවශ්‍ය ආලෝකය හා වාතාශ්‍රය ලබා ගැනීමේ අරමුණින් මැද මිදුල් යන සංකල්පයෙන් Courtyard නිවස තුළ නිර්මාණය කිරීම සිදුවේ. නිවසේ ආලින්දය, කෑම කාමරය සඳහා විවෘත වන Courtyard මෙන්ම, නිදන කාමර, Bath room වැනි ස්ථාන සඳහාද අලංකාරය මෙන්ම, ආලෝකය හා වාතාශ්‍රය ලබා ගැනීම සඳහා Courtyard නිර්මාණය කිරීම සිදුවේ. මෙහිදී නිවැරදි ආකාරයට සැලසුමක් සහිතව Courtyard එකක් නිර්මාණය කිරීම මගින් ගත හැකි උපරිම ප්‍රයෝජනය නිවසට ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත. නිවසක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ දී වුවද මේ ආකාරයට Courtyard එකක් එක් කර ගැනීම මගින් නිවසට විශාල වෙනසක් ඇතිකර ගැනීමට ඔබට හැකියාව ඇත.
Courtyard එකකින් ඇති ප්‍රයෝජන…
- කුඩා ඉඩක ඉදිවන නිවසක් වුවද ඒ සඳහා ස්වාභාවික ආලෝකය හා වාතාශ්‍රය ලබා ගැනීම සඳහා වඩාත් ප්‍රායෝගික ක්‍රමයක් වේ.
- නිවසේ ඇති ඉඩකඩ ප්‍රමාණය විශාල කර පෙන්වීමට මෙමගින් හැකියාවක් ලැබේ.
- කාර්යබහුල විඩාබර ජීවන රටාවෙන් මිදී නිවස තුළ ස්වභාවික ශාක සහිත වටපිටාවක් නිර්මාණය කර ගැනීමට. Indoor grand එකක් ලෙස යොදා ගන්නත් ඔබට පුළුවන්.
- නාගරික පරිසරය තුළ ඇති අධික උෂ්ණත්වය නිවස තුළ අවම කර ගැනීමට.
- නිවසට සොඳුරු අලංකාරයක් ගෙන ඒම මෙන්ම එම ස්ථානය ඉතා ආකර්ෂණීය බවක් ඇති කර ගැනීමට හැකිවීම.
Courtyard නිවැරදිව ස්ථානගත කිරීම…
කුඩා ඉඩමක ඔබ නිවසක් නිර්මාණය කරනවා නම් ඒ සඳහා යොදා ගන්නා මායිම් බිත්තියට Courtyard එක යොදා ගැනීම වඩාත් උචිත වේ. එනම් එම පැත්තෙන් මායිම් බිත්තිය ඇති නිසා නිවසට අවශ්‍ය ආලෝකය හා වාතාශ්‍රය ගැනීමට වෙනත් ආකාරයක් නොමැති බැවින්.සාලය හා කෑම කාමරයට විවෘත වන ආකාරයට Courtyard එක ස්ථානාගත වන්නේ නම් එමගින් අවකාශයේ ගුණාත්මක බව වැඩි කර ගැනීමට හා විශාලත්වය වැඩි කර ගැනීමට ඔබට හැකියාව ඇත.
පියගැට පෙළට නිරාවර්ණය වන පරිදි Courtyard එක ස්ථානාගත වන්නේ නම් පියගැට පෙළ නගින අවස්ථාවේදීද විවිධ උස් මට්ටම්වලදී විවිධ දුෂ්‍ය කෝණවලින් වඩාත් අලංකාරව දැක ගැනීමට හැකිවනු ඇත. එමෙන්ම තට්ටු නිවාසවලදී තට්ටු දෙක අතර අවකාශය පියගැටපෙලින් සම්බන්ධ වනවා මෙන්ම Courtyard එක ද, එම අවකාශ දෙකෙහිදීම දැක ගැනීමට හැකි වේ.
මායිම් බිත්තිය ඇති අවස්ථාවකදී ඔබට වාතාශ්‍රය හා ආලෝකයේ අඩු නිදන කාමර, නාන කාමර, මුළුතැන්ගේ වැනි ස්ථාන තිබේ නම් එම ස්ථානවලටද ආලෝකය ලැබෙන පරිදි නිවසට උපරිම අලංකාරයක් ගෙන එන ආකාරයට Courtyard එක නිර්මාණය කරගන්න අපිට පුළුවන්.
Courtyard හි ප්‍රමාණය…
මෙහිදී ප්‍රමාණය ගැන සැලකිලිමත් වීමෙදී නිවසට අවශ්‍ය ආලෝකය හා වාතාශ්‍රය ප්‍රමාණය මත තීරණය කළ යුතුවේ. කුඩා ඉඩම්වලදී අවශ්‍ය වන අවම නීතිමය ප්‍රමාණය ( 2021 ගොඩනැගිලි රෙගුලාසි පනතට අනුව) පමණක් යොදා ගනිමින් වුවද Courtyard එක අලංකාරව නිර්මාණය කර ගැනීමට අපට හැකි වේ. ඉඩකඩ ඇති අවස්ථාවකදී ඔබගේ සිතැඟි පරිදි වුවද විශාල අවකාශයක් ඒ සඳහා යොදා ගැනීමට අවස්ථාව හිමි වේ.
