කාර්යබහුල ජීවන රටාවත් එක්ක අපි මානසික නිදහස ගැන බොහෝ සෙයින් සිතනවා. මේ නිසාම නිදහස උපරිමව විඳින්න තියෙන නිවස ඉතාමත් ආකර්ෂධෑය විදිහට තියාගන්න අපි හැමෝම කැමතියි. අද වෙනකොට නිවසක මින් මැදුරක් තිබීම මානසික නිදහසට වගේම නිවසට සුන්දරත්වය ගෙනෙන අලුත්ම ට්‍රෙන්ඩ් එකක් වෙලා. බොහෝදෙනා විනෝදාංශයක් විදිහටත් මින්මැදුරු නිර්මාණය කරන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි මින්මැදුරක ඇති කරන සුරතල් මසුන්ටත් අනෙක් ජීවීන්ට වගේම අවශ්යතාදීන් පවතිනවා. ආසාව නිසාම මින්මැදුරක් නිවස තුළ සකස් කරන්න පෙර මසුන්ගේ යහපැවැත්ම වගේම නඩත්තුව පිළිබඳව සැලකිලිමත් යුතු බව ඔබ දන්නවාද?
තෝරාගන්නා ටැංකියේ ප්‍රමාණය
සමහර අවස්ථාවලදී නිවසේ තිබෙන ඉඩකඩ සීමා සහිත වන නිසා බොහෝදෙනා කුඩා වීදුරු බඳුනක සුරතල් මසුන් කිහිපදෙනෙක් ඇති කරන ආකාරය බහුලව දැකගන්න පුළුවන්. නමුත් එය එතරම් හොඳ දෙයක් නම් නෙවෙයි. මසුන් නිතරම චලනය වන නිසා ඔවුන්ට නිදහසේ චලනය වෙන්න ඉඩකඩ තිබීම ඉතාමත් වැදගත්. ඔබත් මින් මැදුරක් සකස් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් මේ පිළිබඳව ඔබේ අවධානය ලබා දෙන්න.
ටැංකිය Cycle කරන්න…
නිවසක් තුළ මින්මැදුරක් සකස් කරනවිට මසුන් ස්වභාවික පරිසරයෙන් ඉවත් කරලා කෘතිම ජලජ පරිසරයකට යොමු කරනවා.මේ නිසා ඔවුන්ට අවශ්‍ය වාතාශ්‍රය අලුත් පරිසරය තුළ තිබීම අත්‍යවශයයි. නැත්නම් මසුන් මැරෙන්න පවා තියෙන අවදානම වැඩියි. ඔබ පළමු වතාවට මාළු ටැංකියක් නිවසේ සකස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මසුන් ටැංකියට දාන්න පෙර සතියක කාලයක්වත් ටැංකිය Cycle කරන්න. මේ හරහා ගොඩ නැගෙන නයිට්රජන් නිසා මසුන්ගේ සෞඛ්‍යයට වගේම දිගුකාලීන පැවැත්මටත් ලොකු බලපෑමක් කරනවා.
හොඳ ජල තත්ත්වයක් පවත්වා ගන්න…
මාළු ටැංකියක ජලයේ ගුණාත්මක බව ගැන අපි එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. හැබැයි ඒක මසුන් ඇති කිරීමේ දී සැලකිලිමත්විය යුතුම දෙයක්. ඔබත් සුරතල් මසුන් ඇති කරනවා නම් ඔවුන්ට වාසය කරන්න සුදුසු විදිහට ජලයේ PH අගය, ඇමෝනියා වගේම නයිට්රේට් තත්ත්වයන් තිබෙනවාද යන්න දිනපතා පරීක්ෂා කරන්න.මාළු ටැංකිය පිරිසිදුව තබාගන්න සෑම සතියකට වතාවක් 20%-30% ප්‍රමාණයක් ජලය අලුත් කරන්න වගබලා ගන්න.