වර්ෂාවෙන් තෙමෙන ප්‍රමාණය පාලනය කිරීම…
වැස්ස සහිත අවස්ථාවකදී තෙමෙන ආකාරයට Courtyard එක නිර්මාණය කර ගැනීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වයි. එයට හේතුව වන්නේ ස්වාභාවික ගතිය නිවස තුළට ලැබීමයි. නමුත් එවැනි අවස්ථාවකදී නිවස ඇතුලට හිරිකඩ හෝ තෙතමනය විසි වීම වැනි දේ සිදු වන්න පුළුවන්. එම නිසාම Courtyard නිර්මාණය කිරීමේදී මෙම තත්ත්වය පාලනය කිරීමට වග බලාගත යුතුයි.
සම්පූර්ණයෙන් තෙමෙන Courtyard එක විශාල වීදුරු සහිත විවෘත කළ හැකි රාමුවක් සහිතව නිවසින් වෙන් වෙන පරිදි නිර්මාණය කිරීම මගින් වැසි අවස්ථාවකදී නිවස ආවරණය කිරීමටද, අවශ්‍ය විට වීදුරු රාමුව විවෘත කිරීම වගේම Courtyard එක සම්පූර්ණයෙන් නිවසට නිරාවරණය කිරීමටද ඔබට පුළුවන්. එහිදී නවීන නිවසක් නම් Fixed glass හෝ Aluminum frame වලින් යුක්ත French windows, Sliding windows,Folding windows යොදා ගන්න ඔබට පුළුවන්.
යම්තාක් පැරණි නිවාසයක් නම් ඒ සඳහා timber Sliding windows යොදා ගන්න ඔබට පුළුවන්. එය ඔබේ නිවසේ ඇති අභ්‍යන්තර අලංකරණ සංකල්පය සමග නිවැරදිව මුසුකර ගතයුතුවේ.තෙමෙන ආකාරයෙන් නිර්මාණය වන Courtyard එකක එකතුවන ජලය බැස යාම ගැන ඔබ වඩාත් සැලකිල්ලක් දැක්විය යුතු වේ. ඒ සදහා නිවැරදි ආකාරයට ජල බස්නා නල සවිකිරීමට වග බලා ගන්න.
Courtyard ඒක නිවැරදිව නිර්මාණය කර ගැනීම…
Courtyard නිර්මාණය කිරීමේදී ඔබගේ නිවසේ අභ්‍යන්තර ගෘහ නිර්මාණ සංකල්පයට අනුව නිර්මාණය වීම සිදුවිය යුතුය. එසේ නොවන අවස්ථාවකදී ඔබේ රුචිකත්වය අනුවද නිර්මාණය කර ගැනීමට ඔබට හැකියාව ඇත. ඒ අනුව ඊස්තටික් වැලිව් එක වැඩි වන ආකාරයට Courtyard එක නිර්මාණ කර ගැනීමට පුළුවන්. බිත්තියකට කළු ගල් හෝ වෙනත් ගල් විශේෂයක් ඇල්ලීමටද, කැපී පෙනෙන තද වර්ණයක් භාවිත කිරීමටද Cut cement හෝ ටයිටේනිය නිමාවක් ලබාදීමටද ඔබට පුළුවන්.
කෘතිම ආලෝකය…
දවල් කාලය තුළදී ස්වභාවික ආලෝකය මගින් නිවසට වැඩි අලංකාරයක් ලබාදෙන Courtyard එක රාත්‍රී කාලයේදීද නිවසට අලංකාරයක් ගෙනෙන පරිදි නිර්මාණය කර ගැනීම වඩාත් වැදගත්. ඒ සඳහා නිවැරදි ආකාරයට විදුලි බුබුළු භාවිත කිරීම ඔබ විසින් අනිවාර්යයෙන් සිදුකළ යුතුවේ. එහිදී අවශ්‍ය ස්ථාන කැපී පෙනෙන පරිදි ආලෝකය යොදා ගැනීමද ගස්වල සෙවනැලි මගෙන් බිත්ති තුළ විවිධ රටා ඇතිවන පරිදි ඔබට මෙම කෘතිම ආලෝකය වඩාත් විචිත්‍රවත් ලෙස භාවිත කිරීමට පුළුවන්.
ඒකාකාරී ආලෝකයකින් තොරව හැඟීම් දනවන ලෙස විවිධ මට්ටම් හා පරාසවලින් ආලෝකය ලබාදීම මගින් Courtyard එක නිවස තුළ වඩාත් කැපී පෙනෙන අවකාශයක් කර ගැනීමට පුළුවනි.නිවසේ කුඩා ඉඩක් වන Courtyard එක වඩාත් ප්‍රායෝගිකව හා නිර්මාණශීලී ලෙස නිවසේ ගුණාත්මක බව වැඩි කිරීම සඳහා යොදා ගැනීම ගැන මෙම ලිපිය තුළින් ඔබට යම් අදහසක් දෙන්න අපි හිතුවේ ඔබේ නිවසත් සුන්දර කරගන්න ඔබට අවස්ථාව දෙන්න.
ගොඩනැගිලි සැලසුම් තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign
අර්චිත ඉඳුවර ✍️