ගැළපෙන Filter එකක් භාවිත කරන්න…
මාළු ටැංකියක තියෙන අංග අතරින් Filter එක අත්‍යවශ්‍යම අංගයක්. මාළු ටැංකිය තුළ පිරිසිදු බව ඇති කරගන්න මෙය බෙහෙවින් උපකාරී වෙනවා. ඔබ සෑම විටම Filter එකක් තෝරාගන්නා විට මාළු ටැංකියේ ප්‍රමාණය වගේම තෝරාගන්නා මාළු වර්ගය පිළිබඳව ද අවධානය ලබා දෙන්න. ඔබ මාළු ටැංකියට Filter එක දැම්ම පමණක් ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. Filter එක නිසියාකාරව ක්‍රියාත්මක වෙන විදිහට දිනපතා පිරිසිදුව කරන්න මතක තබා ගන්න
ගැළපෙන උෂ්ණත්වය සහ ආලෝකය පවත්වා ගන්න…
උෂ්ණත්වය වගේම ආලෝකය කියන්නේ මසුන්ගේ වර්ධනයට බලපාන ප්‍රධාන සාධක දෙකක්. ස්වභාවික පරිසරය තුළ මසුන්ට ගැලපෙන උෂ්ණත්වය සහ ආලෝකය ලැබුනත් නිවසක ඇති මාළු ටැංකියට ආලෝකය සහ උෂ්ණත්වය පිටතින් ලබා දෙන්න වෙනවා. මේ නිසා මසුන්ගේ වර්ධනයට අවශ්‍ය ස්ථාවර උෂ්ණත්වය පවත්වා ගන්න කාලගුණය අනුව ඔබට බ්ලෝවරයක් හෝ හීටරයක් භාවිත කරන්න පුළුවන්. මසුන්ගේ වර්ධනයට සාමාන්‍යයෙන් දිනකට පැය 8-12 ක ආලෝකයක් අවශ්‍ය වන නිසා ආලෝකය නිසියාකාරව ලබා ගන්න ස්වභාවිකව හිරු එළිය වැටෙන තැනක මාළු ටැංකිය තබන්න.
ගැළපෙන මාළු වර්ග තෝරාගන්න…
ඔබ මාළු ටැංකිය සඳහා මසුන් කිහිප වර්ගයක් දැමීමට බලාපොරොත්තු වෙනවද. එහෙනම් මසුන් මිලදී ගන්න පෙර මේ කියන කරුණු ගැන අවධානය ලබා දෙන්න. මසුන්ගේ වර්ගය, ඔවුන්ගේ ප්‍රමාණය වගේම වර්ධනය වීමේදී ඔවුන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව හොඳ අධ්‍යයනයකින් පසුව ඔබගේ මාළු ටැංකියට ගැළපෙන මාළු වර්ගය තෝරාගන්න කටයුතු කරන්න. ඒ නිසා ඔබේ නිවසේ සුන්දරත්වය ද තවදුරටත් වැඩිකර ගන්න පුළුවන්.
රෝග වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම…
මාළු ටැංකියක ආකර්ෂධෑය බව සඳහා ඔබ විවිධ වර්ගයේ මසුන් ටැංකියට දමන්න උත්සාහ කරනවා නේද? හැබැයි එක් මසුන් වර්ගයකට රෝගයක් තිබුණොත් එම රෝගය ටැංකියේ අනෙක් මසුන්ටද පැතිරෙන්න පුළුවන්. ඒනිසා අලුත් මසුන් ටැංකියට දාන්න පෙර ඔවුන්ගේ නිරෝගී බව සහතික කර ගන්න. ටැංකියේ සිටින මසුන් ද සතියකට වතාවක් හෝ පරීක්ෂා කරල ලප, වරල් කුණු වීම් ඇතිනම් ඔවුන්ට අවශ්‍ය බෙහෙත් කරන්න වගේම සුව වෙනතෙක් වෙනම ටැංකියක තබන්න.
මනෝ විද්‍යාත්මක යහපැවැත්මක් වගේම නිවසට සුන්දරත්වයක් ලබා දෙන මින්මැදුර ඔයාගෙ ආසාව නිසා හිතුමනාපෙට නිර්මාණය කරන්න එපා. හැමවෙලාවෙම හොඳ අවබෝධයක් ඇතිව මාළු ටැංකියක් ඔබේ නිවසට ඇතුළත් කරගෙන නිවසේ සුන්දරත්වය වැඩිකරගන්න කටයුතු කරන්න.
Time of India.com ඇසුරෙන්
දුම්ෂා විජේසිංහ ✍️